බුද්ධ චරිතයෙන් ප‍්‍රකට වන නායකත්ව ලක්‍ෂණ
(Courtesy of Diwaina)
පැවතීම තුළින් ගම්‍යමාන කරනුයේ එම සමාජ සංවිධානයෙහි පවත්නා ස්ථිරසාර කළමනාකරණයයි. බෞද්ධ සමාජ බෞද්ධ සමාජ සංවිධානය ලෙස විග‍්‍රහ කරනුයේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිසයි. ඒ අනුව මේසා දීර්ඝ කාල වකවානුවක් පවත්නා සමාජ සංවිධාන ලොව නැති තරම් ය. එවැනි අභිමානවත් සමාජ සංවිධානය වූ බෞද්ධ සමාජ සංවිධානය බිහි කළ ගෞතම බුදුරදුන්ගේ නායකත්වය හා එහි ස්වභාවය පිළිබඳ විමසීම නූතන ලෝකයේ බහුල ලෙස සාකච්ඡුා වන කළමනාකරණය නම් වූ විෂය ක්‍ෂේත‍්‍රයට ද අතිශයින් වැදගත් වනු නොඅනුමානය.
දෙවියන්ට, බ‍්‍රහ්මයන්ට, මනුෂ්‍යයන්ට අග‍්‍ර නායකයකු වූ බැවින් බුදුරජාණන් වහන්සේ ‘‘ලෝකග්ග නායකෝ’’ යන නාමයෙන් හඳුන්වන්නට වූහ. බුදුහිමියන්ට නායකත්වය හිමි වූයේ අනුගාමිකයන් අතරය. ඒ අනුව අනුගාමිකයන් නිසි තැනට පමුණුවන, ගෙන යන අර්ථයෙන් නායකයා නම් විය. තම ශ‍්‍රාවකයන් නිසි ස්ථානය වූ නිවන නමැති පරමාර්ථය කෙරෙහි ගමන්කරවනු වස් නායකයකු ලෙස කටයුතු කළ යුතු ආකාරය බුද්ධ චරිතයෙන් මනාව විශද වේ. එම ලක්‍ෂණ පහත පරිදි පෙළ ගැස්විය හැකිය.
1. ප‍්‍රඥාවෙන් හා කරුණාවෙන් යුක්ත වීම.
2. කවර කෙනකුට හෝ අභියෝග කළ නොහැකි සනාතනික දර්ශනයක් ඉදිරිපත් කොට තිබීම.
3. විශිෂ්ට වූ අසාමාන්‍ය පෞරුෂයකින් හෙබි වීම.
4. කණ්ඩායමේ සියලූ දෙනාගේ දායකත්වය ලබා ගැනීමේ හැකියාව
5. තමන් වහන්සේ පිළිගත් අරමුණු පොදු ඉලක්කයක් බවට පත් කිරීමේ හැකියාව හා සියලූ දෙනා බල කිරීමකින් තොරව එම ඉලක්ක වෙත යොමු කිරීමේ හැකියාව.
6. තම නායකත්වය නැතිවද අරමුණු හා පරමාර්ථ කි‍්‍රයාත්මක කරන සංවිධානයක් නිර්මාණය කිරීම.
බුදුහිමියන්ගේ නායකත්වය අතිශයින් සාර්ථක වූයේ පළමුව බුදු හිමියන් ධර්මය අවබෝධ කොට සසර දුකින් මිදී අන්‍යයන් විමුක්තියට පත් කරවූ නිසාය. ප‍්‍රථම ධර්ම ¥ත පිරිස අතිශය සාර්ථකත්වයට පත් වූයේ ඔවුන් ධර්මය අවබෝධ කොට ප‍්‍රචලිත කළ නිසාය. මඩෙහි එරෙන කෙනකු මඩෙන් මුදාගත හැකි වනුයේ තවත් මඩෙහි එරෙන කෙනකුට නොව මඩෙන් එගොඩ වූ කෙනකුට පමණි. මෙම ධර්මතාව නායකයකු තුළ තිබිය යුතුය. එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ චරිතය තුළ පැවැති බවට නොයෙක් සාක්‍ෂි බුද්ධ චරිතයෙන් ගම්‍යමාන වේ.
බුදුරදුන් නායකත්වය ලබා දුන්නේ එදවස විමුක්තිය පතා කැප වූ විවිධ දෘෂ්ටිවාද අනුගමනය කළ ආගමික පිරිසකටය. ෂඞ් ශාස්තෲවරු විශාල පිරිස් පිරිවරා වැඩ සිටි බව දැක්වේ. තවද නිගණ්්ඨ, ජටිල, අචේලක, පරිබ‍්‍රාජක ආදී නොයෙක් ආගමික කණ්ඩායම් බහුලව පැවැති අතර උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප ආදී තීර්ථකයන් ද ඉහත සඳහන් වූ ෂඞ් ශාස්තෲවරුන්ගේ සමහර ශ‍්‍රාවක කණ්ඩායම් ද නොයෙක් දෘෂ්ටීන් ඇත්තවුන් බුදුහිමියන්ගෙන් බණ අසා පැවිදි වූහ. මෙසේ විවිධාකාරයෙන් පැමිණි පිරිස් බුදු සරණ ගිය පසු භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා යනුවෙන් ඒකීය බෞද්ධ සමාජයක් බවට පත් විය. බුදුරදුන් නායකත්වය ලබා දුන්නේ මෙවැනි සමාජයකටය.
බුදුහිමියන්ගේ නායකත්වයේ විශිෂ්ට ලක්‍ෂණයන් අතර සමාජය විසින් පිළිගැනුණු හීන මධ්‍යම, උත්තම යැයි සම්මත කුලවාදී, ජාතිවාදී සාධකයන් සැලකිල්ලට නොගෙන සුදුස්සාට සුදුසු තැන ලබා දීම පැහැදිලි වී ඇත. මිනිසා කුල, මල, ජාති වශයෙන් බෙදීමේ නිස්සාරත්වය සාක්‍ෂි සහිතව තර්කානුකූලව දක්වමින් මිනිස් සංහතියේ ඒකත්වය පෙන්වා දුන් බුදුහිමියන් වන් වෙනත් ආගමික නායකයකු මෙලොව වෙන නැත.
පරිනිර්වාණ මංචකයේ වැඩ සිටි බුදු හිමියන් ඇමතූ ආනන්ද තෙරුන් ‘‘සංඝයා වෙත යමක් වදාරන්නේ නැතිව තථාගතයාණන් වහන්සේ පිරිනිවන් නොපාතියි සිතමි’’ ආනන්ද තෙරුන්ගේ මේ ප‍්‍රකාශයට බුදු හිමියන් ලබා දුන් පිළිතුර නම් ‘‘ආනන්ද සංඝයා මා කෙරෙහි පවතී කියා හෝ මම සංඝයා පරිහරණය කෙරෙමි කියා මට නොහැෙඟ්’’ බුදු හිමියන්ගේ මෙම පිළිතුර පිළිබඳවත් සාති භික්‍ෂුව, සුනක්ඛත්ත භික්‍ෂුව ආදීන් සසුන අතහැර යන්නෙමි’’ යැයි පැවසූ අවස්ථාවලදී බුදු හිමියන් දුන් පිළිතුරුවලින් ද මේ බව මනාව විශද වේ. බුදුහිමි දෙසූ ධර්මය කෙරෙහි මිස බුදුරදුන් කෙරෙහි යැපෙන්නට ඉඩ සැලැස්වූ බවක් මෙයින් නොපෙනේ. ඒ අනුව බුදු හිමියන් ශ‍්‍රාවක සංඝයා පාලනය කළේ බුදු හිමියන් පාලනය කරනවා යන හැඟීමවත් තම ශ‍්‍රාවකයන්ට නොහැෙඟන තරම් සෞම්‍ය ලෙසිනි. ඒ අනුව බුදු හිමි සංඝ සමාජයට ලබා දුන්නේ කෙතරම් අපූරු නායකත්වයක් ද යන්න පැහැදිලි වේ.
බුදුරදුන්ගේ නායකත්වයේ තවත් සුවිශේෂී ලක්‍ෂණයක් නම් ‘කියන දෙය කරන, කරන දෙය කියන’ යථාවාදී තථාකාරී තථාකාරී යථාවාදී ගුණයයි. ලොව පහළ වූ සුවිශේෂී පුද්ගලයන් තැරණ වයසේදී පැවසූ දෑ මැදියම් වයසේදී හෝ මහලූ වයසේදී නිෂ්ප‍්‍රභ කොට ඇත. නමුත් බුදු හිමියන් බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා යමක් කීවේද ඒ දෑ එසේම සිදු කළහ. කිසිවක් වෙනස් නොකළහ. එබැවින් ශාස්තෲවරයකු ලෙස බුදු හිමි සුවිශේෂී නායකයකු වෙති.
හක්මන විජිතරතන හිමි
6925 Viewers