නලින් සිල්වා
මට පේන හැටි…මගේ ලෝකය.
මට නලීන් සර් මුණ ගැහෙන්නේ , එතුමාව හඳුනගෙන අවුරුදු පහලොවකට විතර පස්සේ. එතුමාව හඳුන ගත්තේ දිවයින පුවත් පත සහ අනෙකුත් ලිපි වලින්. එතුමාගේ විශ්ව විද්‍යාල ගෝලයන්ට සහ චින්තනය පර්ෂදයේ සාමාජිකයන්ට එතුමා ළගින් ඇසුරු කරමින් පෝෂණය වෙන්න තිබුන වාසනාව මට තිබුණේ නෑ.
මම එතුමා කියවා ගත්තේ ටිකෙන් ටික. ගෙදර තිබුණු ආභාශයත් එක්ක මාක්ස්වාදි පොත පත හැදැරීමත් , පංති පහත් එක්ක මාක්ස්වාදය සහ විප්ලවය ආශ්වාදනිය හැඟීමක් උනත් ජාතිකත්වය සම්බන්ධයෙන් එළියට නොආපු අනුච්චානුගත හැඟීමක් තිබුණා. ඒක මේ රටේ හැදෙන බොහෝ දෙනාට මගේ රට , මගේ ජාතිය කියන හැඟිම නෛසර්ගිකවම පහල වෙනවා. මට තවමත් මතකයි මගේ උසස් පෙළ දේශපාලන විද්‍යා සටහන් පොතේ අලවල තිබුණු කාල් මාක්ස්ගේ පින්තුරයට යටින් මම ලියලා තිබ්බා “මගේ දේශය, මගේ ජාතිය , මට ලබාදුන් ත්‍යාගයයි, චන්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්” කියලා. ඓතිහාසිකවම අපිට මාක්ස්වාදයයි ජාතිකවාදයයි පැටලුනා. අධිරාජ්‍යවාදයට එරෙහි සටනේ දෙපාර්ශවයම පාර්ශවකරුවෝ විම තමා මට පේන හේතුව. අපි සමහර වෙලාවට බුද්ධාගමත් මාක්ස්වාදය සහ සමාජවාදය සමග සසඳන තරමට නොමග ගියා.
දේශප්‍රේමි හැඟීම, ජාතිවාත්ස්ලය මත පදනම් වු ජාතික ව්‍යාපාරයට නිශ්චිත සංගත මතවාදයක් අපිට දායකලේ මහඳුරු නලින් සිල්වා මැතිතුමා. එතුමා මහා ප්‍රාඥ්ඥයෙක් වෙන්නේ අපිට එක් එක් සිද්ධියට ජාතික වාදි දෘෂ්ඨියකින් අර්ථ නිරුපණ දීම නිසා නොව ඕනැම සන්දර්භයක් විග්‍රහා කල හැකි චතුස්කෝටිකය පදනම් වු නිර්මාණාත්මක සාපේක්ෂවාදය සහ අපේ ප්‍රවාද අපිට දුන්න නිසා. කොළබ විශ්ව විද්‍යාලයේ ජයදේව උයන්ගොඩලගේ ඉංග්‍රිසියෙන් සිංහලට පරිවර්තනය කරපු අනුකාරක දේශපාලන විද්‍යාවට අපේ රටේ ප්‍රශ්න වලට විසඳුම් නෑ. ජාතිය ගොඩනැංවීම සහ සුළු වාර්ගික අයිතිවාසිකම් කියල උයන්ගොඩලා වමාරපු දේශපාලන විද්‍යාව තුල ලංකාවේ ජාතික ප්‍රශ්නය විකෘති කෙරුනා . කෝල්බෲක් ප්‍රතිසංසකරණවලින් වෙල්ලාලයන් බලවත් කරපු හැටි ,ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මහප්පලා එක්ක සරලව පැහැදිලි කලා. සිංහලයාට නැති දෙමළ ජනයාට පමණක් සුවිශේෂි ප්‍රශ්නයට සංහිදියාව දෙසන ඔස්තාජ්ලා තාමත් නිරුත්තරයි.
මට දැනෙන හැටියට නලින් සර්, ජාතික මතවාදය අපේ ප්‍රවාදයක් ලෙස සංගත කිරිමේදි එතුමාට ලැබුණු බටහිර ආභාසයත් ඒ තුල තිබුනා කියලා. යම් දැනුම් පද්ධතියක ගැඹුරට ගියාම ඉන් සියයට සියයක් ගැලවීමක් නෑ. ඒත් එතුමා තැන තැන තිබුන සිංහ බෞද්ධ දැනුම ඒකතැනකට ගෙනාවා. සිංහල බෞද්ධත්වය පරිපූර්ණත්වයට පත්වෙන්නේ සරල ආර්ථික පැවත්ම සමග සුසංයෝගි උන ගැමි සුවඳත් එක්ක. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ “ මගේ ගම” “ සිංහල ලකුණ” පොත්වල ඒ සුවඳ හොඳටම දැනෙනවා. උයන්ගොඩලා උගන්වපු මධ්‍යතන යුරෝපයේ බිහිවු නූතන ඒකීය රාජ්‍ය ලංකාවට ගලප්පන්න ගිය අපිට සංස්කෘතිකව ඒකීය උන වැවත් එක්ක ඉපැදුනු අපේ ජාතික රාජ්‍ය බොහෝ ඓතිහාසිකබව අපිට තේරුම් කලේ ජාතික චින්තනය. සූරීය ගුණසේකර ,මතුගම සෙනෙවිරුවන්, කේ.ඒ විජේරත්න වගේ අය නලීන් සර් තාර්කිකව ගොඩනගඩපු ජාතිකත්වය සිංහල ගැමි සුවඳ එකතු කලා. ජාතික චින්තනය මෙරට පොදු ජනවිඥාණයේ හදවතත් බුද්ධියත් දෙකම ස්පර්ශ කරන්න පුලුවන් වෙන්නේ මේ සුසංයෝගයෙන් පමණයි.
සිංහල බෞද්ධ රාජ්‍යයේ හැඩරුව ආකෘ තික ස්වභාවය හඳුනා ගන්න පුලුවන් වෙන්නේ එහි ආර්ථික , දේශපාලන සමාජ සහ නීතීමය සන්දර්භය තහවූරු කර ගැනීමෙන් පමණයි. නලීන් සර් දේශපාලන පදනම දිගහැර දී තිබෙනවා. සමාජිය පැවත්ම . සූරීය ගුණසේකර ,මතුගම සෙනෙවිරුවන්, කේ.ඒ විජේරත්න එළි දක්වලා තියෙනවා. හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා නීතීමය ආකෘ තිය අපිට මතුකරලා දුන්නා. සිංහල බෞද්ධත්වය හුදෙක් සංස්කෘ තික අනන්‍යතාවක් විතරක් නොවේ ආර්ථික ක්‍රමයක් ද වෙනවා. අද අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයට විසඳුම් තියෙන පදනම සිංහල ක්‍රමයට ජීවත් වීමයි. ඒක අනුරාධපුර යුගයට බර කරත්තෙන් යනවද අහන අවලාදයට වඩා බ්‍රස්ල්ස් නුවරට පාපැදියෙන් යන්නේ ඇයි කියන එකත් එක්ක තේරුම් ගන්න ඕනේ. සිංහල ක්‍රමයට ගොවිතැන් කිරිම, සිංහල වෙදකම, සිංහල ක්‍රමයට ඉහුම් පිහුම් කිරිම කියන්නේ සංස්කෘ තික අනන්‍යතාවකට එහා ගිය ආර්ථික ජීවන ක්‍රමවේදයක් බව තේරුම් යන්න ඕනේ.
කොහොම නමුත් අන් හැමෝම වගේ නලින් සර්ගේ කේන්තියට මමත් බයයි. සර්ගෙත් මගෙත් අපි දන්න දවසේ ඉඳන් පොඩි ගැටුමක් තිබුණා. සර්, ඒ ගැන මට වඩා හොඳට කාලය වෙබ් අඩවියට මාව උපුටලා කියලා තිබුණා. ඒ ලිපියත් පහල වෙනම පල කලා. මාක්ස් කියනවා වගේ දාර්ශනිකයන් අපට ලෝකය විග්‍රහා කරලා තියෙනවා. අපිට තියෙන්නේ ලෝකය වෙනස් කරන්නයි. අපි ඒ ජාතිකවාදි වෙනසට සුදානම් ද?
දැයට මග කියාදුන් මිණිතරුව , මහැදුරු නලින් සිල්වා මැතිඳුනි … ඔබට නිවන් සුව පතමු.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
දේශප්‍රේමි ජාතික පෙරමුණ
44 Viewers