නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කොටි උත්ගෝෂණ | ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අපට කළු දිනයක් – කොටි ඩයස්පෝරාව කියති

(Courtesy of Ceylon Britannia)
ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමිව එක්සත් රාජධානියේ ලන්ඩන්හි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පැවැත්වුණා. මේ සදහා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම මහා බ්‍රිතානයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් මේ සදහා සහභාගිවී සිටියා.
එලෙසම බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් පිටත LTTE කොටි ඩයස් පෝරාවේ සාමාජිකයන් විසින් සුපුරුදු පරිදි ඔවුන්ගේ විරෝධතා වියාපාරයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට හා නිදහස් දින සැමරුමට එරෙහිව පවත්වනු ලබනවා දැකිය හැකි වුණා.
මෙහිදී විරෝධතාකරුවන් විසින් ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ වැසියන්ට කළු දිනයක් බවත්, යුධ අපරාධවලට ශ්‍රී ලංකා රජය වග කිවයුතු බවත් එසේම පසුගිය නිදහස් දිනක ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් සිදුකලා යයි කියන තර්ජනය කිරීම් වලට විරෝධය දැක්වීම මුලිකවම දක්නට ලැබුණා.
මෙවර විරෝධතා සදහා පැමිණි උත්ගොෂකයන් බ්‍රිතාන්‍යය තුල තහනම් කොට ඇති LTTE කොඩි රැගෙන සිටීම දැකිය හැකි වුන අතර ගිය වසරට සාපේක්ෂව මෙම වසරේ උත්ගොෂකයන්ගේ පැමිණීමේ අඩු වීමක් දක්නට හැකිවුණා. එසේම මෙලෙස පැමිණි බොහෝ දෙනා බ්‍රිතාන්‍යය තුල දේශපාලන රැකවරණ සදහා අයදුම්පත් දමා ඇති පිරිස් බව සදහන්.


සටහන – රොෂාන්යාපා® |ලන්ඩන් නුවර සිට
271 Viewers





