පාස්කු ප්‍රහාරය

පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ගේ ජිවිත තරම් අඩු ලංසුවට දේශපාලන වේදිකාවේ විකුණන ලද මනුෂ්‍ය ජීවිත මෑත ඉතිහාසයේ නැති තරම්ය. මේ වෙන්දේසියේ ප්‍රධාන වෙළෙන්දාගේ චරිතය රඟපාන්නේ කාදිනල් සහ සිරිල් ගාමිණි පූජකයායි. භික්ෂුන් වහන්සේලාගේ දේශපාලන භුමිකාව ගැන පිළිකුලෙන් කතා කරන අයට කතෝලික පල්ලියේ දේශපාලනය නොපෙනේ. ආගම අබිං යැයි මාක්ස් කිවුවේ යුරෝපා රාජ්‍යය තුල පල්ලියේ ආධිපත්‍යය විසින් වසා ගත් දේශපාලනය නිසයි. කාදිනල් පාස්කු ප්‍රහාරය රාජ්‍යයේ පැවත්මට බලපෑම් කිරිමට මෙවලමක් කරගෙන තිබේ. ප්‍රභාකරන්ගේ එල්ටීටීඊයෙන් මුදවා ගත් වන්නියේ මඩු පල්ලියේ ආධිපත්‍යයට නතු වු අහිංසක සිංහල දෙමළ මිනිස්සුන්ගේ ජිවිතවල දුක් අඳෝනාවන්ට කාදිනල්ට සහ දේශපාලඥයන්ට නොඇසෙන්නේ ඒ මනුෂ්‍ය ජීවිතවලට ඇති දේශපාලන වටිනාකම අඩු නිසාවෙනි. එවාට ජිනිවා ඇතුළු ජාත්‍යන්තර වෙළඳපලේ මිලක් නැති නිසාය.

උගන්ඩා අම්මණ්ඩිලාගේ ලනු ගිලපු වහල් පරපුර ගොබෙල්ස් න්‍යායයෙන් පාස්කු ප්‍රහාරය පහසුවෙන් ගෝඨාභයගේ ගිණුමට බැර කළහ. කාදිනල්ට මුලින්ම ගෝඨාභය සමග තිබුණ ආරෝව ඔහු ප්‍රහාරය පිළිබඳව විධිමත් පරික්ෂණයක් නොපැවත්වීම ගැන චෝදනාවයි. ගොබෙල්ස්ලා ප්‍රාහාරය ගෝඨා ගේ මැතිවරණ ක්‍රියාන්ව්තයේ කොටසක් බව සමාජගත කරන විට කාදිනල් එයට අනුබල දුන්නේ ඔහුගේ කෛරාටික දේශපාලනය සහ රටට කඩාවැටි කෙළවීමේ ආසාව නිසාවෙනි. අරගලය පසුපස පල්ලියේ එජන්තයෝ සැඟවීමට පමණක් නොව එළිමහන් වේදිකාවේ ත්‍රස්තවාදින් වෙනුවෙන් පහන් පත්තු කිරිමට තරම් කාදිනල් සහ සිරිල් ගාමිණිලා වීරත්වයට පත් වූහ.

පාස්කු ප්‍රහාරය වන විට රටේ පැවති ආරක්ෂක තත්වය බොහෝ දෙනෙකුට අමතකය. කයියනායකලාගේ හොරා පොලිස් සම්මාදමෙන් පිහිටවු රනිල්- මෛත්‍රී ආණ්ඩුව ජීනීවා නුවරදි ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවට දණ ගසා අත් ඔසවා කැමත්ත දී රණවිරුවන් පාවාදිමේ ක්‍රියාන්විතය ආරම්භ කර තිබුණි.

මිලේනියම් සිටි පාරේම යමින් ශානි අබේසේකරලා විසින් බුද්ධි අංශ සහ රණවිරු දඩයම සරුවට කරමින් තිබුණි. හමුදාව සහ බුද්ධි අංශ දියකර හැරිමේ ඩයස්පෝරාවේ උවමනාව යහපාලන ආණ්ඩුව ඕනවටත් වඩා හොඳින් ඉටුකරමින් සිටියහ.

යහපාලන ආණ්ඩුවේ නිවට සංහිදියා ප්‍රතිපත්තිය අන්තවාදී බලවේගයන්ට රජමගුල් දහනක් විය. උතුරේ දෙමළ අන්තවාදීන් බෞද්ධ ඓතිහාසික භූමිවල පිනුම් ගසන විට සුමන්තිරන්ගේ තනි ඇඟිල්ල ඉදිරියේ ආණ්ඩුවේ නිවට රැළ දණ ගැසුහ. සුමන්තිරන් අගමැති කරන්නට හීන දැකපු කයියනායකලාගේ නඩය සයිඩ් සපෝර්ට් දුන්නහ. ඉස්ලාමීය අන්තවාදය පල්ලිවල කඩු කිනිසි එකතු කලේ කේක් කපන්න බව අපට ඒත්තු ගැන්නුවේ කාදිනල් උන්නාන්සේ ය. වෙනත් ආගමික ලබ්ධිකයන්ට ජීවත් වීමේ අයිතිය අහිමි බව මද්‍රසා පාසල් වල ඉගැන්වීමෙන් ඔබ්බට පුනානිවල කටාර් ආධාර වලින් අන්තවාදයට ආවඩන විශ්ව විද්‍යාල බිහිවෙමින් පැවතිණි.

අශ්රෝෆ්ලා ගිනිතැබු අන්තවාදය හකීම්ලා සහ හිස්බුල්ලලා පතුරවමින් සිටියහ. බදුරදීන්ලාගේ දේශපාලන හයියට යකඩ කම්මහල් සහ නානාලගේ සල්ලි වලට යටවු යහපාලන ආණ්ඩුව සහ කයියනායකලා අන්තවාදයට සුදු හුණු ගෑහ. සියලු ඉස්ලාම් භක්තිකයන් අන්තවාදින් නොවුනත් ගෝලීය දේශපාලනය තුල අන්තවාදය මෙහෙය වන හැටි මෙහි සිටින මැටි මෝල්වලට නොතේරේ.

නොතේරෙනවට වඩා , තමන්ගේ පටු වාසිය උදෙසා ඕනම මළකුණක් විකුණා කෑමේ උවමනාව පමණක් නොව අන්තවාදය මෙහෙය වන එම බාහිර බලවේගයෙම ගොදුරක් බවට සහ උපකරණයක් බවට කාදිනල් සහ සිරිල් ගාමිණි පුජකයා විසින් පල්ලිය පත් කරන ලදි. උතුරේ එල්ටීටීඊය ඇතුළු සියලු බෙදුම්වාදි කන්ඩායම් ලංකාව පාලනය කිරිම සඳහා ඉන්දියාව විසින් අතකොළුවක් කර ගත්තේ යම් සේද අල්කයිඩා, අයිඑස් අයි එස් සියලු අන්තවාදින් ඇතුලු සියලු කල්ලි ඇමරිකානු උවමනාවට මෙහෙයවන ලද බව කුප්‍රකට සත්‍යයකි. කාගේ අතකොළුවක් වුවත් අන්තවාදය , අන්තවාදයමය. කාදිනල් සහෝදරත්වයෙන් පැනින් නහවා ශුද්ධෝත්මත්වයට පත් කලේ ඒ ඉස්ලාමීය අන්තවාදයයි. දැන් ඔහුට විශ්වාසදායක ලොක්කෙක් මුණගැසි තිබේ. ශානිගේ, රවිගේ සහ නානලාගේ නම් දකින ව්ට සලිත ලොක්කා කාදිනල්ට ඔහු ආස කරන සාධාරණය ඉටු කරනු ඇත. අවම වශයෙන් එයින් වත් අන්තවාදයෙන් පීඩාවට පත්වු අහිංසක කතෝලික ජනතාව රැවටීම සහ මැතිවරණ වේදිකාවල අඩු ලංසුවට විකිණිම නතර වනු ඇත. ( ළදරු ජෙප්පන්ට මෙය දැකීමෙන් ට්පර් විය හැකි වුවද උගන්ඩා අම්මණ්ඩිලාගේ ලණු කාපු ළාමක මොලවලට සංකීර්ණ සන්දර්භයක් තේරුම් ගැනීමට අපෝහසත්බව අපි දනිමු.)



24 Viewers