ජාතිවාදය
මෙරට තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධය හා කැරළි කෝලහාල හේතුවෙන් මෙරටට සෘජුව අහිමිවූ මුදල ඇ.ඩො බිලියන 200 ක් බව කියැවේ. එය මේ රටේ වර්ථමාන මුළු ණය මුදල මෙන් දෙගුණයකට වැඩිය. මෙරට ආර්ථික අර්බුධයට වංචාව, දූෂණය, අකාර්‍යක්ෂමතාව මෙන්ම මෙරට තිස් අවුරුද්දක් මුළුල්ලේ පැවති බෙදුම්වාදී යුද්ධයද ප්‍රධාන සාධකයකි. එය සැගවිය යුතු හෝ හැකි කරුනක් නොවේ.
එමන්ම මෙරට ආර්ථිකයට උතුරු නැගෙනහිර පලාත්වලින් ලැබිය යුතු 100% ක දායකත්වය නොලැබෙන බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය. උතුරේ දේශපාලකයන් බහුතරයක් සාම්ප්‍රදායිකව සිදුකරන්නේ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනයයි. ඒ වෙනුවට ආර්ථික කාරනා හා මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කරමින් සෑම ආගමිකයෙකුටම සෑම ජාතිකයෙකුටම ඇති ආගමික, වෙළද, අධ්‍යාපන නිදහස තහවුරු කෙරෙන දියුණු දේශපාලනයක් දක්වා උතුරු නැගෙනහිර පලාත් පරිවර්ථනය කරමින් නිශ්පාදන හා සේවා ආර්ථිකයට උතුරු නැගෙනහිර තරුණයාගේ දායකත්වය ලබාගත හැකි ආකාරයේ දේශපාලන සංස්කෘතියක් උතුරු නැගෙනහිරට අවශ්‍යකර තිබේ.
ඒ අපහසු ජනප්‍රිය නොවන නමුත් මව්බිමට අත්‍යවශ්‍ය කටයුත්ත වෙනුවෙන් කිසිදු දේශපාලකයකු ඉදිරිපත් නොවන හා ඒ අවදානම නොගන්නා පසුබ්මක දේශීය හා ජාත්‍යාන්තර තර්ජන, අභියෝග හා ඉතා අවම පහසුකම් සහිතව එම වගකීම මා ඇතුළු අපගේ කණ්ඩායම බාරගත්තේ ඒ වෙනුවෙන් ඉදිපත්වීමට වෙනත් කෙනෙකු නැති නිසාමය. උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට මූලිකවම ඇත්තේ දකුණේ සාමාන්‍ය ජනතාවට ඇති ගැටළුම බව මා දිවයින පුරා සිදුකරන සංචාර අතරතුර වටහාගත් අතර ඊට අමතරව තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුර හා දකුණ අතර වෙනස්වන සුළු කාරනා කිහිපයක් ඇත. නිවාස, ආහාර, අධ්‍යාපනය, රැකියා ගැටළු මූලික කාරනා වුවත් උතුරේ කිසිදු දේශපාලකයකු ඒ පිළිබද කතාකරනවා ඔබ දැක තිබේද?
ඉහත කී සත්‍ය ගැටළු පිළිබදව කතාකරන අපගේ හඩට උතුරේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ඒකාධිකාරය ඇති කුලවාදී, ජාතිවාදී දේශපාලකයන් ඉඩක් ලබාදෙන්නේ නැත. ඔවුන්ගේ එකම අරමුණ ජාතිවාදය විකුණා ඔවුන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමත් ඔවුන්ගේ ගිණුම් තර කරගැනීමත්ය. ඔවුන්ගේ මාධ්‍ය බලය හසුරුවන්නේ ඒ වෙනුවෙනි. ඔවුන්ගේ බලය හා මුදල් වෙනුවෙන් ඇතිකරන ජාතිවාදයේ ආගම්වාදයේ විපාක මුළු රටටම විදින්නට සිදුවී ඇත. පසුගියදා මඩකලපුවේ ඇතිවූ සිද්ධියත් ඊට පෙර යාපනය තිස්ස විහාරය මෙන්ම ත්‍රිකුණාමලයේ ඇතිවූ සිද්ධියත් කුරුන්දි විහාරයේ සිද්ධියත් මේ ආකාරයේ ඒවාය.
මෙරට බෙදුම්වාදී ව්‍යාපාරය පිරිසක් තමන්ගේ ජීවන වෘත්තිය කොට ගෙන ඇත. රටින් පිට හා මෙරට වෙසෙමින් කටයුතු කරන ඔවුන්ගේ බිලියන ගනන් මුදල් සමග හැප්පීමට අපට ඇත්තේ අපගේ ආත්ම ශක්තිය පමණකි. නමුත් ඒ කටයුත්ත ආත්ම ශක්තියෙන් පමණක් කලහැකි කටයුත්තක් නොවේ. අපගේ ඉදිරියේ ඇති අභියෝග ජයගැනීට, අපගේ ව්‍යායාමය සාර්ථක කරගැනීමට දකුණේ වෙසෙන ජනතාවගේත් රටින් පිට සිටින දේශප්‍රේමී ජනතවගේත් සහයෝගය නිබදව අවශ්‍යකර ඇත.
මෙම පණිවිඩය කියවා අනෙක් අයටත් දැනගැනීමට ශෙයා කරන්න.
– අරුන් සිද්ධාර්ථ්.
0774842464
0764451268
19 Viewers