හූල් කොටි හිතවාදියෙක්

”මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි.

ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු මහමොළය ලෙස සමහරු හඳුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

එක්සත් ජාතික පක්ෂයට කඬේ යන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටි පිල්ලියක් බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡුන්දය ලබා නොදෙන ලෙස ඔහු ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශයෙන් මැතිවරණ කොමිසම පිළිබඳ විශ්වාසය තවදුරටත් කඩ වන බවයි.

නාරාහේන්පිට දාබරේ මාවතේ ප‍්‍රජාශාලාවේ පෙරේදා (06දා) පැවති ‘ගම දැනුවත් කරමු – අපි යළිත් නැගිටිමු’ රැුස්වීම් මාලාවේ පළමුවැන්නාට සහභාගි වීමෙන් පසු මාධ්‍යවේදීන් මතුකළ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

”මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස රත්නජීවන් හූල්ට පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි ප‍්‍රසිද්ධියේ කියන්න කිසිදු අයිතියක් නෑ. හූල් කොහොමත් කොටි හිතවාදියෙක්. බෙදුම්වාදියෙක්. ඔහුගේ පැටිකිරිය බලපුවාම ඒක පැහැදිලියි. ඔහු 1980 නයිජීරියාවේදී කොටින්ට අරමුදල් එකතු කළා කියලා චෝදනා තියෙන අයෙක්. කොටින්ගේ සැඟවුණු මහමොළය ලෙස සමහරු හඳුන්වන රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පත් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයායි.

මෙවැනි පුද්ගලයකු ස්වාධීන මැතිවරණ කොමිසමට පත් කළේ මොකටද? කාගේ වුවමනාවටදැයි දැන් පැහැදිලියි. රත්නජීවන් හූල් කොමිසම තුළ මේ ක‍්‍රියාත්මක කරන්නේ කාගේ වුවමනාවද? කොටින්ගේ, එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මිස වෙන කිසිවක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව පත් කරපු ස්වාධීන කොමිසම නමට විතරක් ස්වාධීන බව හූල්ගේ මේ ප‍්‍රකාශයෙන්ම තහවුරු වෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ කොටි පිල්ලි ඉන්න මැතිවරණ කොමිසමෙන් අපි ස්වාධීනත්වය බලාපොරොත්තුවෙන එක හරියට ඉබ්බන්ගෙන් පිහාටු හොයනවා වගේ වැඩක්.



132 Viewers