මානව හිමිකම් රකින ආයතන දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී නොවිය යුතුයි…කොටි සටන මැද සිංහයන් මානව හිමිකම් සැසිය අමතයි
(Courtesy of Lanka Lead News)
September 20, 2018 2:55 pm | Lanka Lead News

ලෝකය පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින මානව හිමිකම් කවුන්සිලය දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහී නොවන බව ක්‍රියාවෙන් පෙන්වාදිය යුතු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ ලේකම්
ජයරාජ් පලිහවඩන මහතා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.
මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා මෙවැනි ආයතනයක අවශ්‍යතාව මෙම වකවානුවේ වඩාත් උත්සන්න වී ඇත. නමුත් ලෝකයේ ප්‍රබල රටක් මෙම ආයතනය දේශපාලනිකව පක්ෂග්‍රාහී බවට චෝදනා එල්ල කරන ආකාරය අපි ඉතා කණගාටුවෙන් බලා සිටියෙමු. එම චෝදනාව පදනම් විරහිත බව බහුතර ජනතාවගේ පිළිගැනීම වන අතර එය දේශපාලන යම් අරමුණකින් සිදු කළ බව පෙනේ.
නමුත් එවැනි තත්වයක් තුළ මෙම ආයතන දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහී නොවන බව ක්‍රියාවෙන් පෙන්වීම අත්‍යවශ්‍ය වන අතර එය වචනයට වඩා ක්‍රියාවට අනුව සිදුවිය යුතුය.මෙම තත්ත්වයට අදාළව ක්‍රියා පිළිවෙත් වල අක්‍රමිකතාවයක් ලෙස පෙනෙන ප්‍රශ්න ප්‍රමාණයක් 2012 සිට මතුවී ඇති අතර ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සලය විසින් සම්මත කළ යෝජනාව ද ඊට අයත් වේ. මේ පිළිබඳව අප පසුව වැඩි විස්තර ඉදිරිපත් කරමු.
කෙසේ වෙතත් මූලික වශයෙන් මෙම සැසි වාරයේ සිට ශ්‍රී ලංකාවට අදාළව නව ප්‍රවේශයක් අනුගමනය කිරීම මගින් බහුතර ශ්‍රී ලාංකිකයන් අතර විශේෂයෙන් සිංහල බහුතරය අතර සාධාරණ සහ යුක්ති සහගත ඇහුම්කන් දීමක් මෙම කවුන්සිලය විසින් සිදු කරනු ඇතැයි යන විශ්වාසය තහවුරු කරනු ඇතැයි විශ්වාස කරමි.
634 Viewers





