සජබේ මහ මැතිවරණයෙන් හවුල් රජයක් පිහිට වනවා?????
පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපල සමග සැසදීමේදී මෙහි සත්‍යයක් නැත්තේම නැත.
පහලින් 2024 සමස්ත ජනාධිපතිවරණ ප්‍රතිපල දිස්ත්‍රික්ක මට්ටමෙන් යමෙකුගේ දැන ගැනීමට ඉදිරිපත් කර ඇත.
කොපමණ මාලිමාව “ඔරුමිත්ත නාඩු ” ව්‍යවස්ථා ස්ථාපනය, ජාතික කොඩිය මහ ජාතිය හා බෞද්ධ ප්‍රමුඛත්වය ඉවත් කරමින් ප්‍රතිනිර්මාණය කිරීම, සිංහල හා බෞද්ධ ජාතිය අන් ජාතින් සමග සම කිරීම, ශ්‍රීලංකාව බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් ඉවත් කිරීම වැනි පොරොන්දු, සිය ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිපත්ති
ප්‍රකාශනයේ සඳහන් කළ ද (මාලිමා 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකශනය පිටුව 230 හා 231) උතුරු, නැගෙනහිර, කඳුකරය හා බහුතරයක් ද්‍රවිඩ ජාතින් ජිවත් වන ප්‍රදේශයන් හී ජනතාව මාලිමාවට සිය ඡන්දය නොදි, එම ජනාධිපතිවරණයේම එක්සත් ශ්‍රීලංකාවක් නිර්මාණය කිරීමට පොරොන්දු වූ සමගි ජන බලවේගය (සජබ) ගැන විශ්වාස පළ කළේය.
ඒකීය ශ්‍රීලංකාව එක්සත් ශ්‍රීලංකාවක් කිරීම, “ඔරුමිත්ත නාඩු ” නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම, ෆෙඩරල් බළතල දීම හා 13 + යනු විවිධ නම් වලින් හඳුන්වා දෙන බලය බෙදාහැරීමකි.
එමනිසා 2024 ජනාධිපතිවරණය තුළ දී රට බෙදීමට හා සිංහල හා බෞද්ධ අයිතිය නැති කිරීමට අපේක්ෂා කරන්නා වූ බහුතරයක් කොටස් මාලිමාව අභිබවා “සජබ “ය පිළිගත්තේය යන මතයට යමෙකුට පහසුවෙන් අවතීරණ වීමට හැකිය.
මෙම ජනාධිපතිවරණයෙදී දකුණේ සිදු වූ ජුගුස්සාජනකම සිදුවීම නම්, එදා 2019 ජනාධිපතිවරණයේදී ඒකීය ශ්‍රීලංකාවක් යන තේමාවට ප්‍රිය කළ හා ඒ වෙනුවෙන් ඍජුව පෙනීසිටි, පොදුජන පෙරමුණට ඡන්ද 69 ලක්ෂයක් ලබා දුන් ජනතාවගෙන් , මෙවර ඡන්ද 55 ලක්ෂයක් පමණ ලිඛිතව රට බෙදීමේ ව්‍යවස්ථා ගෙන එන බව සඳහන් කළ මාලිමාවට ඡන්දය යෙද වීමය.
වත්මන් තත්වය යටතේ, මාලිමාව, සජබ හා රනිල්ගේ ගෑස් සිලින්ඩරය යන සියළුම දේශපාලන පක්ෂ ඍජුව රට බෙදීමේ හා සිංහල බෞද්ධ අයිතිය නැති කිරීමේ ප්‍රයත්නයක නිරත වූ වටපිටාවක හා උතුරු හා නැගෙනහිරට ගොස් තමා රට බෙදීමේ ප්‍රතිපත්තියේ නොයෙදෙන බවත්, නමුත් සියළු ජාතීන්ට හා ආගම් වලට සමසේ ජීවත් වීමේ රටක් නිර්මාණය කර දෙන්නේ යැයි පැවසු හා අදත් එම ස්ථාවරයේම සිටීන, පොදුජන පෙරමුණේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂක හා වත්මන් ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තින් ගිය ජනාධිපතිවාරයණයේ දී ජනතාව මායිම් නොකළේය.
එහි ප්‍රතිපලයක් ලෙස අද තේරී පත් වී ඇත්තේ, එකෙන්ම රටේ බලය බෙදීමට එකඟ වන ජනාධිපතිවරයෙකු හා පවතින මහ මැතිවරණයෙන්,
ආසන 113 කට වඩා හවුල් වී ගන්නේ යැයි ප්‍රකාශ කරන එවැනිම ප්‍රතිපත්තියක සිටින දෙවැනියෙකි.
අද අජිත් පෙරේරා හිටපු ඇමතිවරයා පවසන්නේ ඔවුන් අනෙක් පක්ෂයන් සමග එකතු වී,2025 පාර්ලිමේන්තු බලය ලබා ගන්නා බවය.
එසේනම් ඔහුට එලෙස කිරීමට එකතු වීමට සිදුවන්නේ, ෆෙඩරල් පාලනයක් ගෙන ආ යුතුයැයි ප්‍රකාශ කරන්නා වූ ගෑස් සිලින්ඩරයෙන් මෙවර තරඟ කරන්නා වූ රනිල් වික්‍රමසිංහයන්ගේ කණ්ඩායම හා අනෙකුත් උග්‍ර බෙදුම්වාදී අදහස් තුළ සිටින, ද්‍රවිඩ ඩයස්පොරාවෙන් නඩත්තු වන ද්‍රවිඩ අන්තවාදී හා බෙදුම් වාදී කණ්ඩායම් සමගය.
රනිල් වික්‍රමසිංහයන්ගේ මූලික අදිටන, සජිත් ප්‍රේමදාස පරාජය කිරීම හේතුවෙන්, සජිත් ප්‍රේමදාස මෙවර මහ මැතිවරණයෙන් අගමැති වන්නේ නම්, ඔහු සජබය හා එක් නොවී පවතින රජයට සහයෝගය දීමට හෝ පාර්ලිමේන්තුවේ ස්වාදීනව සිටීමට තීරණය කිරීම අනිවාර්යෙන් සිදු වනු ඇත.
එවිට රනිල් වික්‍රමසිංහ ලබා ගන්නා වූ ආසන මත, සජිත් ගේ සිහිනය තීරණය වනු ඇත.
මේ තුන් කට්ටුවෙන් කවුරුන් මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කලද, රට බෙදීමේ
අවස්ථාව පැමිණි සැනින් මොවුන් සියල්ලම එකතු වී එයට අවශ්‍ය තුනෙන් දෙක නම් නිර්මාණය කර දීම සක්සුදක් සේ පැහැදිලිය.
මෙවර පැවති ජනාධිපතිවරණය මෙන්ම මෙම මහ මැතිවරණයෙන් හොඳම හා යළි ආපසු හැරවීමට නොහැකි දරුණුම විපාකය විඳිනු ලබන්නේ සිංහල හා බෞද්ධ ජනතාව ය.
මන්ද ඔවුන් 2024 ජනාධිපතිවරණයේදී කළ වැරැද්ද, මෙම මහ මැතිවරණයෙන් හෝ ආපස්සට හැරවීමට හැකියාව තිබියදී ත්,69 ලක්ෂයක් වූ පොදුජන පෙරමුණ පක්ෂයේ ඡන්ද පදනම, මෙවරත් රාජපක්ෂවරුන්ට රිදවීමට හෝ අන් කුමණ වූ කාරණාවකට , ඔය තුන් ගොල්ලන්ටම ලබා දෙන්නේ නම්, තවත් ඒකීය රටක් ගැන 2025 න් ඔබ්බට සිතීම පවා නිෂ්පල කරුණකි.
මෙය ඔබගේ විමසුමට මිස අපහසයට ඉදිරිපත් නොකරමි.
(දිනේෂ් ද අල්විස්)
(අජිත් P පෙරේරා)
02/11/2024
5 Viewers