• Home »
  • Sinhala »
  • දේශපාලන රැකවරණ මුවාවෙන් ස්විස් රටට පනින ජාවාරමක්! පසුගිය අවුරුදු දෙකට 642ක් පැනලා! සුදුසුකම TNA මන්ත්‍රී සහ NGO නිර්දේශය විතරයි!

දේශපාලන රැකවරණ මුවාවෙන් ස්විස් රටට පනින ජාවාරමක්! පසුගිය අවුරුදු දෙකට 642ක් පැනලා! සුදුසුකම TNA මන්ත්‍රී සහ NGO නිර්දේශය විතරයි!

ස්විස් තානාපති කාර්යාලය මගින් ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී දේශපාලන රැකවරණය යටතේ පුද්ගලයන් හයසිය හතළිස් දෙකකට වීසා ලබාදී තිබෙන බව ‘යුතුකම කේන්ද්‍රය’ සඳහන් කරයි.

මීට අමතරව තවත් දෙදහස් හාරසිය දහ අටක් ස්විට්සර්ලන්තයට යෑම සඳහාම අයදුම්පත්‍ර යොමුකර ඇති බවත් මේ කිසිදු තොරතුරක් ශ්‍රී ලංකා රජයට ලබාදී නොමැති බවත් එම සංවිධානයේ අනුශාසක පූජ්‍ය ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ අවධාරණය කළහ.

ඊයේ (09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, දේශපාලන රැකවරණය යටතේ ස්විට්සර්ලන්තයට ගොස් සිටින විශාල පිරිසක් උතුරු ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයන් බවයි.

ස්විස් තානාපති කාර්යාලය විසින් ජිනීවා සමුළුවට අවශ්‍ය තොරතුරු එකතු කරමින් තිබෙන බවත්, පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා  විදේශ ගතවීමෙන් පසු ස්විස් තානාපති කාර්යාලයට එරෙහිව සමාජ ප්‍රතිවිරෝධයක් ඇතිවීම වසා ගැනීමට කෘතිමව ප්‍රශ්නයක් නිර්මාණය කළ බවත් ජබුරවෙල චන්ද්‍රජෝති හිමියෝ පෙන්වා දෙති.

උතුරේ පිරිස් දේශපාලන රැකවරණය මත විදේශ ගතවීමේදී උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙකුගේ අත්සන සහිත ලිපියක් හා උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක නිර්දේශයක් අවශ්‍ය වන බවද උන්වහන්සේ අවධාරණය කළහ.



283 Viewers