ජාතිවාදී ද්‍රෝහීන්

මාතර දිස්ත්‍රික්කයෙන් පත්වූ පලමු  දෙමළ  මන්ත්‍රී  ලන්ඩනයේදී  කියන්නේ  මොනවාද ? උඩ දාගෙන මාතර  කට්ටිය දීපු ඡන්දෙට නියම වටිනාකම ලැබෙන්නෙ දැන්…

මාතර බහුතර සිංහල බෞද්ධ ජනතාව මනාප 150,000 කට වඩා පිරිනමලා පාර්ලිමේන්තුවට යවපු ගෑණි එංගලන්තේ ගිහින් කියනවා, මාලිමාව ආණ්ඩුව ගන්න කලින් ලංකාවේ දෙමල,මුස්ලිම් ජනතාව හිටියේ බයෙන් සැකෙන්ලු….ඒ කියන්නේ එහෙම වෙන්න ඕන සිංහල මිනිස්සුන්ගෙන්නේ…
මාතර සිංහල බෞද්ධ ජනතාව එහෙම බියවැද්දීම් දෙමළ,මුස්ලිම් ජනතාවට කලාද…

මාතර දෙනියායේ,පස්ගොඩ,කොටපොළ,අකුරැස්සේ,ඌරැබොක්කේ ඉන්න දෙමළ ජනතාව මෙච්චර කල් බයෙන් සැකෙන්ද හිටියේ..

මාතර ටවුන්,
ඉසදීන් ටවුන්,සුල්තානාගොඩ,වැලිගම,
අකුරැස්සේ ඉන්න මුස්ලිම් මිනිස්සු මෙච්චර කල් බයෙන්ද සැකෙන්ද හිටියේ..
හමුදාව ඒ අය බය කලාද?
පොලීසියෙන් රාජකාරි ඉටු වුනේ නැද්ද?
රාජ්‍ය ආයතන වලදී අපහසුතාවයට පත් කලාද?
රජයේ රෝහල් වලදී ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත  වල වගේ නොසැලකිල්ලට ලක් කලාද?
රජයෙන් ලබා දෙන නිදහස් අධ්‍යාපනය ලැබුනේ නැද්ද?

දිවයිනේ උතුරැ,නැගෙනහිර,මධ්‍යම කඳුකරය,කොළඹ අගනගරයේ සිංහල බහුතරයක් වෙසෙන පළාත් වල ජීවත් වන ශිු ලාංකික දෙමළ,මුස්ලිම් ජනතාවට
මේවා වුනේ නැත්නම් හෘද සාක්කියට එකඟව කියන්න.එහෙනම් පෝල්රාජ් හරි..
එහෙම නෙවෙයි නම් පෝල්රාජ් හදන්නේ සිංහල මිනිස්සු  කවදාවත් තුන්හිතකින්වත් හිතන්නේ නැති ගැටලුවක් රටේ හදලා..සිංහල ජනතාවට චෝදනා කරන්න..
මෙම ප්‍රකාශය සැහැල්ලුවට ගන්න එපා..



11 Viewers