වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා

වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා අතර රූපවාහිනි විවාදයක් තිබුනා 1994දි. ඒ කාලේ මම පාසල් සිසුවෙක්. විවාදය තිබුනේ උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දිය යුතුද නැත්නම් යුද්ධයෙන් එය අවසන් කළ යුතුද කියලා. නලින් ද සිල්වා මහතා කිව්වේ හමුදාමය ක්‍රියාමාර්ගයකින් ප්‍රශ්නය විසඳිය යුතු බව. විවාදය අවසන් කරමින් කතා කළ වික්ටර් අයිවන් කියපු දේ මට අද වගේ මතකයි. “හමුදාමය ක්‍රියාමාර්ගයකින් කවදාවත් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. එහෙම කරන්න කරන්න හදන උත්සාහයන් නතර වෙන්නේ මේ රටේ ලේ ගංගාවල් ගලා යාමෙන් පමණයි.” කියන අදහසයි ඔහු කිව්වේ…

ඒ දවස්වල මම වික්ටර් අයිවන් කියපු දේ විශ්වාස කලා. මම හිතන්නේ ඒ දවස්වල 99% ක් විශ්වාස කළේ ඒ කතාව තමයි. දේශපාලන විසඳුමක් දිය යුතුය කියන කතාව වික්ටර් අයිවන්, චාල්ස් අබේසේකර, සුනන්ද දේශප්‍රිය වගේ පිරිස් සෑහෙන දුරට සාර්ථකව ජනගත කළා. චන්ද්‍රිකා බලයට ගෙන ඒමේ ව්‍යාපාරයත් එක්ක සමගාමීව ආපු මතවාදයක් තමයි ඒක.

කොහොම හරි, වික්ටර් අයිවන් පස්සෙ තමන් බලයට ගේන්න සහාය දුන්න චන්ද්‍රිකා ගැන “චෞර රැජිණ” කියල පොතක් ලිව්වා. කාලය ගෙවිල ගියා. 2009 දි හමුදාමය ක්‍රියාමාර්ගයකින් එතෙක් මේ රටේ ගැලුනු ලේ ගංගා සියල්ල නතර වුනා. මිනිස්සු අද නිදහසේ හුස්ම ගන්නවා. එදා වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා අතර වාදය කී දෙනෙක්ට අද මතකද දන්නෙ නෑ. නලින් ද සිල්වා කරපු දේට සමාජයේ නිසි ඇගයීමක් ලැබුනේ නෑ.



20 Viewers