උතුරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම ගැන පැමිණිළි කරයි
(Courtesy of The Neth News)
උතුරු පළාතේ දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ඇතිව පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කිරීම් සිදු වන බව දන්වමින් ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට ලිපියක් භාරදී තිබෙනවා.
ඉකුත් සතියේ කිලිනොච්චියේ සහ මුලතිවු කුරුන්දන්කුලම්හි ඇති වූ සිද්ධීන් ඊට උදාහරණ බවයි මෙම ලිපියේ දක්වා තිබෙන්නේ. පුරා වස්තු විනාශ කිරීම් සහ තර්ජනය කිරීම් දැක්වෙන ජායාරූප ද මෙහි ඇතුළත් කර තිබෙනවා.
ජාතිවාදී පදනමකින් ව්‍යාජ නිජබිම් සංකල්පයක් පෙරදැරිව, දෙමළ ජනතාව පමණක් උතුරු පළාතේ ජීවත් විය යුතුය යන අදහස සහිතව මෙම පුරාවස්තු විනාශ කිරීම් සහ තර්ජනය කිරීම් සිදුවන බවද මෙම ලිපියේ සඳහන්.
එය ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ තලේබාන් ත්රස්තවාදීන් සිදුකළ පුරාවස්තු සංහාරයට සමාන බවද ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය පවසනවා. මෙහි වගකීම උතුරු පළාත් සභාව භාරගත යුතු බවයි මෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමන්ත කුමාර
640 Viewers





