• Home »
  • Sinhala News »
  • මුහුදු මහා විහාර බිමක් සොහොන් බිමකට දෙන්න පූජාභූමි ඇමති අවසර දෙයි…

මුහුදු මහා විහාර බිමක් සොහොන් බිමකට දෙන්න පූජාභූමි ඇමති අවසර දෙයි…

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මුහුදු මහා විහාරයේ ඉඩ කඩම් සම්බන්ධ ගැටළුව තවමත් විසඳී නැත. අක්කර 72 ක රක්ෂිත බිමක් එම විහාරයට හිමිව තිබුණ ද පොතුවිල් වැසි දේශාපලඥයන්ගේ පිහිටෙන් එම ඉඩ කඩම් අල්ලා ගැනීමට මහමදික ජනයා උත්සුක විය. එම නිසා මෑත කාලයේ පත් වූ සෑම ආණ්ඩුවකටම මේ ප්‍රශ්නය ඉදිරිපත් විය. ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනපති සමයේ පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව මගින් කරන ලද නිර්දේශ ප්‍රකාරව මෙම ඉඩ කඩම් නිදහස් කිරීමට කිසිම රජයකට නුපුළුවන් විය. ඊට හේතු වූයේ ප්‍රදේශයේ මුස්ලිම් දේශපාලඥයන්ගේ බලපෑමයි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ පසු නැගෙනහිර පළාතට පුරාවිද්‍යා කාර්ය සාධක බලකායක් පිහිටු වීම මගින් මෙවැනි ගැටළු නිරාකරණය කිරීමට උත්සාහයක් ගැනිණ. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැවත එම භූමියේ මතුපිට ගවේෂණයක් කොට රක්ෂිත ඉඩම් වෙන් කර ගැනීම සඳහා විශාල වෙහෙසක් දරන ලදහ.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මුහුදු සීමාවට වන්නට තවත් අක්කර නවයක පුරාවිද්‍යා බිමක් හඳුනා ගන්නට යෙදුණි. නමුත් මහමදික ජනයා අල්වා ගෙන සිටින පදිංචිව සිටින ඉඩම් කොටස නිදහස් කර ගැනීමට නොහැකි විය. ඊට හේතු වූයේ නැගෙනහිර කාර්ය සාධක බලකායේ ප්‍රධානී  වන ආරක්ෂක ලේකම්වරයා ඊට අනුකූලතාවය නොදැක්වීමයි. මෙම තීරණ පිටුපස සිටියේ රාජපක්ෂවරුන් බව කියති. කෙසේ වෙතත් දැනට ඉතිරිව පවතින හඳුනාගන්නට යෙදුණ රක්ෂිත බිම පූජා භූමියක් බවට පත් කරලීමට තීරණයක් ගත් අතර එහි කටයුතු භාර වී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවටයි. යටකී සැලසුම් සකස් කර  ගැසට් කිරීම සඳහා මේ වන විට ඉදිරිපත්ව ඇත. එහෙත් පොතුවිල් ප්‍රදේශය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරයා ගේ බලපෑම මත  දැනට ඉතිරිව පවතින රක්ෂිත භූමියෙන් කොටසක්  සොහොන් භූමියකට වෙන් කිරීමට විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එකඟ වී තිබේ.

පසුගිය දා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම සොහොන් භූමිය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ගෙන් අනුමැතිය ඉල්වා ඇත. තමුන් ගේ තනතුර රැක ගැනීම සඳහා කටයුතු කරන පුරාවිදු ප්‍රධානියා එයට අනුමැතිය දී ඇති බව දැන ගන්නට තිබේ.



42 Viewers