යාපනය ගැන බුද්ධි අංශ අවදියෙන්
වෙඩි තැබීම්, මිනී මැරුම් පිළිබඳ සිද්ධීන් දකුණෙන් අසන්නට ලැබීමත් සමගම උතුරෙන්ද විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිහිපයක්ම මේ සතියේදී අසන්නට ලැබුණි.
කඩුවලින් කැපීම්, යකඩ පොලූවලින් පහරදීම් යාපනයේදී සාමාන්‍ය සිද්ධීන් බවට පත්ව තිබුණද යාපනයේදී යළිත් වරක් බෝම්බයක් පිපිරී යෑම මාධ්‍ය කරළියට පැමිණියේ යාන්තමටය.
ඒ සමගම මේ සතියේදී මුලතිව් පරන්තන් මාර්ගයේ කණ්ඩාවලෙයි ප්‍රදේශයේදී යුද හමුදාව විසින් මෙරට නිෂ්පාදනය කරන ලද විශාල ප්‍රමාණයේ බෝම්බයක් සොයා ගෙන තිබේ.
මෙම බෝම්බය පිපිරවීමට අවශ්‍ය වයර්ද සම්බන්ධ කොට කොළ පැහැති පොහොර ගෝනියක දමා ස`ගවා තිබියදී යුද හමුදාව විසින් සොයා ගෙන තිබේ.
යුද හමුදාව ප්‍රකාශ කරන්නේ මේ බෝම්බය ක්ලේමෝ බෝම්බයක් ආකාරයට විදුලි බැටරියක විදුලි බලය උපයෝගි කරගෙන පුපුරවා හැරිය හැකි බවයි.
සාමාන්‍යයෙන් යුද හමුදාව මෙවැනි බෝම්බ, ටැපින් බෝම්බ වශයෙන් හ`දුන්වන අතර යාපනයේදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරීන් ඉලක්ක කරගෙන වල්ලිපුරම් ප්‍රදේශයේදී පුපුරවා හරින ලද්දේද මෙවැනි බෝම්බයක් බව යුද හමුදාව පැවසීය.
යාපනයේ නෙල්ලිඅඩි, වල්ලෙයිවේලි ප්‍රදේශයේදී යමක් පිපිරීමෙන් එක් යුද හමුදා භටයකු තුවාල ලැබූවත් ඒ සිද්ධිය මේ වන විට යටපත් වී තිබේ.
යාපනයේ කයිට්ස්, අනලතීව් පත් ප්‍රදේශයේදී නාවික හමුදා භටයන් දෙදෙනකු පහර කෑමකට ලක් වූයේද මේ සතියේදීමය. කයිට්ස් පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද නමුත් මේ දිනවල අනලතීව් නාවික හමුදා නිලධාරීන්ට ඒ පළාතේ ජනතාවගෙන් සිදුවන උසුළු විසුළුවල අඩුවක් නොමැති වී තිබේ.
කයිට්ස් පොලිසියේ නිලධාරීන් පිරිසක් අනලතීව් පතට ගොස් පරීක්ෂා කිරීම්වල නිරත වුවත් එහිදී සැකකටයුතු යමක් හමුවී නොමැත.
මීට සති දෙකකට ඉහතදී යාපනයේදී දෙමළ ජාතික උප පොලිස් පරීක්ෂකවරයකුව කඩුවලින් කපා දැමීමත්, තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කරගෙන ක්ලේමෝ බෝම්බ පිපිරවීමත් යන සිද්ධීන් දෙස බලන විට යාපනයේ යම් පිරිසකගේ බිය සැක දුරුවී තිබීමත්, නීතිගරුක භාවයෙන් ඔබ්බට යෑමකුත් දැක ගන්නට ලැබේ.
හදිසියේම මෙවැනි තත්ත්වයක් හටගෙන ඇත්තේ මන්දැයි යන කාරණය පිළිබඳ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දැඩි අවධානය යොමු කළ යුතුව තිබේ.
පුල්ලි මැකූ කොටි දේශපාලනයට
යාපනයේදී දාමරික ක්‍රියාවල යම් වැඩිවීමක් සිදුවීමත් සමගම කළින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වශයෙන් සිට පුනරුත්ථාපනය වූ පිරිස්ද දේශපාලන ක්‍රියාවලට අවතීර්ණ වීම ස`දහා විවිධ උපක්‍රම භාවිත කරමින් සිටිති.
ඔවුන් විසින් මේ වන විට ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය වශයෙන් පක්ෂයක් පිහිටුවාගෙන දේශපාලනයේ නිරතව සිටින නමුත් ඔවුන්ට මහජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අඩු නිසා ඔවුහු ප්‍රසිද්ධ දේශපාලන පක්ෂවලට මුක්කු ගැසීම ස`දහා විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සිටිති.
පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින කොන්දේසි ඉටුකිරීමට කිසිම දේශපාලන පක්ෂයක් එකඟ නොවූ බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් පිහිටුවාගෙන ඇති ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක තුලසියන් පැවසීය.
පළාත් සභා මැතිවරණයේදී පිළිගත් දෙමළ දේශපාලන පක්ෂයක නාමයෝජනා ස`දහා සියයට විස්සක නාමයෝජනා ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් මෙවර මහ මැතිවරණයේදී එම දේශපාලන පක්ෂයට තම සහය ලබා දෙන බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් එක් කොන්දේසියක් වශයෙන් ඉදිරිපත් කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය කොන්දේසිවලට යටත්ව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දේශපාලන කටයුතු ස`දහා එක්කර නොගන්නා බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුන්ගේ සෙසු කොන්දේසි මොනවාදැයි විමසූ විට ඔහු කියා සිටියේ එකම කොන්දේසියක් හෝ ඉදිරිපත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ සහාය ලබා නොගන්නා බවයි.
කොන්දේසි විරහිතව ඔවුන් පැමිණ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ක්‍රියාකරන්නේ නම් ඔවුන්ගේ අනාගතය ගැන හා ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන සිතා යමක් කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි බව හිටපු මන්ත්‍රීවරයා ස`දහන් කළේය.
දෙමළ සන්ධානයට හිටපු කොටි එපාලූ
ඔවුන්ගේ ඉතිරි කොන්දේසි මොනවාදැයි විමසූ විට ඔහු කියා සිටියේ ඔවුන්ගේ පළමු කොන්දේසියෙන්ම ඔවුන්ව එපා වූ බැවින් සෙසු කොන්දේසි ගැන විපරම් නොකළ බවයි.
නමුත් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් විසින් පිහිටුවා ගෙන සිටින ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය දැනට යාපනයේ සන්ධානගතව සිටින සෑම දෙමළ සන්ධානයකටම ඔවුන්ගේ සියලූම කොන්දේසි ඉදිරිපත් කොට තිබේ.
එම සන්ධානවල පිරිස සමග සාකච්ඡුා කළ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ පළාත් සභා මැතිවරණය ස`දහා සියයට විස්සක නාමයෝජනා ප්‍රතිශතයකට ඔවුන්ගේ නම් ඇතුළත් කිරීමට අමතරව මේ මහ මැතිවරණයට පසුව එළැඹෙන මහ මැතිවරණයකදී උතුරු නැගෙනහිර පළාත් ස`දහා ඉදිරිපත් කෙරෙන නාමයෝජනා වෙනුවන් සියයට දහයක ප්‍රතිශතයක් ඉල්ලා සිටින බවයි.
මේ යෝජනාව මීට පෙර පැවති මහමැතිවරණ සමයේදී ඔවුන් දෙමළ සන්ධානයේ නායකයාගෙන්ම අවස්ථා හතරකදී ඉල්ලා සිටීම නිසා සම්බන්ධන් මන්ත්‍රීවරයා කෝප වී ඔවුන්ව වවුනියාවේදී එලවා ගත් බව වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.
ඉන් පසුව මේ මහ මැතිවරණය ස`දහා නාම යෝජනා ලබාදීමට ආසන්නයේ යළි එම ඉල්ලීම් ඉල්ලා සිටියත් කවරෙකු හෝ ඊට ඇහුම්කන් නොදීම නිසා ඔවුන් වෙනමම නාමයෝජනා උතුරේ දිස්ත්‍රික්ක කිහිපයකට ලබා දී ඇති බවද අඩෙයිකලනාදන් මහතා පෙන්වා දුන්නේය.
පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ඉල්ලා සිටින කොන්දේසි ප්‍රමාණය දොළහකට වැඩි බව කී හිටපු මන්ත්‍රීවරයා ඔවුන් දේශපාලන වශයෙන් ඔවුන්ගේ පක්ෂයට නාමයෝජනා සඳහා ඉල්ලා සිටින කෝටාවට අමතරව ඔවුන් පුනරුත්ථාපනය වූ පාඨමාලාවන්ට අදාළව දේශීය හා විදේශීය රැුකියා ස`දහා ඔවුන්ට යම් අවස්ථාවක් ලබා දෙන මෙන්ද ඉල්ලා සිටින බව පැවසීය.
පුනරුත්ථාපනය වූ පිරිසට ඉඩම් හා නිවාස ලබාදීම මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තුරු යම් දීමනාවක් දෙමළ දේශපාලන පක්ෂවලින් ඉල්ලා ඇතැයිද අඩෙයිකලනාදන් මහතා කියා සිටියේය.
ඔවුන් එසේ ඉල්ලා සිටින්නේ කවර පදනමක් මතදයි විමසූ විට ඔවුන් යුද්ධ කළේ දෙමළ ජනතාවගේ යහපත උදෙසා නිසා එම ඉල්ලීම සාධාරණ බවද, දෙමළ දේශපාලනඥයන්ට දේශපාලකයන් වීමට ශක්තිය ලැබුණේ ඔවුන් නිසා බවට පුහු තර්කයක් ඉදිරිපත් කරන බවද හිටපු මන්ත්‍රීවරයා ස`දහන් කළේය.
මේ සමගම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්රශ්නය විස`දීම හා යුද සමයේදී අතුරුදන් වූවන් පිළිබ`ද සොයා බැලීම යන ජාතික මට්ටමේ කාර්යයන් ස`දහා තමන් සහාය දක්වන දෙමළ දේශපාලන පක්ෂය මැදිහත් විය යුතු යැයි යන්නද ඔවුන්ගේ කොන්දේසි අතර වෙයි.
මේ පිළිබ`ද විමසූ විට පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ දේශපාලන පක්ෂය වන ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක තුලසියන් කියා සිටියේ මේ සියලූම කොන්දේසි ඔවුන් විසින් විශේෂ සාකච්ඡුාවක් පවත්වා එම සාකච්ඡුාවේදී සම්මත කර ගන්නා ලද කොන්දේසි බවයි.
දෙමළ දේශපාලන පක්ෂ උතුර නැගෙනහිර දෙමළ ජනතාව රවටා ඔවුන්ගේ ඡුන්දය ලබාගෙන බලයට පත් වීමෙන් පසුව ඔවුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම නවතාලීම සඳහා තම පක්ෂය කොන්දේසි සහිතව ඔවුන් සමග සන්ධාන වීමට උත්සාහ කරන බවද තුලසියන් පැවසීය.
ටී. එන්. ඒ. ප්‍රතිපත්ති ප්රකාශනය
මේ අතරවාරයේදී දෙමළ ජාතික සන්ධානය ද මැතිවරණ පොර පිටියට පිවිස සිටියි.
මෙවර මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට වැඩි මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවන පරිදි එම පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කිරීමේ කටයුතු යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයෙන් ආරම්භ විය.
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡුාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය, ටෙලෝ සංවිධානය හා ප්ලොට් සංවිධානය යන පක්ෂවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දස දෙනකු සහභාගි වී සිටියහ.
මෙවර මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කටයුතු කිරීමට අලූතින් බිහි වූ දෙමළ සන්ධාන හා පක්ෂ කීපයක්ම ඇති නිසා දෙමළ ජනතාව ඔවුන්ට රැුවටීමට ඉඩ ඇති බව මෙහිදී මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා පවසා තිබේ.
මේ නිසා දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කරනු ලබන මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබ`ද සාකච්ඡුා කෙරෙන ප්‍රායෝගික ලියවිල්ලක් විය යුතු බවට ද මෙහිදී සාකච්ඡුා වී තිබේ.
උතුරේ දෙමළ ජනතාවට හා නැගෙනහිර දෙමළ ජනතාවට මුහුණ දීමට ඇති ප්‍රශ්න වෙනස් නිසා ඒ පළාත් දෙක ස`දහා දෙමළ ජාතික සන්ධානය විසින් සකස් කරනු ලබන යෝජනා වෙන් වෙන් වශයෙන් සකස් කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සකස් කරනු ලබන මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය මේ මස අවසන් වීමට පෙර ජනතාව අතරට පත්කළ යුතු බවට මේ සාකච්ඡුාවේදී තීරණය වූ අතර එහි මූලික කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව එය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කොට ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීමට ද මෙහිදී සාකච්ඡුා වී තිබේ.
224 Viewers