• Home »
  • Articles »
  • තනි මිනිසෙකු ආපසු හැරවු ජාතියත් රටක් අපකීර්තියට පත්කරන මෙහෙයුම.

තනි මිනිසෙකු ආපසු හැරවු ජාතියත් රටක් අපකීර්තියට පත්කරන මෙහෙයුම.

ඔබ හොදින් ඊයේ දවසේ කාදිනල් මැල්කම් රංජිත්ගේ කථාව අහන්න..

ඔහු ඉතා දුකින් රජයට කියනවා මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 ඉදිරිපත් කරපු වාර්ථාව පදනම් කරගෙන රජය පරීක්ෂණය කරන්න කියලා. රජයේ හමුදා බුද්ධි අංශය ගැන ඔහු එලිපිට රටේ පාස්කු ප්‍රහාරයට සැකයක් මවනවා.

රජය කරන්න සුදානම් වුනේත් මැල්කම් රංජිත්ට සැනසෙන විදිහට චැනල් 4 ඉදිරිපත් කරපු වාර්ථාවට සමවන්න

🔴 කථාව ගලපලා,

🔴 හමුදා බුද්ධි අංශය පටලවලා,

🔴 මහා මොළකාරයා පෙන්නලා,

🔴 කාදිනල්ලාත් සනසවාගෙන දේශපාලන දඩයම්
පලිගැනීම් සියල්ල ගලපලා,

🔴 දෙමළ ඩයස්පෝරාවත් සනසලා,

🔴 දැං හරි ඔඉලාට පලිගන්න ඕන අයත් අපි විනාශ කලා කියලා දක්වලා

🔴 සදාතනිකව ගෝඨාභයලා නොකරපු වරදකට
හිර කරලා

ඉතිහාසයෙන් මරාදාන්න.‼️

ඒක වැරදුනේ පිල්ලයාන් හෙවත් සිවනේෂතුරෙයි චන්දකාන්තන් හට උදය ගම්මන්පිළ ඉදිරිපත් වීම මත සැලසුම අවුල් වීම නිසාය.

පිල්ලයනේ CID ඇතුලේ බලහත්කාරයෙන් සහ මානසිකව හිර කිරීමෙන් සැළසුමි කරන ලද ව්‍යාපෘතියට.

රජයේ හමුදා බුද්ධි අංශය සමග පාස්කු අපරාධය කරපු මුස්ලිමි ත්‍රස්තවාදීන් හරහා දේශපාලන උවමනාවකට බෝම්බ ගැහුවා කියන එක පිලිගන්න සහ එය රජයේ සාක්ෂියක් ලෙස භාවිතා කිරීමට අවස්ථාව මග හැරී යාමය. ‼️

එය වැරදී ගියේම නොසිතූ පරිදි හමුදාව වෙනුවෙන් ගම්මන්පිළ මෙයට මැදිහත් වීම නිසාය.

අනුර කුමාර මහ උජාරුවෙන් අප්‍රේල් 21 දින වකවානු සහිතව මහා මොලකාරයෝ එලිකරනවා කිව්වෙත්, දළදා ප්‍රදර්ශණය තබා එකී පිං මහිමයෙන් ඇත්ත රටට එලිවුනා කියගෙන බෞද්ධයාත් අන්දවන්න බලාගෙන හිටියේත්
එකී තුජ්ජ තක්කඩි සැලැස්ම වැඩ කරනවා තිතටම ලෙස සලකාය.

එහෙත් එය උදය ගම්මන්පිළ ආපසු හැරෙවිවේය.

අද සෑම පුවත්පතකම උදය ගම්මන්පිළ විසින් රජය විසින් පාස්කු ප්‍රහාරය පිළිබද වගකීම පිල්ලයාන් පිට පැවරීමට කටයුතු කර බවට වන චෝදනාව රජයට ඉදිරිපත් කරන්නේය.

රජය එහෙම කලේ නැත්නම් සාවද්‍ය ප්‍රකාශ සමාජ ගත කරනවාට එරෙහිව රජයම කියන අධිකරණයක එක නඩුවක්වත් කථා කරලා නැති පලපුරැද්දෙන් අඩු උදය ගම්මන්පිළ කියන නීතීඥයා අධිකරණයට ගෙනයා හැකිය.

රජයට එහෙම කරන්නට බැරිය.

රජය බොරුවට ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ පිල්ලයාන් හිර කරගෙන ඉන්න දින 90 අවසානයේ කරන්න හැකි වන්නේ ඔහු තව දුරටත් රදවා ගැනීමට අවශ්‍ය නොවන බව පවසා ඇප දීමට විරැද්ධ නොවන බව කීමටය.

නැත්නම් වෙනත් මොනවා හෝ වැරැදිදක් පටලවා එයට අදාලව රිමාන්ඩ කිරීමටය.

ජනතාවට හෝ උදය ගම්මන්පිළට පිල්ලයාන් ගැන විශේෂ කැක්කුමක් නැත.

හැබැයි පිල්ලයාන් හරහා අවස්ථාවාදීව මේ රජය සහ දෙමළ ඩයස්පෝරාව මේ රටේ යුද්ධය අවසාන කරන ලද චරිත වලින් සහ හමුදාවෙන් පලිගැනීමට දියත් කරන ලද සහ
කිසියම් පාර්ශවයක උවමනාවට ඇත්ත පාස්කු ප්‍රහාරකයන් සගවාලීමට දරන උත්සාහය පරාජය කිරීමේ අවශ්‍යතාවය තිබුනේය. ‼️

උදය ගම්මන්පිළ නම් ජාතිකවාදියා දේශප්‍රේමී නීතීඥයා අතින් ඉටු වුනේ ඒ ජාතික අවශ්‍යතාවය ඉටු වීමය.

නුවන් මොණරවිළ………………



8 Viewers