• Home »
  • Sinhala Articles »
  • මාලිමාවට සහ ජවිපෙ ට ලබා දුන් තුනෙන් දෙක කුමක් සඳාහා ද?

මාලිමාවට සහ ජවිපෙ ට ලබා දුන් තුනෙන් දෙක කුමක් සඳාහා ද?

සීහළදීපයේ ඡන්ද ක්‍රමය බලගැන්වෙන්නේ 1912 වසරෙහි ය. එවක ඇතැම් කුලවතුන් හා රදලයන් කීවේ සීහළදීපයේ මිනිසුන්ට ඡන්ද ක්‍රමය නො තේරෙන බැවින් ඡන්ද අයිතිය ලබා නොදිය යුතු බව යි. එහි යම් සත්‍යයක් ඇති බව 2024 ඡන්දයෙන් ඔප්පු විය. එහෙත් එය පැවසීම මෙහි අරමුණ නොවන බැවින් යමක් නොකියමු.

1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් සමස්ත සීහළදීපයට ම( CEYLON) ඡන්ද අයිතිය හිමි විය. එය නොදත් දේශපාලන අමනයන් මේ රට පාලනය කළ අයවලුන් ගැන ගණනය කරන්නේ 1948 සිට ය. එහෙත් ගිනිය යුත්තේ 1931 සිට ම ය. ඒ අනුව මෙරට ඡන්දයෙන් මෙරට පාලනය වන්නට පටන් ගෙන දැන් (2024ට) වසර 83කි. (හො.ම.ත.ග.යු.)

මෙම වසර 83ක පාලන කාලය තුළ රටට හිමි-අහිමි දෑ බොහෝ ය. එය පැවසීමද මෙහි අරමුණ නොවන බැවින් යමක් නොකියමු.

මිනිසුන් ඡන්දය දෙන්නේ ඇයි?

ලොව සෑම රටක ම පැවැත්ම රඳා පවතින්නේ:
1. භූමිය
2. ස්වාධිපත්‍ය
3. ජනගහනය

යනකාරණා තුන මතය. භූමියක් අහිමිජාතිය, කොහි සිටියද (ETHNIC GROUP) ජනවර්ගයකි ජනවර්ගයකට මූලික මිනිස් අයිතිවාසිකම් මිස ජාතියකට හිමි ඉහත කී ස්වාධිපත්‍යය නැත. ස්වාධිපත්‍යය යනු පාලකයන් තෝරා ගැනීම, නීති සැකසීම, නීති ඉවත්කිරීම, මුදල් හැසිරවීම, නීති ක්‍රියාත්මක කිරීම ආදිය යි.
කෙටියෙන් කියන්නේ නම්: භූමිය තුළ ඕනෑම වෙනත් පුද්ගලයකු හෝ සංවිධානයක් හෝ ඉක්මවා කටයුතු කිරීමට ඇති බලය ස්වාධිපත්‍යයි. තවද වෙනත් රාජ්‍යයකට යටත් නො වී තම සීමාව තුළ තනිව කටයුතු කිරීමේ හැකියාව ද ස්වාධිපත්‍යයයි.

ස්වාධිපත්‍යය හිමි ජනතාවක් යම් නිශ්චිත භූමියක් පෙන්වන්නේ නම් ඔවුන්ට ජාතියක් යැ යි කියමු. යුදෙව් ජනවර්ගය ජාතියක් වූයේ ද 1949න් පසු ඒ න්‍යායෙනි. ඒ ඊශ්‍රායෙල් නම් රට UN එක මගින් පිලිගැනීමත් සමග ය. මෙතෙක් කල් ජනවර්ගයක් ව සිටින දෙමළ ජනයාට ද භූමියක් පෙන්විය හැකි නම් ඔවුන්ගේ ස්වාධිපත්‍යය ද UN එක මගින් පිළිගනු ඇත.

UN එක මගින් දෙමළ ජනයාගේ භූමියක් පිළි ගෙන ඇති විටෙක යුද්ධයක් ඇති වුවහොත් : එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව එම යුද්ධය මැදට සාමසාදක හමුදා යෙදවීමට UN, එකට බලය ඇත. එවිට අපට යුද්ධ කිරීමට සිදුවන්නේ USA, UK, GER සොල්දාදුවන් සමග ය. එකී රටවල් සමග ය.

එහෙත් 14 වන සියවසේ සිට සිය බලය පතුරුවන දෙමළ ජනවර්ගයට ඓතිහාසික සීහළ ද්වීපය නම් මෙම භූමියේ අයිතිය පෙන්විය හැකි ද?
ඊට ක්‍රම දෙකක් ඇත.

1 පළමු ක්‍රමය: මෙම භූමිය තුළ ම ඓතිහාසික කරුණු සනාථ කොට ඒ ඔස්සේ දෙමළ බිමක් පැමති බව තහවුරු කිරීම. මෙය අරියකම්මට්ඨාන සංවිධානයේ ඊනියා ජම්බුදීප සංකල්පය ඔස්සේ කදිමට කරගෙන යයි. එහෙත් පිලිගත හැකි සාක්ෂි තවම ලබා දී නැත. එමෙන් ම මෙහිදී උතුර නැගෙනහිර සිංහළ බෞද්ධයන් විසින් පිහිටුවන ලද වෙහෙර විහාර මෙකී කටයුත්තේදී ද්‍රවිඩයන්ට ගැටලුවකි. එබැවින් එකී විහාර කඩා ඉවත් කිරීම, වසා යටපත් කිරීම, පුරාවස්තු විනාස කිරීම, සෙල්ලිපි මකා දැමීම, බෞද්ධ විහාරස්ථාන භූමි වල ශිවලිංග පිහිටුවීම වැනි බොළඳ හා ගෝත්‍රික බාල ක්‍රියා මගින් තමාට භූමියේ අයිතිය ඇති බව කියාපාමින් සිටිති. එහෙත් මේවා නූගත් දෙමළ ජනයාගේ අසාර්ථක ප්‍රයත්නයන් ය.

2. දෙවන ක්‍රමය: උගත් හා ලෝකය දුටු දෙමළ ජනයා ඉහත ක්‍රමය මරි මෝඩ බව දනිති. එහෙත් ඔවුන්ගේ මේ දෙවන ක්‍රමය යථාර්ථයක් කිරීමට අර නූගත් දෙමළ ජනයා කරන වැඩසටහන ද වැදගත් බව දනිති. දෙවන ක්‍රමය කුමක් ද? ” එක්සත් ජාතීන්ගේ නියමය අනුව, යම් ජනවර්ගයක් සංහාරයකට/සමූළ ඝාතනයකට ලක් වූ බව සනාථ කළ හැකි නම්: UN එක විසින් එකී ජනවර්ගයට භූමියක් හිමි බව පෙන් වූ සැනින් ජාතියක්/වෙනම රටක්/ රාජ්‍යයක් සේ පිලිගනියි. 2009 වසරේදී තම විමුක්ති හමුදාව සමූළ ඝාතනයකට ලක් වූ බව ඔප්පු කළ හැකි නම් LTTE ඩයස්පෝරාවට සිය නිජබිම දිනා ගත හැකි වන්නේ එම න්‍යායෙනි. මෙරට මෝඩ ඡන්ද දායකයෝ එය නො දනිති. නො සිතති.

මෙහිදී යුධ අධිකරණයක් පිහිටුවාගැනීමට ඩයස්පෝරා කරුවන් විවිධඋත්සාහ ගත්හ. එයට හේතුව නම් යුධ අධිකරණයකට යා යුත්තේ රටවල් දෙකක් අතර ගැටුමකදී වීමයි. යුධ අධිකරණයකදී අප රණවිරුවන් වැරදි කරුවන් කළත් නොකළත්, එහි ගිය සැනින් අප රටක් ලෙස පැරදී අවසන් ය. මන්ද යත් UN එක ඉදිරියේ සීහළදීපයේ දෙමළ ඊළමක් පවතින බව අප ම පිලිගෙන අවසන් ය. එදා මංගල සමරවීර නමැති ඉන්දීය දුරාවේ මිනිසා යත්න දැරුවේ මෙකී යුධඅධිකරණය පිහිටුවීමට යි.

තම ජනතාව සමූළඝාතනයකට/ සංහාරයකට ලක්වූ බවට ගතු කියමින් ලොව පුරා දුවන ඩයස්පෝරාකරුවන්ගේ එකම අරමුණ UN එක ඉදිරිපිට රය සනාත කර ගැනුමයි. ඉන් අත්වන වාසිය දැන් ඔබට පැහැදිලි වනු ඇත.

දෙමළ ජනවර්ගය අප රටට පැමිණියේ භාරතයෙනි. ඉස්ලාමිකයන් පැමිණියේ අරාබියෙන් සහ මැලේ රටවලිනි. ඉතින් සිංහළයාත් නොරටකින් ආවා නේදැයි ඔබට සිතෙනු ඇත. ඒ ගැන වාද විවාද ද දැන් දැන් කරනු පෙනේ. කෙසේ හෝ වේවා ප්‍රස්තුතයට අදාල හෙළයන් මෙහි ම බිහි වූවා ද නැතහොත් පිටින් ආවාද යන්න නොව,

මෙරට හෙළ ශිෂ්ටාචාරය ගොඩනැගුනේ කවදා සිට ද යන්න මගිනි.
හෙළ ශිෂ්ටාචාරය හඳුනා ගන්නේ කෙසේ ද? ජනවර්ගයක් හඳුනාගන්නේ භාෂාව මගිනි. ඒ අනුව සිංහළ නම් අතීත ජනවර්ගය භාවිත කළ සිංහළ බස මුල් කොට සිංහළයන් හඳුනා ගනිමු. මේ රට තුළ පවතින් සෙල්ලිපි ඉතා වැදගත් වන්නේ මෙහිදීය. (මේ නිසා දැන් ඉස්ලාමිකයන් සිංහළ සෙල්ලිපි උගනිති. ඒවා තිබෙන තැන් සොයති. ඉර්ෂාඩ් නම් මුසල්මානුවා එහි ප්‍රමුඛයෙකි)

ඒ සෙල්ලිපි අනුව අප රට තුළ සිංහළ ජාතියේ අතීත ශිෂ්ටාචාරය 100%ක් තහවුරු කළ හැකි වෙයි. මාතර සිට දඹකොළපටුන හෙවත් යාපනය තෙක් හමු වන්නේ සිංහළ සෙල්ලිපි හා ලේඛණ පමණි. එමෙන් ම බෞද්ධ නටඹුන් පමණි. තැන් දෙක කුනක විදෙස් හමුදා වෙනුවෙන් පිහිටු වන ලද ශිව කෝවිල් සහ දෙමළ වේලක්කාර ලිපි සහ වරායවල විදේශිකයන්ට දැනගැනීමට පිහිටුවනලද ලිපි ශිෂ්ටාචාරයක භාෂාමය සාදක නො වේ.

මෙසේ අප සීහළ දීපය ඓතිහාසිකවත්, සාහිත්‍යමයවත් සිංහළ ජාතිය විසින් ශිෂ්ටාචාරගත කොට පාලනය කළ බවට 100%ක් පැහැදිලි සාක්ෂි හමුවන අතර එකී භූමිය පැහඅදිලිව ම බෞද්ධ ශිෂ්ටාචාරයෙන් හා සංස්කෘතියෙන් පරිපූර්ණ ව ආඪ්‍යව පැවති බව ද මනාව තහවුරු වෙයි. එය කිසිදා කිසි ම පරයෙකුට වැළලිය නොහැකි යථාර්ථයක් බව හොඳින් සිතට ගනුව෴

එසේ නම් 1961 එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව: යම් රටක් ශිෂ්ටාචාරගතකොට පාලනය කළ ජනවර්ගය එරට ජාතිය (NATION) ලෙස හඳුන්වන අතර, රට ශිෂ්ටාචාරගත කිරීමෙන් පසු පැමිණෙන සියලු ම මිනිස් වර්ග ජනවර්ග (ETHNIC GROUPS) වේ.

ඒ අනුව දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, වතු දෙමළ යනු ජනවර්ග මිස ජාතියක් නො වේ.

එකී ජනවර්ග ජාතියක් වීමට නම්, සිංහළ බස කතා කිරිමට හැකි අය විය යුතු ය. සිංහළ සංස්කෘතිය ගරු කළ යුත ය. සිංහළ ස්වාධිපත්‍යය පිළිගත යුතු ය. සිංහළ නීතිය පිළිගත යුතු ය. එසේ සිටිමින් සිංහළ සංස්කෘතිය අභිබවා නොයමින් තම තමන්ගේ ආගම් විස්වාස සංස්කෘති අනුගමනය කළ යුතු ය. මුලු ලෝකයේ ම දැන් පවතින පිලිවෙත එය යි. එසේ නැතිව ව්‍යවස්ථාවට කොටස් එකතු කිරීමට හෝ අධිකරණයට වෙනම නීති එකතු කිරීමට හෝ යන්නේ නම් අර යට කී ජනවර්ගවලට මෙරට ජාතියක් වීමට සුදුසු දියුණු මානසිකත්වයක තවම නැත. උන් තවමත් සිටින්නේ පැරණි ගෝත්‍රික අදහස් වලින් ම ය. එවැනි ජනවර්ග ජාතිවාදීන් ය. ජාතියක් වීමට වලිකන අන්තවාදීන් ය. එය ද වෙනත් ජාතියක භූමියක් තුළ අනවසරෙයනි. අයිතියක් නැති ව හොරෙනි. දැනටමත් ජාතියකට අයිති භූමියක වෙනත් ජනවර්ගයකට භූමියක් ප්‍රකාශයට පත් කළ නො හැකි ය. සියලු පරයන් එය ද හොඳින් මතක තබා ගනුව. ෴

එසේ නො වන්නේ නම් ජනවර්ගය සහ ජාතිය අතර ගැටුමක් නිර්මාණය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1961 දී අර ඉහත කී සම්මුතිය පනවා ලන්නේ එවැනි ගැටුම් වැලැක්වීමට යි.

රටක ඉපදුණු පමණින්, එරට අයිතිය හිමිවන්නේ නැත. රටක අයිතිය හිමි වීමට නම් ජාතියට එකතු විය යුතු ය. ජාතියට එකතු වීමට නම් අර ඉහත කී භාෂාමය බාධකය හා ශිෂ්ටාචාර බාධකය යන බාධක දෙක තරණය කළ යුතු ය.

1966 ශ්‍රීමා ශාස්ත්‍රී ගිවිසුමෙන් ඉන්දියාවට පටවමින් සිටි වතු දෙමළ ජනතාව මෙරට නතර කර ගත්කේ JR විසිනි. JR කළ නරක වැඩ ගොඩ අතරින් එවරස්ට් තරම් උස නරක වඩේ මෙය යි. අනාගතයේ මලය රටදෙමළ බෙදුම්වාදය පටන් ගන්නේ අර එදා JR නතර කරගත් වතු දෙමළුන් විසිනි. JR ගේ මුත්තා මධුරාසියේ සිට පැමිණි තම්බිමුදියන්සේ වන නිසා සිය ලේ ඥාතීන් නතර කර ගන්නට ලැබීම ගැන JR සතුටු වන්නට ඇත. එහෙත් එය සීහළ දීපයට බලවත් අනතුරකි.

1972 වන තෙක් CEYLON = සීහළදීප නම් ලද අප රට 1972/05/22 ව්‍යවස්ථාවෙන් SRI LANKA කොට ජාතියට හිමි අනන්‍යතාව අහිමි කළේ ද ඉන්දීය මුලයක් සහිත කොල්වින් R DE SILVA විසිනි. ඒ නයින් බලනකල සිංහළ මූලයක් සහිත මිනිසකු පාලනය කරන්නට පටන් ගත්තේ 2004 වසරේ සිට ය. එහෙත් 2004 පාලකයා ඓතිහාසික ව සිංහළයන්ගේ අයිතීන් රැක දුන්න ද සමාජ හා ආර්ථික අංශවලින් බින්දුවට ම පහළට හෙළා ඇත. ඉන් පසු 2024 වත්මන් පාලකයා පැහැදිලි පිරිසිදු සිංහළයෙකි. එය සතුටට කරුණකි. ☝️❤️

නමුත් එකී සිංහළයාට මිනිසුන් බලය දුන්නේ, ලක්ෂ68ක් ඡන්දය දුන්නේ, ආසන 159ක් ලබා දුන්නේ :
👉👉👉👉

රටක් අහිමිව ලොව පුරා ඇවිදින දෙමළ ජනවර්ගයට රටක් හදා දෙන්නට නො වේ෴🤌🤌🤌🤌

රටවල් අල්ලමින් ගර්භාෂයෙන් ලොව පාලනය කරනඉස්ලාමිකයන්ට වෙනම භූමි හා / හෝ නීති සාදා දෙන්නට නො වේ.

එසේ නම් කුමක් සඳහා ද?

1. රාජපස්සලා හොරකම් කළ ධනය රාජ සන්තක කිරීමට ය.
2. රාජපස්සලා පිට රට සඟවා ඇති මුදල් නැවත හෙළ බිමට ගෙන ඒමට ය.
3. රාජපස්සලා අයතා ලෙස උපයාගත් වත්කම් රජය සතු කරගැනීමට ය.
4. රාජපස්සලා ඇතුළුව දේශපාලුවන් විසින් කරන ලදසොරකම් ඇතුළු වංචා දූෂණ පිළිබඳ තොරතුරු ඇතුළත් බව පවසමින් ජනතාවට පෙන්වූ ෆයිල් 450ට නඩු පවරණු දැකීමට ය.
5. තජුඩීන්, එක්නැලිගොඩ වැන්නවුන්ගේ ඝාතකයින් සෙවීමට ය.
6. රාජපස්සලාගේ පවුල් පාලනයෙන් රට මුදා ගැනීමට ය
7. රාජපස්සලාගේ හෙන්චයියන් ඉවත් කොට සුදුස්සාට සුදුසු තැන ලබා දීමට ය
8. රාජපස්සලා කොමිස් මුදලට යටත් ව කෙලසන ලද ආර්ථිකය නගාසිටුවීමට ය.
9. රාජපස්ස කපුටාගේ 50% කොමිස් ගැහිල්ල නවතා රට සීඝ්‍ර දියුණුවක් කරා ගෙන යාමට ය.
10. ගෙවියාට සිය නිපැයුම්වලට නිසි මිළක් ලබා ගැනුමට ය.
11. අතරමැදියන් නැති වෙළඳපොලක් හැදීමටය
12. රටේ සම්පත් නො රටුන්ට විකිණීම නතර කිරීමට ය.
13. රාජ්‍ය සේවය ශක්තිමත් කොට පුද්ගලීකරණය නතර කිරීමට ය.
14. ළමයාට හොඳ පාසලක්, රෝගීන්ට හොඳ රෝහලක් සාදා ගැනුමට ය.
15. උගතාට හොඳ රැකියාවක් ලබා ගැනිමට ය.
16. බුද්ධිමතාට නිසි රාජ්‍ය මැදිහත්වීමක් ලබා ගැනීමට ය.

මෙසේ මේ ජනතා අභිළාෂ ලිස්ට් එක දහස් ගණනක් වුවද ලිවිය හැකි ය. මිනිසුන් තුනෙන් දෙක දුන්නේ අර ඉහත කී පන්නයේ අභිලාෂ පෙරදැරිව ය.

නමුත් ඒ ජනතා අභිළාෂ අතර:
1. සමලිංගික පනත් ගෙන ඒම තිබුණා ද? නැත.
2. LGBQT සම්මත කිරීම තිබුණා ද? නැත.
3. උතුරට වෙන ම නීතියක් ගෙන ඒම තිබුණා ද? නැත.
4. උතුරට වෙනම පොලිසියක් ගෙන ඒම තිබුණා ද? නැත.
5. නැගෙනහිරට ෂරියානීතිය ගෙන ඒම තිබුණා ද? නැත.
6. මලය රටට මලයනාඩුවක් සම්මත කරවා දීම තිබුණා ද? නැත.
7. රණවිරුවන් යුධ අධිකරණවලට ගෙනයාමක් යෝජනා කොට තිබුණා ද? නැත.
8. බුදුදහමට ව්‍යවස්ථාවෙන් දී තිබෙන ප්‍රමුඛතාව ඉවත් කිරීමට කැමැත්තක් තිබුණා ද? නැත.
9. ජාතික කොඩිය වෙනස් කිරීමට බලයක් ලබා දෙන බවට පොරොන්දුවක් තිබුණා ද? නැත.
10. ජාතික ගීය දෙමළෙන් ගයන්නට අයිතියක් ලබා දී තිබුණා ද? නැත.
11. භෞමික අඛණ්ඩතාවය බිඳින්න ටවරමක් තිබුණා ද? නැත.
12. එක මරට තුළ වෙනම නීතියක් හෝ පොලිසියක් හෝ මුදල් බලය හෝ ජාතියට ජාතියේ ස්වාධිපත්‍යයට හානිවන කිසිවක් හෝ කිරීමට අයිතියක් ලබා දී තිබුණා ද ? නැත.

එසේ නම් මිනිසුන් මාලිමාවට තුනෙන් දෙකක බලයක් දුන්නේ කුමක් පිණිසද යන වග අප මතක් කරමු.
එහෙත් දෙමළ ඩයස්පොරාවට, ආබ්‍රහමික් ආගමිකයන්ට තිබුණු අදහස් මොනවාද? ඔවුන්ට අර ඉහත කී අරමුණු 12 ම ඇත.

එසේ නම් මාලිමා ආණ්ඩුව සිදු කරන දේ අනුව චරිතය කියවමු. රෝහණ විජේවීර විද්වතා කී ලෙස: භාවිතාවෙන් කතාව දෙස බලමු.
මාලිමාව ප්‍රමුඛතාව දෙන්නේ අර අප ඉහත අංක 12ක් යටතේ කී කරුණු වලට නම්: දඩයම කරතබා ගෙන යන එකා අනුව ම වෙඩිල්ල තියපු එකා කවුදැයි හඳුනා ගනිමු. එනම් බෙදුම්වාදයට හා අන්තවාදයට හිතැති ප්‍රකිපත්ති ක්‍රියාත්මක කරන්නේ නම්: මාලිමාව බලයට ගෙන ආවේ : බෙදුම්වාදීන් සහ අන්තවාදීන්ගේ මුදල්වලින් ජනමතය කොල්ලකා ගෙන බවත් පරගැති නිවට අමනයන් සිතට ගනුව෴

හෙළවිරුවන් ලෙයින් කඳුලින් සුරැකි මේ හෙළබිම අවසන් නියම සිංහළයා තෙක් සටන් වදින බව ද ඒ සියලු සටන් දිනන බව ද සිත් ලා ගනුව෴

෴මේ හෙළ බිම නවවරක් බුදුන්ට පුදන ලද තුන් ලොව එක ම පින් බිම යි෴

සිහළ රට දැය සමය දිලේවා෴



25 Viewers