20 වන ව්‍යවස්ථාව සහ රාජපක්ෂ පවුල

…….20 වන සංශෝදනයට මම එකඟ නැත…….
මක්නිසාදයත් JR ගේ ව්‍යවස්තාවෙන් එක් පුද්ගලයකු වටා ඒකරාශි වී තිබුණු අසීමිත බලය නැවතත් එකාධිපතියෙකුට හිමිවීමට ඇති ඉඩකඩ නිසාය.

එය එසේ නමුදු 19 වැනි සංශෝදනයෙන් ඇතිවූ ව්‍යාකූල තත්වයන් නිසා 2015 සිට අද වනවිට රටට යනඑනමන් නැතිවී නන්නත්තාරවූ බව නොදන්නේ ජෙපි මහත්තුරැ කීපදෙනෙකුත් යහපාලනය වෙනුවෙන් ඇපකැපවූ මුස්ලිමි හා දෙමල පක්ෂ කීපයක් පමණි.

2015 සිට ව්‍යවස්ථාවෙන් දුර්වලවූ ජනාධිපති කෙනෙකු ඇති විට පාර්ලිමෙන්තු බලය නැටවුයේ ඉහත සඳහන් කල සුලු පක්ෂ විසින් බවද ඇත්තය.
එබැවින් ඔවුන්ගේ පෙනී සිටීම වැරදි නැත.
මෙම කතාවෙ අනික් පැත්ත ගැනද අපි සිතිය යුතුය.

2010 දී ජනාධිපතිවරණයෙන් මෛත්‍රී ජය ලැබුවෙ ඉහත සඳහන් කල සුළු පක්ෂ නිසා නමුත්;
වාසනාවකට හෝ අවසනාවකට ගැටුමක් ඇතිවීම නිසා පසුකලකදී ජනාධිපති පැත්තකට දමා ගෝලීය ඩයස්පෝරාවෙ අභිමතාර්ත ඉටු කරගනිමින් සිටි අතර ඉතිරිව තිබූ සමහර ජනාධිපති බලතල වලින් යමි වක්‍ර අවකැපීමි කර වෙගය බාල කරගැනීමවත් සිදු නොවුනානං එවකට රජයේ සුක්කානම හසුරවන්නේ සුමන්දිරමි බව ඔප්පු කිරීමට සාක්ෂි අවශ්‍ය නැත.

මම උරණ වන්නේ ,ජනාධිපති දුර්වලවූ විට සුලු ජාතීන් රට පාලනය කිරීම නොව කොටි ඩයස්පෝරාවට යටවූ සුමන්දිරන්ලා පාර්ලිමෙන්තුව පාලනය කිරීමය.

අවුරැදු 72 ක් රට පාලනය කල දේශපාලකයින් රටට කල දෙයක් නැතැයි ;මරලතෝනියක් පසුගිය කාලයේ දක්නට ලැබුනි.
225 එපා යයි සමහරැ යටි ගරියෙන්ද බෙරිහන් දුනි.
එය ඇත්තය.
අපි වෙනසක් කල යුතුය.

225 එපා නං වෙනස කිරීමට නායකයකු බිහිවිය යුතුය.
නායකයකු පෙනෙන තෙක් මානයේ නැත.

අජිත් කොලොන්න කීවෙ දේශපාලන පක්ෂයකට අයත් නොවන රජයේ දක්ෂ නිලධාරියෙක් 2020 රටෙ නායකයාවී රට බෙරා ගන්නා බවය.

ඔහුගේ බුදධි අංශ සමග තිබු සමිබන්ධතාවය දැනුම හා දීඝ්‍ර කාලයක බුද්ධි ප්‍රධානියකු ලෙස කල ගනනයක් බැවින් එසේ එය නිවාර්යයෙන්ම සිදුවන බවටද සපථ කලේය. නමුත් ඒ පත්වන තැනැත්තා කවුදැයි හෙලි කලේ නැත.

නාගා,පල්ලෙවත්තලා විවිධ මැජික් න්‍යායන් ඉදිරිපත් කර කරලියට පැමිණියේය.
නාගා අවානං නව ව්‍යවස්තාවෙන් ශේෂ්ඨාදිකරනය ඇතුලු සියලුම ප්‍රධාන නිලතල අහවරය.
දිණුවොත් නාගා අසම සම ජනතාපරමාධිපත්‍ය ලැබූ ජනතා නායකයාය.
ඔහුට රට අලුතින් ගොඩනැගිය හැකියි විශ්වාස කල උගතුන්ද අපමණව බිහිවිය.

අවසානයේ අජිත් කොලොන්නගේ අනාවැකිය හරියටම හරි ගියේය.
225 ට අයිති නැති ,දක්ෂතා පෙන්වූ , දේශපාලන පක්ෂයකට අයිති නැති ගෝඨා නැමැති විශිෂ්ඨ රාජ්‍ය සේවකයා මාස 3ක්  ඇතුලත බිහිවී ජනතාපරමාධිපත්‍ය බලය විජයග්‍රහනයකින් හිමිකර ගත්තේය.
කොටින්ම කියතොත් අජිත් කොලොන්න කිවිව පරිදිම සපුමල් කුමරා 2020 ට ඉපදුනි.

නාගාමෙන් අලුත් ව්‍යාවස්තාවක් හදන්න බලයක් නැත්නං රට හදන්න මැජික් පෙන්විය යුතුය.
225 සමග ගෝඨාට බැරි යයි සමහරැ මතුරන්නට පටන් ගත් අතර මහින්ද කවදාවත් ගෝඨට බලය දෙන්නේ නැතැයි මගේ උගත් මිතුරන් රැසක් මෙන්ම විපක්ෂ නායකයින් අඩි පොලෙවෛ හප්පමින් විලාපදුනි.

ගෝඨා පාර්ලිමෙන්තුවත් නැතුව ,පඹ ජනාධිපති තනතුරෙන් කොරෝනා තුරන් කිරීම අතින් ලොවටම ආදර්ශයක් දෙනවිට රටෙ ආර්ථිකය සුන්නත්දූලිවී තිබිණ.
තවත් පරාර්ථකාමී තීන්දු තීරණ රැසක්ම ගැනීමටද අගහිඟකමි නං ගෝඨාට බාධාවක් නොවිනි.
බලයක් ඇති නිලයක් තිබුනානං ප්‍රතිඵල මීට වැඩි යයි යමෙකුට තර්ක කල හැක.

කිසි විටකත් කෙඳිරිය ,පච කෙබර ,මඩ ගෝඨා අවිය කර ගත්තේ නැත.
ඔහුගේ ක්‍රියා කලාපය ජනතාව කොපමණ පිලිගත්තෙහිද යන්න 52% ක්වූ ජනතා කැමැත්ත මාස ගනනකදී 60%දක්වා පෙනීමෙන් වටහාගත හැක.

එනයින් බලනකල අජිත් කොලොන්න නැමැති බුද්ධිප්‍රධානියාගේ අනාවැකිය වන රට බෙරාගන්න පැමිණි නායකයා ගෝඨා නං ඔහුට පඹ ජනාධිපති කමෙන් කිසිවක් කල නොහැක.

ඔහුට රට හදන්න 20 නොව 21 කින් හෝ අවශ්‍ය වෙයිනං ශක්තිමත් කල යුතුය.
මහින්ද හා ගෝඨා යනු අයියා මල්ලීය.
කොහොමත් 19 සංශෝදනයේ තියෙන බලතල ඇත්තේ එක ගෙදරය.
එබැවින් 20 ඇත්තේ පොඩි වෙනසකි.

20 බලතල තිබූ සියලුම ජනාධිපතිවරැඉතිහාසයේ නියමිත ලෙස චන්දයට මුහුණ දුනි.
නායකයෙකුට බලයක් නොදී වැඩ කරන්න යයි කිව නොහැක.

අවුරැදු 5ක්වත් නායකයෙකුට කාලයක් දිය යුතු නැතැයි සිතන්න තරං ජනතාවද මෝඩ නැත.
එබැවින් චන්දයකදී නායකයා නරකද යන්න ජනතාවට තීන්දු කරන්න ඉඩදීම ශිෂ්ඨයින්ගේ යුතුකමය.

ලොව කිසිම රටක අයිය මල්ලී එකවර රජවී නැත.
එය කලේ 19 සංශෝදනයෙන් රාජපක්ෂ පවුලට කෙලවන්න යෑමෙන්ය.
19  යනු කුපාඩිකම වටා එතු සීනි දවටමක් පමණි.

දයා ප්‍රතාපසිංහ



147 Viewers