• Home »
  • Sinhala Articles »
  • ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වීර සෙන්පතියන්ගෙන් තවත් මානුෂිය මෙහෙවරක්!

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වීර සෙන්පතියන්ගෙන් තවත් මානුෂිය මෙහෙවරක්!

සොයා ගොස් යාපා පටුනට විශ්‍රාමික අපේ දමිළ සහෝදර විරුවන්ට කෘතවේදීත්වයේ සෙනෙහස දක්වයි…

“විශ්‍රාමික දෙමළ රණවිරුවන් සොයා හමුදාපති යාපනයට”

මට වයස අවුරුදු 80 යි‍. මම හමුදාවට බැඳුණේ 1957දි. එතකොට මට වයස අවුරුදු 18යි. මම කාලතුවක්කු හමුදාවට තමයි බැඳුණෙ. මම පැන්ෂන් ගියේ බොම්බඩියර් කෙනෙක් විදිහටයි. හමුදාව යාපනයට සෑහෙන දේවල් කරලා තියෙනවා. ඇත්තටම අපිට හරිම සන්තෝසයි හමුදාපතිතුමා මුණ ගැසීම ගැන. මොකද මම පළවෙනි වතාවට තමයි හමුදාපති කෙනෛක් දකින්න ගැබුණේ . ඉස්සර වගේ නෙවෙයි හමුදාව සෑහෙන්න දැන් වැඩ කරනවා. ගෙවල් නැති අයට ගෙවල් දෙනවා. නැති බැරි අයට උදව් කරනවා. හමුදාව නිසා දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න සැලකීමක් ලැබෙනවා.

1975 ජූලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලුර් කෝවිල වෙත යමින් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවකු හෝ සිතුවේ නැත. ඉන්පසුව 1981 ජුනි 01 වැනි දින යාපනය පුස්තකාලයට ගිනිතබා විනාශ කිරීම, 1982 ජුනි 05 වනි දින යාපනය කොළඹ තැපැල් දුම්රියේ බෝම්බයක් පිපිරීමෙන් සිවිල් වැසියන් දෙදෙනකු මියයාම, 1982 ජූලි 02 වැනි දින යාපනයේ නෙල්ලිඅඩි හි දී ත්‍රස්තවාදීන් පොලිස් ජංගම මුර රථයකට වෙඩි තබා සිව්දෙනෙක් මිය ගියේය.

1982 ඔක්තෝබර් 27 වැනි දින චාවකච්චේරි පොලීසියට එල්ටීටීඊ ප්‍රහාරයක් දියත් විය. 1983 ජූලි 06 වැනි දින කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම සිද්ධියෙන් ඇරඹි ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි 1983 දී එල්.ටී.ටී.ඊය හමුදා සෙබලුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිරගියේය. ඒ කළු ජූලිය නමැති කළු පැල්ලම මෙරට ඉතිහාසයට එක්කරමින්ය.

මේ සියලු සිද්ධීන්වලට පාදක වූයේ යාපනයයි. ඒ අනුව දකුණ, යාපනය හැඳින්වූයේ එල්ටීටීඊ ත්‍රස්තවාදයේ තිඹිරිගෙය වශයෙනි. එය එසේ වුවත් මේවන විට යාපනයේ දිවි ගෙවන විශ්‍රාමලත් දමිළ යුද හමුදා සෙබළුන්ද සැලකිය යුතු පිරිසක් සිටිති. නමුත් ඔවුන් පිළිබඳ එතරම් සැලකිල්ලක් හෝ අවධානයක් කිසිවෙකුගෙන් යොමුවන්නේ නැත. එවන් තත්ත්වයක් මේ විශ්‍රාමික දමිළ යුද්ධ හමුදා සෙබළුන් සම්බන්ධයෙන් උද්ගතව තිබිය දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ යාපනය සංචාරය අතරතුර පැවැත්වීය. මෙම අවස්ථාව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා‌ගේ මැදිහත්වීමෙන් සවිධානය කර තිබිණි.

ඔවුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත වූ යුද්ධ හමුදාපතිවරයා ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු මෙන්ම ෙසෟඛ්‍ය තත්ත්වය පිළිබඳ කරුණු විමසු අතර, එහිදි ඔවුන්ට ගැටළුවක්ව පැවැති මාසිකව ඖෂධ ලබාගැනිමේ අවශ්‍යතාවයට විසදුමක් ලෙස ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙත ලබා දීමටත්, එමෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවන් වෙනුවෙන් අදාළ වෛද්‍ය ආයතන වෙත ගමන් කිරිමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සපයන ලෙසත් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත උපදෙස් ලබා දුන්නේය.

අනතුරුව ඔවුන් යාපනයේ විශ්‍රාමික හමුදා සාමාජිකයින්ගේ සංගමය වෙනුවෙන් කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා සිදු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන්ට ප්‍රශංසා කළේය. පසුව, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යාපනයේ ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා උතුරේ හමුදා සාමාජිකයන් විසින් සිදු කරනු ලබන අඛණ්ඩ සුබසාධන ව්‍යාපෘතින් සහ ජාතික හදිසි අවස්ථාවන් වන ආපදා, ගංවතුර ඇතුළු සියලුම ව්‍යසනයන්හීදි සිවිල් වැසියන්ගේ ආරක්‍ෂකයින් ලෙස හමුදාව විසින් සිදු කරනු ලබන කටයුතු පිළිබඳ පැහැදිලි කළේය. මෙම අවස්ථාව වෙනුවෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ද එක්විය. එම හමුවෙන් පසුව අදාළ විශ්‍රාමික දමිළ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ පිළිසඳරක නිරතවන්නට අපිට හැකිවිය.

සුන්දරම් අරුලම්බලම් මහතා

මම 1958 මාර්තු මාසේ 16 වැනිදා තමයි හමුදාවට බැඳුණෙ 1980 තමයි පැන්ෂන් ගත්තේ. එතකොට මට වයස 21යි‍‍. මම පළවෙනි ලංකා පාබල හමුදාවට තමයි බැඳුණේ. ඒකාලේ තමා 1956 ගෙනාපු සිංහල පණත 1958 දි සම්මත කළා. ඒ අවුරුද්දෙම බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී අකුර හඳුන්වා දුන්නා. ඒකෙන් මුළු ලංකාවෙම වැඩ වර්ජන රැල්ලක් ආවා. වැඩ වර්ජය වෙලාවේ වරායට ගිහින් බඩුමුට්ටු බෑවා. රටේ හැම දේම ආරක්ෂා කළා‍. අපේ රියැදුරෝ දාලා බස් දිව්වා. අපි ආරක්ෂක මුර ගියා. මීට කලින් හමුදාපති කෙනෙක් මාව මේ විදිහට කැඳවලා කතා බහ කරලා නෑ. හමුදාපතිතුමා අපිට කතා කළේ අපි හැමදාම හමුවෙලා තියෙනවා වගේ හැඟීමකින්. අනිත් කාරණය තමා යාපනයේ දෙමළ සොල්දාදුවෝ හමුදාවේ හිටියා කියලා ගොඩක් අය දන්නේ නෑ. සමහරු අපෙන් අහනවා යාපනයේ දෙමළ කට්ටිටය හමුදාවේ හිටියද කියලා අහනවා.

ඒ වගේ තත්ත්වයක් තමයි අද තියෙන්නේ. අපේ තියෙන අපහසුතා ගැන අපි හමුදාපතිතුමාට කිව්වා. මම අවුරුදු ගාණක ඉඳන් ඉල්ලනවා මට ඉන්න ගෙයක් දෙන්න කියලා. ඒත් කිසිවෙලාවට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. මම හමුදාපතිතුමාට මගේ දුක්ගැනවිල්ල කිව්වා. ලියකියවිලි ඉදිරිපත් කළා‍. ඒතුමා කිව්වා ගෙයක් හදලා දෙනවා කියාලා මට. යාපනයේ භේද වැඩියි . පක්ෂ පාට වැඩියි. ඒ නිසා මිනිස්සු වෙන්වෙලා ඉන්න‍ේ. අනිත් දේ තමයි කිසිම කෙලෙහිගුණයක් නැති අය තමයි දෙමළ කට්ටිය‍ . දැන් මෙච්චර දේවල් කරද්දිත් හමුදාව යාපනේට එපා කියන්නේ ඒ නිසයි. හමුදාව දැන් යාපනේට කරන දේවල් ගැන සන්තෝෂයි.

කන්දයියා කනපතිපුල්ලේ මහතා

මගේ උපන්ගම ත්‍රිකුණාමලේ. මම හමුදාවට බැඳුණේ මට අවුරුදු 18 දී. මම වැඩ කළේ සංඥා බලකායේ. මම වැඩිම කාලයක් වැඩකළේ කොළඹ. ලංකාවේ හැම තැනම වගේ වැඩකරලා තියෙනවා. දැන් මට වයස අවුරුදු 85ක් විතර වෙනවා. ඒ කාලේ මම හොඳට ෆුට්බෝල් සෙල්ලම් කළා‍. මගේ මස්සිනා සිංහල. අබේරත්න වීරසේකර පටබැඳිගේ චාර්ලිස් සිල්වා. මගේ ළමයි ගුරුවරුත් ඉන්නවා. මම සෙල්ලම් කරන්න කැමති නිසා තමා හමුදාවට බැඳුණෙ. ඉස්සර අපි ඉන්න කාලේට වඩා දැන් ඉන්න අය සැරයි. මොකද ඒ අය තමා මෙහේ ඉන්න හැමෝම ගැන බලන්නේ. චෙක් කරන්න‍ේ. මම හමුදාපතිකෙනෙක් හමු වුණේ පළවෙනි වතාවට‍.

ඊ සිවලෝගනාදන් මහතා

මම හමුදාවට බැඳුණේ 1964 දි. දැන් මට වයස අවුරුදු 84 යි. මම විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු රෙජිමේන්තුව‍. මම බලලත් නිලධාරි II විදිහට තමයි කටයුතු කළේ. මම හමුදාවට බැඳෙද්දි මොරටුව විශ්වවිද්‍යාලය යටතේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණුව වසර තුනක් ලැබුණා. සාමාන්‍ය සෙබළෙක් විදිහට තමා මම බැඳුණේ.‍ අවුරුදු 22ක සේවා කාලයෙන් පස්සේ මම ජෝන් කීල්ස් ආයතනයේ විධායක ෆෝමන්වරයකු වශයෙනුත් කටයුතු කළා.

මගේ ගෙවල් තිබුණේ කොළඹ. ඒත් 1984 මම ඒ සියලුම දේ විකුණලා යාපනයට දැම්මා. දැන් යාපනයේදි හමුදාව ලොකු සේවයක් සිදු කරනවා‍. හමුදාපතිතුමා වගේම යාපනය ආඥාපතිතුමාත් ඒ වෙනුවෙන් ලොකු අවදානයක් යොමු කරලා තියෙනවා. ඒ ගැන සතුටුයි . මම හමුදාවේ ඉද්දි ඉගෙන ගත්තු දේවල් ගොඩක් තියෙනවා. මීට කලින් කිසිම දවසක හමුදාපතිකෙනෙක් යාපනයේ ඉන්න විශ්‍රාමික දමිළ යුදහමුදා සෙබළුන් ගෙන්නලා මේ විදිහට හොයා බලලා නැහැ.

මුත්තයියා මුතුරාජා මහතා

මට වයස අවුරුදු 80 යි‍. මම හමුදාවට බැඳුණේ 1957දි. එතකොට මට වයස අවුරුදු 18යි. මම කාලතුවක්කු හමුදාවට තමයි බැඳුණෙ. මම පැන්ෂන් ගියේ බොම්බඩියර් කෙනෙක් විදිහටයි. හමුදාව යාපනයට සෑහෙන දේවල් කරලා තියෙනවා. ඇත්තටම අපිට හරිම සන්තෝසයි හමුදාපතිතුමා මුණ ගැසීම ගැන. මොකද මම පළවෙනි වතාවට තමයි හමුදාපති කෙනෛක් දකින්න ගැබුණේ . ඉස්සර වගේ නෙවෙයි හමුදාව සෑහෙන්න දැන් වැඩ කරනවා.

ගෙවල් නැති අයට ගෙවල් දෙනවා. නැති බැරි අයට උදව් කරනවා. හමුදාව නිසා දුප්පත් මිනිස්සුන්ට සෑහෙන්න සැලකීමක් ලැබෙනවා. එහෙම කරද්දිත් හමුදාවට බනින්නේ ඉගෙන ගත්තු නැති මෝඩ මිනිස්සු‍. සමහර මිනිස්සු හමුදාවෙන් උදව් අරගෙනම හමුදාවට බනිනවා. හමුදාව දැන් යාපනය ලස්සන කරලා තියෙනවා. කොළඹට වඩා හොඳට යාපනය තියෙනවා. අපිට ඕන කරන බෙහෙත් හේත් හමුදා රෝහලෙන් දෙන්න කටයුතු කරනවා කියලා කිව්වා. මේ දේවල් නිසා අපි අපි සෑහෙන්න ආඩම්බරයකින්ඉන්නේ.

දිලංක ගුණතිලක (දිනමිණ)



177 Viewers