• Home »
  • Sinhala Articles »
  • රූපස්කුලම් මහ වනයේදී පොලිසියේ 600ක් මරා වසර 30 යි

රූපස්කුලම් මහ වනයේදී පොලිසියේ 600ක් මරා වසර 30 යි

(Courtesy of  Diwaina)

තිස් වසරක යුද්ධය නිමා වුවත් එහි අමිහිරි මතක සටහන් ගැන අපිට තවමත් ලියන්න සිද්ධ වෙනවා. එදා 1990 ජුනි 11 වැනිදා. මුළු රටම කම්පනයට පත්ව හඬා වැටෙන්නට වූ දවසක්. එ දවස රට පාලනය කළ පාලකයන්ගේ තකතීරු අමන තීරණයක් නිසා පොතුවිල්, කල්මුණේ, අක්කරපත්තුව ඇතුළු පොලිස් ස්ථාන රැුසක පොලිස් නිළධාරීන් 600ක් අම්පාර අක්කරපත්තුව රූපස්කුලම් මහ වනයේදී කොටි ත‍්‍රස්තවාදීන් විසින් ඉතා අමානුෂික ආකාරයෙන් ඝාතනය කර දැමුවා.

කොටි ත‍්‍රස්තවාදීන්ට පහර නොදී යටත් වෙන්නට කියා ඉහළින් උපදෙස් ලැබීම නිසා පොලිස් නිලධාරීන් යටත් වුණා. ඒත් කල්මුණේ පොලිසියේ නිලධාරීන් විසින් කොටි සමග අභීතව සටන් කළා. ඒත් උදව්වට කවුරුත් නැති නිසාත් පාලකයන්ගේ වැරදි උපදෙස් නිසාත් ඔවුනට කොටින්ට යටත් වෙන්න සිද්ධ වුණා. අවසානයේදී යටත්වුණ පොලිස් නිලධාරීන් බස් රථවලින් රූපස්කුලම් මහ වනයට ගෙන ගොස් දෑත් බැඳ බිම දිගාකර වෙඩි තබා ඝාතනය කර පුච්චා දැමුවා. කිහිප දෙනෙක් ඉතා අපහසුවෙන් දිවි ගලවා ගත්තා. පොලිස් දෙපාර්තමේන්තුවටම මහා කළු පැල්ලමක් එල්ල කර එම සිදුවීමට වගකිව යුත්තේ එවකට වැඩ සිටි පාලකයන්.

 මරා දැමුණු පොලිස් විරුවන්ට පුෂ්පෝපහාර

රූපස්කුලම් වනයේදී රට වෙනුවෙන් දිවි පිදු පොලිස් රණවිරුවන් 600 දෙනා සිහිකරමින් අද අම්පාරේදී වැඩබලන කොට්ඨාශ භාර පොලිස් අධිකාරි පි‍්‍රයදර්ශන හේරත් මහතාගේ ප‍්‍රධාන්වයෙන් වැඩසටහන් රැුසක් පවත්වන්නට වුණා. මෙම සිදුවීම නිමිත්තතෙන් අම්පාර දිස්ත‍්‍රික්කය පුරා සෑම පොලිස්

ස්ථානයකම ප‍්‍රජා පොලිස් ඒකකය මගින් සමාජ සත්කාරයන් සිදු කරන්නට වූයේ මිය ගිය පොලිස් රණවිරුවන් වෙනුවෙන් පිං පෙත් ලබා දෙමින්.

ඊයේ උදෑසන අම්පාර පොලිස් රණවිරු ස්මාරකය අභියසදී පොලිස් අධිකාරි පි‍්‍රයදර්ශන හේරත්  මහාතාගේ ප‍්‍රධාන්වයෙන් කොට්ඨාශ 02 භාර සහකාර පොලිස් අධිකාරි පී. එම්. ජයරත්න සහ අම්පාර  මූලස්ථාන පොලිස් පරීක්ෂක ලසන්ත  දඩල්ලගේ ඇතුළු නිලධාරී මහත්වරුන්ගේ  සහභාගිත්වයෙන් සෞඛ්‍ය  බළධාරීන්ගේ නීිති රීතිවලට අනුව මෙම මරා දැමුනු පොලිස් විරුවන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කරනු ලැබුවා.

සවස එම ස්ථානයේම පහන් පූජාවක්ද පවත්වන ලද්දේ දිවි පිදී රණවිරුවන්ගේ ගුණ අනුස්මරණය කරමින්. ඉන් පසුව අම්පාර මහාවාපි  විහරස්ථානයේදී මෙම ගුණ සමරු පිංකමට සමගාමීව බෝධි පූජා පිංකමක්ද පවත්වනු ලැබුවා.

ඒ් ඔබ දිවි කැප කරේ රට වෙනුවෙන් නිසා. ඔබේ ගුණ සුවඳ සදා අප අතර තිබෙන නිසා.

රූපස්කුලම් මහ වනයේ ස්මාරකයක් හදන්න  -කිරිදිවල සෝමරතන නාහිමියෝ රජයෙන් ඉල්ලයි පොලිසියේ 600 ක් මරා දැමූ ස්ථානයට ඊට දින 03 කට පසු මතක වස්ත‍්‍ර පූජා කරන්න මම ගියා. ඒක මහා අවදානම් ගමනක්. තැන් තැන්වල මිය ගිය පොලිස් නිලධාරීන්ගේ කොටස් තිබ්බා. නිළ ඇඳුම් කොටස් තිබ්බා. ඒ මොහොතේ මට පාංශුකූලේ දෙනවා තබා වචනයක් කථා කිරීමට නොහැකි වුණා. මම බොහොම අපහසුවෙන් තමයි ආගමික වතාවත් සිදු කළේ. පොලිසිය, යුධ හමුදාව සහ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මැද තමයි අපි ඒ ගමන ගියේ. නිසා එම අවසනාවන්ත සිදුවීම වූ ස්ථානයේ රණවිරු ස්මාරකයක් ඉදිකර එහි ආරක්ෂාවට පොලිස් අභ්‍යාස විද්‍යාලයක් හෝ පොලිස් නිලධාරීන් සඳහා නිවාස ඉදිකර ගම්මානයක් ඉදිකරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා යැයි ද කිරිදිවෙල සෝමරතන නාහිමියෝ ජනපතිතුමන්ගෙන් ඉල්ලා සිටිති.
 
 අපූරු සෞභාග්‍යා පැළ දන්සැල

පසුගියදා අපූරු දන්සලකට මට සහභාගි වන්නට හැකි වුණා. ඒ පැළ දන්සැලක්. හිඟුරාණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරි සුජිත් විජේවික‍්‍රම  මහතාගේ ප‍්‍රධානත්වයෙන් තමයි දමන බස් නැවතුම්පළ අසලදී මෙම පැළ දන්සැල පැවැත්වුණේ. වම්බටු, මිරිස්, මාළු මිරිස් සහ තක්කාලි යන පැළ වර්ග තමයි එම දන්සලෙන් බෙදා දුන්නේ. ඒ සඳහා බොහෝ පිරිසක් පැමිණ ඉතා සතුටින් එම සත් කාර්ය කළ සියලූ දෙනාට පිං දෙමින් තමයි තම ගෙවත්තේ වගා කරන්න පැළ අරන් යන්න ගියේ.

මේ සඳහා කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරිවරුන් වන කිත්සිරි, සමන්, චමිල්, බණ්ඩාර, සුනිල්, සෙව්වන්දි, නිල්මිණි, ශි‍්‍රයානි, අයිරා, සචිනි, රසිකා යන මහත්ම මහත්මීන් සහ සංවර්ධන නිලධාරි යමුනා සහ මධ්‍යස්ථාන ලිපිකරු ප‍්‍රභානි යන මහත්ම මහත්මීන් මෙම සත් ක‍්‍රියාව වෙනුවෙන් සිය නොමසුරු දායකකත්වය ලබා දුන්නා.

 පන්සලෙන් දමිළ ජනයාට වියළි ආහාර

පන්සල කියන්නේ ලොවට ධර්මය දෙසමින් සාමයේ සිසිලස සාදන පුද බිමක්, ජාතීන් ආගම් බේද නොසලකන පිං බිමක්. ඒ බව ලෝකයාට පසක් කරමින් අපූරු සමාජ සත්කාරයක් පසු ගියදා සිදු වුණා. ස්වීඩනයේ සමාධි බෞද්ධ සස්කෘතික

මධ්‍යස්ථානාධිපති යුරෝපයේ ප‍්‍රධාන සංඝ නායක ශාස්ත‍්‍රපති උඩගම නාරද  නාහිමියන්ගේ අනුග‍්‍රාහයතක්වය යටතේ තමයි මෙම සමාජ සත්කාරය සිදු වුණේ. පුස්සැල්ලාව සහ අම්පාර මාණික්කමඩුව ගම්මානවල දමිළ ජනයා වෙනුවෙන් තමයි මෙම සත්කාරය සිදු වුණේ. අම්පාර මානික්කමඩු පරිවාර දාගැබ් පුදබිමේදී ඔවුන් සඳහා වියළි ආහාර පරිත්‍යාග කරනු ලැබුවා. කොරෝනා උවදුර අස්සේ පන්සලෙන් ලැබුණු මෙම වියළි ආහාර මල්ල මේ ජනයාට මහා මෙරක් වගේ. බොහෝ දෙනෙක් මාණික්කමඩුව දීඝවාපි පරිවාර දාගැබේ විහාරාධිපති අඹගහපිටියේ සීලරතන නාහිමියන්ට දෙතුන් වතාවක් දෙපා නැමද තමයි පිට වෙලා ගියේ.

ඇත්තමටම වටිනා සද්ක‍්‍රියාවක් තමයි අපිට අද සිදු කරන්නට හැකි වුණේ. ඒ සඳහා අනුග‍්‍රාහයකත්වය ලබා දුන් ස්වීඩනයේ වෙසෙන උඩගම නාරද නාහිමියන් විසින් එරට වෙසෙන සිංහල සහ ස්වීඩන් ජනතාවගේ ආධාර මත තමයි මෙම සමාජ සත්කාරය සඳහා උදව් උපකාර කරනු ලැබුවේ. උන්වහන්සේ රෝද පුට බෙදා දීම් වැනි සමාජ සද්කාර්යයන් රැුසක් සිදු කරනු

ලබනවා. මෙම වැඩසටහන උන්වහන්සේගේ 06 වන සමාජ සද්කාර්යය ලෙසයි සිදු කරනු ලබන්නේ යනුවෙන් මාණික්කමඩුව දීඝවාපිය පරිවාර දාගැබ් විහරස්ථානයේ විහාරාධිපති අඹගහපිටියේ සීලරතන හිමියන් අඬහැරයට පවසා සිටියා.

 



160 Viewers