මහජන ආරක්ෂාව පිණිසයි.
ඔබ ඔබේ සහ ඔබේ දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතනවා නම් ඔබ කිසිම අවස්ථාවක ගම වටේ කිය කියා යනවාද දැන් ඔබේ නිවසේ ආරක්ෂාව අඩු කරලා තියෙන්නේ කියා? දොර ජනෙල් ලොක් කරන්නේ නැහැ කියා? ඔබේ CCTV පද්ධතියට විශාල වියදමක් යන නිසා එය ඉවත් කළා කියා? එහෙම කියන්නේ නැහැ නේද? ඔබ බලන්නේ හැකි තරම් ඔබේ නිවසේ හෝ කාර්යාලයේ හෝ ආරක්ෂාව වැඩි කර ගන්න නේද? බොරුවට හරි කැමරා සවි කරගන්න නේද? ඒ වගේ තමයි රටකටත්.
රටේ ජනාධිපති, අගමැති සහ ආණ්ඩුවේ ඇමතිලා ස්ටේජ් ගානේ කිය කිය යනවා නම් අපි ජාතික ආරක්ෂාව අඩු කරලා තියෙන්නේ… ජනාධිපතිගේත් ආරක්ෂාව අඩු කරලා තියෙන්නේ… මැතිඇමතිවරුන්ගේ ආරක්ෂාවත් අඩු කරලා තියෙන්නේ… කියලා ඔබ හිතන්නේ මොකද වෙන්නේ?
අන්න එතකොට පාතාල අපරාධකාරයෝ, මිනීමරුවෝ, හොරු දැන ගන්නවා දැන් රටේ ආරක්ෂාව ඉතාම දුර්වලයි කියලා. ජනාධිපතිටත් ආරක්ෂාව නැත්නම් රටේ වෙනත් පුරවැසියෙකුට කොහෙත්ම ආරක්ෂාව නැහැ කියලා. එතකොට ඔවුන් බය නැතුව මහදවල් උසාවි ඇතුළටම ඇවිල්ලා වෙඩි තියලා යනවා. දැන් වෙලා තියෙන්නේ ඔන්න ඕකයි.
උසස් අධ්‍යාපනයක් තිබෙන, සාමාන්‍ය දැනුම තිබෙන, පවුලක් හෝ ව්‍යාපාරයක් හෝ රැකලා පළපුරුද්ද තිබෙන කිසිම රාජ්‍ය නායකයෙක් ඔය වගේ මෝඩ කථා කියන්නේ නැහැ. රාජ්‍යයක ආරක්ෂාව තමයි අංක එක. අනෙක් සියල්ල එන්නේ ඊට යටින්. නමුත් මේ අහංකාර මෝඩයන් ටිකට මේක තේරුම් ගන්න තරම් බුද්ධිමය ධාරිතාවයක් නැහැ.
මේකම තමයි වුණේ අර මෝඩ සිරිසේනයව ජනාධිපති කරලා යහපාලන ආණ්ඩුව හදපු වෙලාවේ. රාජ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ දැම්මා. බුද්ධි අංශ අකර්මණ්‍ය කළා. හමුදාවේ පොලීසියේ අභිමානය නැති කළා. මොකද වුණේ? ඉස්ලාම් අන්තවාදීන් දැන ගත්තා දැන් දෙන්න පුළුවන් බැටේ කියලා. පාස්කු ප්‍රහාරය කරන්න පුළුවන් වුණේ එහෙමයි.
රාජ්‍ය ආරක්ෂාව කියන්නේ නාඩගමක් නොවෙයි. ආණ්ඩුව දෙන ප්‍රතිපත්ති ඉඟිය අනුව තමයි සියල්ල හැදෙන්නේ. ජනාධිපති ඇවිල්ලා පාරම් බාන කොට මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව 60 ට බැස්සුවා… හිතුනොත් ඒකත් ඉවත් කරනවා කියලා… ඒක තමයි රටේ අපරාධකාරයන්ට දෙන්න පුළුවන් ලොකුම සහයෝගය. හරි නම් රාජ්‍ය ආරක්ෂාව අවදානමට හෙළීම වෙනුවෙන් ජනාධිපතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි. එහෙම නැති වුණත් මේ ආකාරයට අපරාධකරුවන්ට උඩගෙඩි දීම වෙනුවෙන් අනාගතයේදී අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙයි.
රාජ්‍යයක් කරනවා කියන්නේ සෙල්ලමක් නොවෙයි. රටේ හැම පුරවැසියාගේම ආරක්ෂාව පිළිබඳව තමා වගකිව යුතුයි. පෙරේදා ඝාතනය වුණු අර අහිංසක දරුවන් දෙදෙනා ගැන මේ ආණ්ඩුවේ කිසිවෙක් එක වචනයක් කිව්වද? නැහැ. දැන් ප්‍රමාදයි. දැන් හමුදාව පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන් අවදානමක් ගන්නේ නැහැ. ඒ නිසා තමයි ම්ලේච්ඡ ඩොලර් අරගලකාරයන් ගෙවල් ගිනි තියන කොට, මංකොල්ල කන කොට, මහමග මිනිස්සුන්ට ගහන කොට උඩ බලාගෙන හිටියේ. ලංකාවේ දැන් කිසිම මහජන ආරක්ෂාවක් නැහැ. මෙහෙම ගියොත් මේ තත්ත්වය ඉදිරියේදී තව තවත් දරුණු වෙනවද නැද්ද කියා ඔබම බුද්ධියෙන් සිතා බලන්න.
ආරක්ෂාව බිඳ වැටුණට පස්සේ ඒක නැවත හදන්න ඉතාම අමාරුයි. ඒ සඳහා ආණ්ඩුව දැන් යන මාර්ගයෙන් අංශක 180 ක් හැරිය යුතුයි. එහෙම කරන්න තරම් හැකියාවක් ඔවුන්ට නැහැ. ඔබ දැක්කා රටේ මහජන ආරක්ෂාව භාර නියෝජ්‍ය ඇමැති ඊයේ වයින් කරපු කුරුමිණියෙක් වගේ හැසිරුණු ආකාරය. පාතාලයේ උන් හිනා වෙනවා ඇති. එවැනි මෝඩයන්ගෙන් ඔබේ මහජන ආරක්ෂාව බලාපොරොත්තු වීම මෝඩකමක්. ඒ නිසා ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න.
මහජන ආරක්ෂාව පිණිස මෙය හැකිතාක් share කරන්න. ස්තුතියි.
24 Viewers