1990 ජූලි 11 ඛේදවාචකයට, අදට හරියටම අවුරුදු 34ක්…
කවුරුහරි ඇහුවොත් මේ ලෝකේ නිර්භීතම තරුණයා කවුද කියලා මම කියන්නේ කපිතාන් සාලිය අලදෙණිය කියලයි…
ඊට වඩා නිර්භීත අය ඇති… හැබැයි මම දන්න නිර්භීතම තරුණයා සාලිය අලදෙණියයි…
අවුරුදු 26ක් වගේ පුංචි වයසක දී තමන්ගේ අම්මා තාත්තා, තරුණ වයසේ ආසාවල්, අනාගත බලාපොරොත්තු සේරම පැත්තකට දාලා, පසු බහින්න කියලා මූලස්ථානයෙන් දීපු අණ නොතකා හැරලා ජීවත් උනොත් රස්සාව නැති වෙනවට වඩා දඬුවම් විඳින්න සිද්ධ වෙනවා කියලා දැන දැනත්, ඊළඟ තත්පරයේ තමන්ට අත් වෙන්නේ මොන විදිහේ මරණයක්ද කියලා හොඳාකාරයෙන්ම දැන දැන, භූමිය රකින්න ත්‍රස්තවාදීන් විනාස කරන්න තමන් හිටපු තැනට උඩින් ප්‍රහාර එල්ල කරන්න කියලා මූලස්ථානයෙන් ඉල්ලන්න එසේ මෙසේ කෙනෙකුට බැහැ.
මූලස්ථානයෙන් ප්‍රහාරයක් දියත් කරන්න කලින්, ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පණ පිටින් පිච්චිලා එදා මිය ගියපු කිසිම කෙනෙක් මූලස්ථානයෙන් පහු බහින්න කියලා කිව්වම, තමන් ආරක්ෂා කර කර හිටපු භූමිය අතෑරලා පැනලා යන්න සූදානම් වුණේ නැහැ. එදා එහෙම කළා නම් එයාලා අදත් ජීවතුන් අතර.
මේ ලෝකේ වේදනාත්මක මරණය තමයි පණපිටින් පිච්චෙන එක. ඒක වෙන බව දැන දැනත් කපිතාන් සාලිය අලදෙණිය අන්තිමට මූලස්ථානයෙන් උදව් ඉල්ලලා නැතිවුනාම කියන්නෙ මෙච්චරයි.
“Don’t worry sir, I will fight till I die.”
“බයවෙන්න එපා සර්. මම මැරෙනකන්ම සටන් කරනවා.”
ඇත්තටම පඩියකට එහෙම කරන්න පුළුවන් කාටද? එහෙම කරන්න පුළුවන් තමන් ඉපදුන මහපොළොව ගැන අසීමිත ප්‍රේමයක් හිතේ පුරව ගත්ත කෙනෙකුට විතරයි. අදටත් මම මෙතනට ගියාම, මේ කතාව අහන හැම වෙලාවකම පළවෙනි වතාවට ඇහුවා වගේම කඳුළු එන්න ඒකයි…
මම කපිතාන් සාලිය අලදෙණියගේ නිර්භීතකමට ආදරෙයි…
මම කපිතාන් සාලිය අලදෙණියගේ දේශප්‍රේමයට ආදරෙයි…
මම කපිතාන් සාලිය අලදෙණියට ආදරෙයි… ❤️
#සුහාරා
14 Viewers