වන්නි උරුමය

 

අතීත යාපා පටුනේ හා වැව්නියාවේ උරුමය සොයායාම…

උතුරේ ඉතිහාසයේ මංසන්දි

ක්‍රි.ව.2009 – ඊළාම් ත්‍රස්ථවාදීන් යුධමය ලෙස පරාජය කිරීම

ක්‍රි.ව. 1949 – පෙඩරල් පක්ශය පිහිටුවා දෙමල ක්‍රිස්තියානින් උතුරේ දේශපාලන බලය ලබා ගැනීම.

ක්‍රි.ව. 1879 – “යාල්පාන වෛපවමාලය” ක්‍රිස්තු භක්තික C. Brito විසින් ලියා පල කිරීම සහ ක්‍රිස්තියානි උගතුන් ලියා පල කරන පොත පත යාපනයේ හින්දූන්ගේ පෙලපොත් වීම.

ක්‍රි.ව. 1879 – ආරුමුග නාවලර් මියයෑම සහ ඒ වර්ෂයේම පොන්නම්බලම් රාමනාදන් ව්‍යවස්ථා දායක සභාවට පලමු හින්දු නියෝජිතයා ලෙස පත් වීම සහ යාපනයේ හින්දු ජාතිවාදය වෙනුවෙන් මූලික වටපිටාව සැකසීම.

ක්‍රි.ව. 1878 – එස්. ජෝන් නම් කියන ඇමෙරිකානු මිශනාරි ෆාස්ටර් කෙනෙක් History of Jaffna (යාල්පාන චරිත්‍රම්) නමින් පොතක් ලිවීම.

ක්‍රි.ව. 1874 – පීටර් පාසිවාල්ගේ ගෝලයෙක් වූ ආරුමුග නාවලර් පෙරටු කරගත් ක්‍රිස්තියානි නායකයින් මෙහෙවූ ජාතිවාදය හින්දු භක්තියින් අතරට රිංගවීම, පොන්නම්බලම් රාමනාදන් ව්‍යවස්ථා දායක සභාවට පත්කරගැනීමට ආරුමුගනාවලර් යෝජනා කිරීම සහ ආරුමුග නවලාර් “ක්‍රිස්තියානිය වනාහී අපගේ භාෂාව ආගමත් සොයා යාමට හින්දු දෙවියන් දුන් තෑග්ගකි ” යි ප්‍රකාශ කිරීම.

ක්‍රි.ව. 1864 – ඉංග්‍රීසීන්ගේ අනුබලය ලැබූ මිශනාරින් මිගෙට්ටුවත්තේ ගුණානන්ද් හිමි ප්‍රමුක බොදු බලය මැද පංචමහා වාද වලදී පරාජය වීම, ඉංග්‍රීසීන් වාරිමාර්ග, ඇලවේලි සහ මහා මර්ග සංවර්ධන ඇරඹීම සහ බුදු දහමට එල්ල කරන තාඩන පීඩන් අඩු කිරීම.

ක්‍රි.ව. 1849 – මිය යන තෙක්ම සිංහල ජාතියට සහ බුදු දහමට විණකැටි ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් මියයාම.

ක්‍රි.ව. 1847 – යාපනය තුල ක්‍රිස්තියානි ව්‍යාප්තිය මදි වීම නිසා රට පුරා හින්දු ව්‍යාප්තවාදය බලගැන්වීම, ඇමෙරිකානු මිශනාරින්ගේ සංවිධානයේ (American Board of Commissioners for Foreign Missions) ලේකම් රූපස් ඒ පිළිඹඳව ආණ්ඩුකාර අර්නස්ට් ටෙනන්ට් හට ලිපි ලියමින් දැනුවත් කිරීම. උතුරේ උගතුන්, වෘත්තිකයින් රටපුරා විසිරී රාජකාරි කිරීම නිසා ඉංග්‍රීසීන් ඔවුන් සමාජයට නායකත්වය දෙමින් ඉංග්‍රීසීන් ට විරුද්ද වෙනු ඇතැයි විශ්වාස කිරීම.

ක්‍රි.ව. 1848 – මාතලේ හා වයඹ සිංහලයින්ගේ නිදහස් අරගලය.

ක්‍රි.ව. 1841 – ක්‍රිස්තියානි අන්තවාදී කොලීන් කැම්ප්බල් ආණ්ඩුකාර වීම.

ක්‍රි.ව. 1833 – කෝල්බෲක් කොමිසම සම්ප්‍රදායික සිංහල දේශපාලන බලය අහෝසි කිරීම.

ක්‍රි.ව. 1831 – විලියම් හෝර්ටන් ආන්ඩුකාරයා පැමිණීම. සාහිත්‍යදාරීයෙක් වූ ඔහු ඒකල සයිමන් කාසිචිට්ට අනුබලයක් ලබා දීම සහ පුත්තලමේ කෝරලේ කමට පත් කිරීම. කාසිචෙට්ටි පොත් 13 කුත් ලිපි 29 කුත් ලියා පල කිරීම දෙමල ජාතිය ඔසවා තැබීමට කටයුතු කිරීම.

ක්‍රි.ව. 1830 – සයිමන් කාසිචෙට්ටි, ත්‍රිකුනාමලේ ගෝකන්න විහාරය පුරාණ හින්දු කෝවිලක් ලෙස ලියාපල කිරීම සහ බුද්ධාගම මෙරටට පැමිණීන්මට පෙර ලංකාවෙ හිටියෙ හින්දු භක්තිකයෝ යන බවට විලියම් ජේම්ස් ප්‍රකාශකල බව සඳහන් කිරීම. එසේම විලියම් ජේම්ස්, කල්කටාවේ ආසියාතික සංගමය පිහිටවූ ජොන්ස්ටන් ගේම මිතුරෙක් වීම සහ 1819 බෙදීම තහවුරු කරමින් එංගලන්තයේ උවමනාව පරිදි ලිපි ලියා පල කිරීම.

ක්‍රි.ව. 1824 – සයිමන් කාසිචිට්ටි කල්පිටියෙ  උසාවියේ තෝල්ක මුදලි වීම. එතැන් පටන් ඔහු ලංකා ඉතිහාසය වෙනස් කරන්න පටන් ගැනීම, කාසිචිට්ටි ලංකාවේ සිට ජොන්ස්ටන් ට අවශ්‍ය දෑ ලියා පල කිරීම, තෝල්ක මුදලිකම නිසා ලැබූ භෂා ප්‍රවීනත්වය, ඔහු උගතෙක් ලෙස හුවා දැක්වීම සහ ඉංග්‍රීසීන්ට ලිවීමට අවශ්‍ය දේ ලංකාවේ කෙනෙක් ලෙස ලියා පල කිරීම සහ ඔහුට රජකීය ආසියාතික සංගමයේ ලේඛන සාමාජිකත්වයක් ලැබීම.

ක්‍රි.ව. 1824 – ජෝන් ඩොයිලිගේ සියදිවි නසා ගැනිම සහ පාර්සිවාල් අර්ක්ලන්ඩ් ඩයික් සිවිනිලදාරියකු ලෙස යාපනයට පත්වීම.

ක්‍රි.ව. 1823 – එංගලන්තයේ රාජකීය ආසියාතික සංගමය (Royal Asiatic Society) ආරම්භය  සහ ලංකාවේ ඉතිහාසය විකෘති කිරීම ඇරඹීම.

ක්‍රි.ව. 1819 – මෙම වසරේ ජනවාරියේ ගල්ලට රැස්වූ මිශනාරි වර්ගයා ලංකාව දෙමල සිංහල ලෙස දෙකට බෙදීමට තින්දුවක් ගැනීම.

ක්‍රි.ව. 1818 – යුධ නීතිය උපයෝගී කරගනිමින් උඩරට, ඌව, වෙල්ලස්ස හා බින්තැන්න ප්‍රදේශවල මහා ජන සංහාරයක් සිදු කිරීම.

ක්‍රි.ව. 1816 – ප්‍රභල ඇමෙරිකානු මිශානාරි කන්ඩායමක් යාපනය වෙත පිටත් කර හැරීම සහ ඔවුන්ට අලිමංකඩින් දකුනට ඒම තහනම් කොට සිංහලයින්ට මුනගැසීම වලක්වාලීම.

ක්‍රි.ව. 1816 – මරක්කලයින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් වරප්‍රසාද ලබාදීම ඇරඹීම

ක්‍රි.ව. 1815 – සිංහල රාජ්‍ය බිඳවැටීම

ක්‍රි.ව. 1813 – බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් නම් නීති නිළධාරියාගේ උපදිස් පරිදි ඇමරිකානු මිෂනාරීන් කණ්ඩායමක් යාපනය වෙත යැවීම.

ක්‍රි.ව. 1812 – රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර තැන කපිතාන් ජෝන් ඩොයිලි සමග එක්ව උඩරට රාජ්‍යයට විරුද්ධව චරපුරුෂ සේවාවක් ආරම්භ කිරීම.

ක්‍රි.ව. 1806 – මුස්ලිම් නීතිය අලුතෙන් හා රෝම ලන්දේසි හා තේසවලමේ නීති යලි බලාත්මක් කිරීම සහ පහතරට සුලුතර ජන කොටස් වෙත වරප්‍රසාද දෙමින් පහතරට සිංහලයින් පසුගාමීත්වයට පත් කිරීම.

ක්‍රි.ව. 1805 – තෝමස් මේලන්ඩ් උඩරට සමග යුද්ධය නතරකරමින්, ලියුම් තැගි බෝග හුවමාරව ආරම්භ කිරීම හා රදලයන් හා ස්වාමීන් වහන්සේලා උපායෙන් රැවටීම.

ක්‍රි.ව. 1804 – උඩරට හමුදාව වයඹ, උතුර, නැගෙනහිර හා දකුනෙ සියලුම බලකොටුවලට පහරදීම.

ක්‍රි.ව. 1803 – ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් වැදුණු වන්නි බණ්ඩාර ඝාතනය.

ක්‍රි.ව. 1803 – පෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාර තැන උඩරට ආක්‍රමණය කිරීම සහ ආක්‍රමණික හමුදාව මහනුවරදී සමූල ඝාතනයට ලක්වීම.

ක්‍රි.ව. 1799 – මදුරාසි පාලනය ට සම්බන්ද ලංකාවෙ පලමු යටත් විජිත ලේකම් හියු ක්ලෙගෝන් 1799 ජුනි 01 දී, ආණ්ඩුකාර පෙඩ්‍රික් නොර්ත්ට වාර්තාවක් ලබාදෙමින් අතීතයෙ සිට ලංකාව ජාතීන් දෙකක් දෙකට බෙදාගෙන සිටිබව පවසමින් මෙරට අදායම් හා අධිකරණ පාලනය පිළිඹඳව ව්‍යාජ තොරතුරු සපයන ලදි. එයින් පසුව නෝර්ත් මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනකොටස් උලුප්පා බෞද්ධයන් යටපත් කරනා ලද අතර ඉඩම් ලබා දී මුස්ලිම් පල්ලි සෑදීම මෙන්ම ක්‍රිස්තියානි පල්ලි ආන්ඩුවේ වියදමෙන් අලුත් වැඩියා කිරීම, බෞද්ධයාට පන්සල් සෑදීමට අවසර ලබා නොදීම.

ක්‍රි. ව. 1799 – ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් නම් නීති නිලදාරියා මෙරට ඇඩ්වකේට් ජෙනරාල් ලෙස පත්වීම් ලබා ලංකාවට පැමිණීම. ඔහුගේ පියා මදුරාසියේ උසස් තනතුරක් දැරූ අතර, මදුරාසියේ මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම එංගලන්තයට ගොස් නීතිය පිළිඹඳ උගෙන පසුව ලංකාවට පැමිණියේය. බෙදා වෙන්කොට (Divide & Rule) පාලනය පිළිඹඳව නෝර්ත් , මේට්ලන්ඩ් හා බ්‍රවුන්රිග් යන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ට නීති හා පරිපාලන උපදෙස් දුන්නෙ මොහු විසිනි.

ක්‍රි.ව. 1798 – පෙඩ්‍රික් නෝර්ත් පාලනය මදුරාසි පාලනයෙන් මිදීම.

ක්‍රි.ව. 1796 – ඉංග්‍රීසීන්ගේ වියදමෙන් හින්දු කෝවිල් 300 හැදීම සහ මුහුදු බඩ ප්‍රදේශ වල ඔමිල්දාර් නම් දකුනු ඉන්දියානු පාලනයක් ඇති කීරීම.(කැරැල්ල නිසා ව්‍යර්ථ විය)

ක්‍රි.ව. 1766 – සිංහල-ලන්දේසි ගිවිසුමෙන් යාපනය, මන්නාරම, මුලතිව් හා වන්නියේ පාලනය පැවරීම

ක්‍රි.ව. 1694-96 – ලන්දේසීන් විසින් ඉන්දියාවෙන් ගෙනා වහලුන් හා විවිධ කුලවල පුද්ගලයින් පදිංචි කරවීම

ක්‍රි.ව. 1636 – යාපනය, මන්නාරම රජු ලෙස දෙවැනි රාජසිංහ රජු ලන්දේසීන්ට යැවූ ලිපිය

ක්‍රි.ව. 1629 – සෙනරත් රජු යටතේ අතපත්තු මුදලිතුමා යාපනයේ පෘතුගීසීන් පලවා හැරීම

ක්‍රි.ව. 1621 – යාපනය බලය පැවරීමට අත්සන් කළ සිංහල-පෘතුගීසි ගිවිසුම

ක්‍රි.ව. 1609 – යාපනය, මන්නාරම අයිතිය හොබවූ මහනුවර රජුට ඕලන්ද කුමරුන් එවූ ලිපිය

ක්‍රි.ව. 1568 – කෝට්ටේ ව්‍යාඝ්‍රයා, වීදිය බණ්ඩාර යාපනයේදී ඝාතනය වීම

ක්‍රි.ව. 1450 – හයවෙනි පැරකුම්භා රජතුමා යාපා පටුනේ බලය තවුරු කිරීම සඳා සපුමල් කුමරු යැවීම

ක්‍රි.ව. 1262 – දෙවෙනි පැරකුම්භා රජතුමා චන්ද්‍රභානු නම් ජාවක ආක්‍රමණිකයා දෙවනවරට පරාජය කිරීම

ක්‍රි.ව. 1255 – දෙවෙනි පැරකුම්භා රජතුමා කාලිංඝ මාඝ පලවාහැරීම

ක්‍රි.ව. 1247 – දෙවෙනි පැරකුම්භා රජතුමා චන්ද්‍රභානු නම් ජාවක ආක්‍රමණිකයා පලමුවරට පරාජය කිරීම

ක්‍රි.ව. 1215 – කාලිංඝ මාඝ ආක්‍රමණය

ක්‍රි.ව. 1153-86 – පලවෙනි පැරකුම්භා රජ සමය

ක්‍රි.ව. 1055 – පලවෙනි විජයභාහු රජතුමා මන්නාරම, මඩකළපුව හා රට මැදින් සේනා යවා රජරට හා වන්නි ප්‍රදේශ නිදහස් කරගැනීම

ක්‍රි.ව. 1017 – පලවෙනි රාජේන්ද්‍ර චෝල රජු උතුර හා රජරට ආක්‍රමණය හා යටත්කොට ගැනීම

ක්‍රි.ව. 938-946 – හතරවන දප්පුල රජසමය

ක්‍රි.ව. 914-923 – පස්වන කාශ්‍යප රජසමය

ක්‍රි.ව. 898-914 – හතරවන කාශ්‍යප රජසමය

ක්‍රි.ව. 67-111 – වසභ රජතුමාගේ ඉසගිරිය ඇමතිතුමා විසින් යාපනයේ ප්‍රාදේශීය පාලනය ගෙනයෑම



24 Viewers