• Home »
  • Sinhala »
  • එංගලන්ත මහ කොමසාරිස් කර්යාලය බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අනාථ කළා….

එංගලන්ත මහ කොමසාරිස් කර්යාලය බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අනාථ කළා….

හැරිඩන් නමැති තරුණයා සිය මෝටර් රියේ හප්පා මරණය සිදුකළ ඇමරිකානු තානාපති නිලධාරියකුගේ බිරියට තානාපති මුක්තිය ඇත.

එහෙත් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට තානාපති මුක්තිය නැත.

මේ බි‍්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ කැකිල්ලේ තීන්දුවයි.
මෙම තීන්දුව දුන්නේ වෙස්ට්මිනිස්ටර් මහෙස්ත‍්‍රාත් එමා ඇබ‍්‍රක්නොව් නමැති විනිසුරුවරියයි.

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහි නඩුවේ පැමිණිලිකරුවන් තිදෙනෙකි. ගෝකුල කි‍්‍රෂ්ණන්, නාරායන් ස්වාමි, ඔජුරන් සත්‍යනන්දන් සහ ප‍්‍රියන්ත පෙරේරා එම තිදෙනාය.

2018 පෙබරවාරි 04 වැනිදා ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සිය නිදහස් දින උත්සවය සමරන අවස්ථාවේ කොටි ක‍්‍රියාකාරීහු බෙර වයමින් කෑකෝ ගසමින් තානාපති කාර්යාලය ඉදිරියේ ඝෝෂාකරන අවස්ථාවේ පොලිසිය නිහඬවිය.

එවකට පැවැති යහපාලන රජය කොටි ඩයස්පෝරාව තමන් සමග අමනාප වනු ඇතැයි සිතා වහාම බි‍්‍රගේඩියර්වරයාගේ වැඩ තහනම් කර ඔහුව මෙරටට කැඳවනු ලැබීය.

කොටි ඉන් පසු පැවරූ නඩුවට නීතිවේදියකු ඉදිරිපත් කිරීමට ද යහපාලන රජය ක‍්‍රියා කළේ නැත. එදා බි‍්‍රතාන්‍යයේ සිටි එක්තරා තානාපති නිලධාරිනියක් බි‍්‍රගේඩියර්වරයාට එරෙහි විය.

යහපාලන රජයේ මහ කොමසාරිස් කාර්යාලයෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අනාථ කළා යැයි ලන්ඩන් නුවර සොලිසිටර් රිග් උඩවත්ත ‘ඉරිදා දිවයින සංග‍්‍රහය’ට පැවසීය.

එහෙත් කොටි ඩයස්පෝරාව ලන්ඩන් නුවර ඉහළම නීතිවේදියකු වූ පීටර් කැමර්ගේ සේවය ලබා ගත්තේය.

මෙහිදී මහෙස්ත‍්‍රාත්වරිය පැවසුවේ තමා නීතියට අදාළ කරුණු රැසක් නීතිවේදී පීටර් කැමර්ගෙන් ලබාගත් බවයි.

බි‍්‍රගේඩියර්වරයාට එරෙහි නඩුවේ තවත් සාක්‍ෂිකරුවකු වූ සුබාන් රාජ් සත්‍යමූර්ති පැවසුවේ තමා සිද්ධිය වීඩියෝගත කළ බවත් බි‍්‍රගේඩියර්ගේ තර්ජනය නිසා බියට පත් වූ බවත්ය.

ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අසල කොටි ඩයස්පෝරා විරෝධය සංවිධානය කළේ ගෝකුල ක‍්‍රිෂ්ණන් නාරයන් ස්වාමි නමැති කොටියායි.

පැමිණිලිකරු මජුරන් සත්‍යානන්ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමා ගැන බි‍්‍රගේඩියර්වරයා දිකු කලක් තිස්සේ විමර්ශනය කළ බවයි.

සිංහලයකු යැයි හඳුන්වාගත් ප‍්‍රියන්ත පෙරේරා නමැති ප‍්‍රියනාදන් පෙරේරා

බි‍්‍රගේඩියර්වරයා සහ තවත් අයෙක් තමා ඡුායාරූපගත කළ බවත් ඔහු තමාව මරාදමනු ඇති බවට සිතූ බවත් කීවේය.

තමා පසු දින චින්පොට් පොලිසියට පැමිණිලි කළ බව ද පැවසූ ප‍්‍රියන්ත පෙරේරා බි‍්‍රගේඩියර්වරයාට තම ඔත්තුකරුවන් ලවා ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තිබූ බවත් පළ කළේය.

ශ‍්‍රී ලංකාවේ වසර පහක් බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ලෙස කටයුතු කළ විශ‍්‍රාමික තානාපති පීටර් හෙග් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් බි‍්‍රගේඩියර්වරයා මරණ තර්ජන එල්ල කරන සිද්ධිය දුටුවේ නැති බවත් ඩයස්පෝරා ක‍්‍රියාකාරීන් මහ කොමසාරිස් කාර්යාලයේ නිදහස් දින උත්සවය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව තමාට අවබෝධ වූ බව කීවේය.

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී නිකුලස් වේස් පැවසුවේ බි‍්‍රගේඩියර්වරයාට එරෙහි සිතාසි නිකුත් කර නැති බවත් ඔහු තවදුරටත් තානාපති නිලධාරියකු නිසා ඔහුට එරෙහිව ක‍්‍රියා කිරීමට අධිකරණයට බලයක් නැති බවයි.

මේ සිද්ධිය ගැන පොලිසිය පරීක්‍ෂණ කරන අවස්ථාවේ රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා ඒ බව පොලිසියට හා මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත දැනුම් දිය යුතුව තිබූ අතර එය ඉටුකර නැතැයි ද නීතිවේදී වේස් තර්ක කළේය.

ප‍්‍රියංක ප‍්‍රනාන්දු තානාපති නිලධාරියකු බවත් 2019 අගෝස්තු 09 වැනිදා ඔහුට එරෙහි වරෙන්තුව වලංගු නැති බවට මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත දන්වා නැතැයි ද හෙතෙම කියා සිටියේය.

මරණීය තර්ජනය එල්ල කළ බව කියන සිද්ධිය ගැන එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කර නැතැයි ද මේ ගැන බි‍්‍රගේඩියර්වරයාගෙන් එම සිද්ධිය ගැන කරුණු විමසීමට අධිකරණය ක‍්‍රියාකර නැතැයි ද නීතිවේදී වේස් පළ කළේය.

මෙම පැමිණිලිකරුවන් තිදෙනා සිද්ධිය වූ අවස්ථාවේදී පැමිණිලි කළේ නැත. ඡුායාරූප ශිල්පී සත්‍යමූර්තිගේ සාක්‍ෂියෙන් ඔහුට අනිත් අය බලපෑම් කළ බව තහවුරු වෙනවා.

බි‍්‍රගේඩියර්වරයාට එරෙහිව වරෙන්තු නිකුත් කළ අවස්ථාවේ ඔහුට තානාපති මුක්තිය ඇති බවට ලියැවිලි අධිකරණය වෙත යොමු වී තිබුණේ නැත. පොලිසිය පරීක්‍ෂණ පැවැත්වීමට පෙර පුද්ගලික නඩු අධ්‍යක්‍ෂවරයකු ලවා මේ නඩුව ගොනුකර තිබෙනවා යැයි ද නීතිවේදී වේන් වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙත් මහෙස්ත‍්‍රාත්වරිය පිළිගෙන ඇත්තේ කොටි පැමිණිලිකරුවන් තිදෙනාගේ සාක්‍ෂි පමණි.

මහජන ආරක්‍ෂක පනතේ 4:්* වගන්තිය යටතේ බි‍්‍රගේඩියර්වරයා වරදකරු යැයි තීන්දු කළ මහෙස්ත‍්‍රාත්වරිය ඔහුට ස්ටර්ලින් පවුම් 4,419,180 ක දඩයක් නියම කළේය.

මෙම සිද්ධිය ගැන කොටි හිතවාදී බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් වූ ජෝන් රසන් සහ ඩියොබ්ගාන් මැක්වෝනන් ද සම්බන්ධ විය. ඔවුන් කොටින්ට පක්‍ෂව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරුන්ට ලිපියක් යවා බි‍්‍රගේඩියර්වරයාට එරෙහිව ක‍්‍රියාකරන ලෙස ද ඉල්ලා ඇත.

බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව කොටි ඩයස්පෝරාව පැවැරූ මෙම නඩුව ගැන යහපාලන රජය කටයුතු කළේ ඔහු වරදකරු කරමින් 2018 පෙබරවාරි 6 විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූවේ ඔහුගේ සේවය වහාම නතර කළ බවය. නමුත් ඊට පසුදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඔහුව යළි සේවයේ පිහිටවනු ලැබීය.

කොටි ඩයස්පෝරාව මෙයට පෙර මේජර් ජනරාල් චාගි ගාල්ලගේ බි‍්‍රතාන්‍යයට පැමිණි අවස්ථාවේ අධිකරණ නියෝගයක් ලබාගනිමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය. එසේම ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔක්ස්ෆර්ඞ් දේශනය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමද කොටි ක‍්‍රියා කළහ.

එහෙත් බි‍්‍රතාන්‍ය රජය නිහඬයි. රාජ්‍ය නායකයෙකුට බි‍්‍රතාන්‍යයට පැමිණ දේශනයක් පැවැත්වීම සඳහා කොටි ඉඩ නොදෙද්දී බි‍්‍රතාන්‍ය රජය ඊට එරෙහිව පියවර ගත්තේ නැහැ. මේ හැර කොටි සංවිධානය තහනම් වූවත් බි‍්‍රතාන්‍ය තුළ කොටි ධජ එසවීමට හා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ කොටි රැස්වීම් පැවැත්වේ. අවසරයද කොටි ඩයස්පෝරාවට හිමි වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
(Courtesy of Sunday Diwaina)



271 Viewers