බි‍්‍රතාන්‍ය කොටි තහනම අහෝසි කරයිද?

(Courtesy of Diwaina)

කොරෝනා ආසාදනය වූවන් බස්නාහිර පළාත තුළ වර්ධනය වී තිබියදී ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධයන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ වෙත දිව ගියේ උතුරේ කොරෝනා රෝගීන් වෙනුවෙන් පී. සී. ආර්. යන්ත‍්‍ර හෝ රසායනාගාර පහසුකම් ලබා ගැනීමට නොවේ.

ඔහු බැග්ලේ හමු වූයේ යහපාලන රජය ජිනීවා යෝජනාව ඉටු කිරීමට පොරොන්දු වී එය ඉටු නොකිරීම නිසා වත්මන් රජය එම යෝජනාව ඉටු කර යුතු යැයි අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටීමටය. එහෙත් මෙයට වසර 33 කට පෙර ඉන්දීය සාම හමුදාව විසින් ඝාතනය කළ යාපනය රෝහලේ වෛi කාර්ය මණ්ඩලය වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස අගමැති මෝදිගෙන් ඉල්ලීමට සම්බන්ධන් කි‍්‍රයා කළේ නැත.

සම්බන්ධගේ මේ කි‍්‍රයාදාමය සතුරු පාර්ශ්වයේ කි‍්‍රයාවකි. එහෙත් වත්මන් රජය සතුරා ගැන අවධානය යොමු කර නැත.

මෙයට සමානව බි‍්‍රතාන්‍යයේ කොරෝනා වසංගතය දැඩි ලෙස ව්‍යාප්ත වන අවස්ථාවේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානය එරට අභියාචනා කොමිසම වෙත පැමිණිල්ලක්් යොමු කරමින් කොටි තහනම අහෝසි කරන ලෙස ඉල්ලීමක් කළේය.

එහි ප‍්‍රතිඵලය වූයේ අභියාචනා කොමිසමේ විනිසුරුවන් තිදෙනා බි‍්‍රතාන්‍ය රාජ්‍ය ලේකම්වරයා කොටි සංවිධානය තහනම් කිරීම වැරදි සහගත කි‍්‍රයාවක්් බවට තීන්දුවක් දුන්නේය.

එහෙත් කොටි සංවිධානය තහනම් කිරීමට මුල් වූ හේතුව ගැන අවධානය යොමු කිරීමට එකී විනිසුරු මණ්ඩලය කි‍්‍රයා කර නැත.

මෙහි දැක්වෙන්නේ එම හේතූන්ය.

1. කාන්තා කොටි මරාගෙන මැරෙන බළකායට තරුණියන් බඳවා ගත් ඇඩෙලා බාලසිංහම් ලන්ඩනයේ වාසය කරයි.

2. කොටින්ට අවි ආයුධ මිලට ගැනීමට ටී. ආර්. ඕ. සංවිධානයට අරමුදල් එකතු කළ රෙජී නමැත්තා ද ලන්ඩනයේ ජීවත් වේ.

3. හිටපු කොටි හමුදා ප‍්‍රධානීන්් – ඊළාම් පොලිසියේ කි‍්‍රයාකාරීහු සහ කොටි සංවිධානයේ නිලධාරීන්ගේ ඥාතීහු ද බි‍්‍රතාන්‍යයේ සිටිති.

4. හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ මෙරට ජනපති ආර්. පේ‍්‍රමදාස ඝාතනය කළේ කොටි සංවිධානයයි.

5. මරාගෙන මැරන කොටි බෝම්බකරුවන් 200 ක් ප‍්‍රහාර එල්ල කළ බව බි‍්‍රතාන්‍ය ත‍්‍රස්ත මර්දන ඒකකය හෙළි කර තිබිණි.

6. මගීන් 58 ක් රැගත් ලයන් එයාර් යානාව විනාශ කිරීමේ සිද්ධිය

7. කොටින්ගේ බිහිසුණු අපරාධ ගැන අවධානය යොමු නොකිරීම

මේ අතර බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ ත‍්‍රස්ත විමර්ශන වාර්තාවේ දක්වා ඇත්තේ කොටි න්‍යාය පත‍්‍රය තවදුරටත් බි‍්‍රතාන්‍ය තුළ කි‍්‍රයාත්මක වන බවත් මියගිය කොටි සමරු උත්සවවලට කොටි නිල ඇඳුමින් සැරසී කොටි සහභාගි වන බවයි. එසේම පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලය, බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාල යන ඒකාබද්ධ ත‍්‍රස්ත විමර්ශන කාර්යාලය කොටි තහනම ඉවත් නොකළ යුතු බව බි‍්‍රතාන්‍ය රජයට නිර්දේශ කර තිබේ. එහෙත් අභියාචනා කොමිසමේ තීන්දුව මත බි‍්‍රතාන්‍ය රජය කොටි තහනම ඉවත් කරයි ද යන ප‍්‍රශ්නය බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලාංකිකයන් හමුවේ මතු වී ඇත. කොටි තහනම ඉවත් කිරීම සඳහා පැමිණිලි කළ රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානය ශී‍්‍ර ලංකාව තුළ තහනම් වුවත් බි‍්‍රතාන්‍යයේ තුළ තහනම් නැත.

මෙම සංවිධානය මෙහෙයවන්නේ ප‍්‍රභාකරන්ගේ නීතිවේදී විශ්වනාදන් රුද්‍රකුමාරන් වුවත් මෙරට රහස් පොලිසිය එකී සංවිධානය ගැන දන්නේ අල්ප වශයෙනි.

මෙකී කොටි හිතවාදී සංවිධානය ශී‍්‍ර ලංකාවේ හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන් සමූල ඝාතනය කළ බවට ලොව පුරා සාවi ප‍්‍රචාර මෙහෙයවද්දී යහපාලන රජය බලා සිටියේය. එසේම යහපාලන රජයේ ජනපති මෛති‍්‍රපාල සිරිසේන සහ අගමැතිව සිටි රනිල් වික‍්‍රමසිංහ සමයේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානයට මෙරටට ඒමට දොර විවෘත විය.

මේ ගැන රජයේ නීතිපති බලධාරීන් බි‍්‍රතාන්‍ය රජයට පැවසුවේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානයේ කි‍්‍රයාකාරීහු ඉතා සාමකාමීව මෙරටට පැමිණි බවයි. එහෙත්් කොටි තහනම ඉවත් කළ යුතු යැයි කියන්නේ මෙලෙස මෙරටට පැමිණි පාර්ශ්වයන්ය.

මේ පසුබිම මැද බි‍්‍රතාන්‍ය රජය මුහුණ පා ඇත්තේ රැුවුල ද නැත්නම් කැඳ ද යන ප‍්‍රශ්නයටය. බි‍්‍රතාන්‍ය තුළ ද්‍රවිඩයන් සඳහා වූ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවට සම්බන්ධ කොටි හිතවාදී මන්තී‍්‍රවරු රැුසක් සිටින අතර ඔවුහු ද්‍රවිඩ ඡුන්ද මත පිහිටා බි‍්‍රතාන්‍ය රජයට දැඩි බලපෑම් එල්ල කර සිටී. එසේම නේස්බි සාමි ඇතුළු මධ්‍යස්ථ මන්තී‍්‍ර කොටි තහනම් ඉවත් කිරීමට එරෙහි වී ඇත.

එසේ වුවත් පාලක කොන්සර්වේටිව් පක්ෂය හා විරුද්ධ පක්ෂය වූ ලේබර් පක්ෂය ද එරට සිටින කොටි හිතවාදීන්ට පක්ෂ පිළිවෙතක් අනුගමනය කරති.

එහෙත් කොටි තහනම ඉවත් කිරීමට බි‍්‍රතාන්‍ය රජය කි‍්‍රයා කළහොත් එම කි‍්‍රයාදාමය ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව යන රටවල ද්විපාක්ෂික සබඳතාවලට බාධාවක් වේ. ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව ද දිගටම කොටි තහනම පවත්වාගෙන යයි. මේ තත්ත්වය මත කොටි තහනම ඉවත් කිරීමෙන් වළකින ලෙස ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

ශී‍්‍ර ලංකා රජය එම ඉල්ලීම තහවුරු කිරීමට අදාළ කරුණු ගොනු කිරීමට පෙර ලන්ඩන් ඉනිෂේටිට් සංවිධානය කොටි අපරාධ ඇතුළත් වාර්තාවක් බි‍්‍රතාන්‍ය ස්වදේශ ලේකම්, ආරක්ෂක ලේකම්, සාමී මන්තී‍්‍ර මණ්ඩලය, ආරක්ෂක සහ ප‍්‍රතිත‍්‍රස්ත මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෙත ද ඉදිරිපත් කරනු ලැබීය. එම රහස් වාර්තාවේ කරුණු අනාවරණය කිරීමෙන් වැළකී ඇත්තේ එහි ඇති සුවිශේෂ කරුණු කොටි ඩයස්පෝරාවට හෙළි වීම වැළැක්වීමේ අරමුණෙනි. බි‍්‍රතාන්‍යයේ සොලිසිටර් ජෙයරාජ් පලිහවඩන සහ කැනඩාවේ මහාචාර්ය නෙවිල් හේවගේ මේ රහස්‍ය වාර්තාව කෙටුම්පත් කිරීමට මුල් වී තිබේ.

මේ අතර බි‍්‍රතාන්‍යයේ සිටින සමස්ත ද්‍රවිඩයන් සංඛ්‍යාව 127000 ක් බව හෙළි වී ඇත. මින් සියයට 45 ක්ම ඊළාම්වාදීන් වේ.

මෙලෙස බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව කොටි තහනම ඉවත් කර ගැනීමට කි‍්‍රයා කරන්නේ කරුණු කීපයක් මතය.

1. යළි අරමුදල් එකතු කර ගැනීම

2. උතුරේ සිටින හිටපු කොටි 12000 කට කොටි තහනම් ඉවත් වීමේ බලපෑම

3. ඕනෑම රටක සැරිසැරීමට ඉඩ ලැබීම

පසුගිය වසරේදී ස්විස් අධිකරණය කොටි තහනම් සංවිධානයක් නොවේ යැයි තීන්දු කිරීම නිසා ස්විට්සර්ලන්තය තුළ ඕනෑම නීති විරෝධී මෙහෙයුමක් සිදු කිරීමට ස්විස් කොටි ජාලයට ඉඩ ලැබී තිබේ.

මෙවන් තත්ත්වයක් මැද බි‍්‍රතාන්‍ය කොටි තහනම ඉවත් වුවොත් එය අනිකුත් රටවල කොටි තහනමට ද බලපානු නියයතය. කොටි තහනම ඉවත් කිරීම ගැන වසර කීපයකට පෙර යුරෝපා අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවකදී විනිසුරුවන් සඳහන් කළේ පුවත්පත් වාර්තා සහ අන්තර්ජාල තොරතුරුවලින් ලබා ගත් කරුණු මිස කොටි අපරාධ සනාථ කෙරෙන බිහිසුණු අපරාධ තහවුරු කිරීමේ සාක්ෂි ඉදිරිපත් නොවූ බවයි.

මෙය සැබෑවකි. කොටි සිදු කළ බිහිසුණු අපරාධ සනාථ කිරීමේ සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අපේ විදේශ කටයුතු බලධාරීන් කි‍්‍රයා කරයිද?

සිවිල් වැසියන් 55 ක් රැුගත් ලයන් එයාර් ගුවන් යානාව මිසයිල ප‍්‍රහාරයකින් විනාශ කළ කොටි ත‍්‍රස්තයන් දෙදෙනා තවදුරටත් රැුඳවුම් භාරයේ සිටී. එසේම 100 ක් මරුමුවට පත්වූ කොටුව මහ බැංකු බෝම්බයේ ප‍්‍රධාන සාක්ෂිකරු හිටපු පොලිස් පරීක්ෂක නිලම්දින් මැලේසියාවේ වාසය කරයි.

මේ සාක්කිකරුවන් සහ කොටි අපරාධ සියැසින් දුටු මඩකළපු හිටපු මන්තී‍්‍ර සෑම් තම්බිමුත්තුගේ පුත් අරුන් තම්බිමුත්තු සාක්කිකරුවකු බව රජය අවධානයට යොමු කළ යුතුව ඇත. එහෙත් විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීහු මෙකී කිසිදු සාක්කිකරුවකු විදේශ නඩු විභාග හමුවේ ඉදිරිපත් කර නැත.

එසේම කොටි ජාලය විසින් ඉදිරිපත් කරන සාවi ප‍්‍රචාරවලට එරෙහිව ගත වූ වසර පහ තුළ කිසිදු ශී‍්‍ර ලාංකික විදේශ තානාපතිවරයකු අභියෝග කර නැත. ඊට හොඳම නිදසුන යහපාලන රජය සමයේ ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයේ එකල සේවය කළ ශී‍්‍ර ලාංකික තානාපතිවරයා කොටි සමග එක්ව කටයුතු කළ ඬේවිඞ් මෙගෙලි නමැති මැදිහත්කරු යැයි හඳුන්වා ගන්නා විදේශිකයාට භෝජන සංග‍්‍රහයක් පවා ලබා දීමට කි‍්‍රයා කළේය.

එම සමයේ කොටි සාවi ප‍්‍රචාරවලට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැුස්වීම් පැවැත්වීමට පැමිණි ශී‍්‍ර ලාංකික දේශපේ‍්‍රමීන්ට ජිනීවා නිත්‍ය නියෝජිත කාර්යාලයට වහකදුරු වේ. මේ තත්ත්වය මත කොටි ඩයස්පෝරාවට තම සාවi ප‍්‍රචාර දිගටම ගෙන යෑමට හැකි විය. මේ හැර යහපාලන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්නිවේදන ප‍්‍රධානි යැයි හඳුන්වා ගත් තැනැත්තා යහපාලන ජනපති සහ අගැමතිට ලෝක ප‍්‍රසාදය හිමි වී ඇති බව දක්වමින් චරිත සහතික පවා ලබා දීමට කි‍්‍රයා කළේය.

එම සමයේ විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ ඔත්තුකරුවන් සහ චර පුරුෂයෙක් විය. යහපාලන රජයේ ජනපති විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවට කැනේඩියානු පුරවැසියකු වූ සුරේන් රසා වෙත යවනු ලැබීය. ඊට පෙර එම කැනේඩියානු පුරුවසියාගේ අතීතය විමර්ශන කිරීමක් සිදු වූයේ නැත.

මේ පසුබිම මත තහනමට ලක්වී තිබූ කොටි ලැයිස්තුවෙන් විශාල පිරිසකගේ් තහනම අහෝසි කෙරිණි. තහනම් වී තිබූ 452 ක් වූ කොටි නාම ලේඛනයෙන් මේ වනවිට ඇත්තේ නම් 180 ක් පමණ සංඛ්‍යාවකි. රටින් පිටත ඊළාම් ආණ්ඩුව සංවිධානය කොටි තහනම ඉවත් කරන ලෙස බි‍්‍රතාන්‍ය අභියාචනා කොමිසමෙන් ඉල්ලා සිටීමට පෙර යහපාලන රජය තහනම් කොටි සංවිධාන 6 ක් සහ කොටි 230 කට අධික සංඛ්‍යාවකගේ නම් තහනම් ලැයිස්තුවෙන් අහෝසි කළේ ජනතාවට හොරෙනි.

එම තහනම අහෝසි වූ කොටි ලැයිස්තුව යළි තහනමට ලක් කිරීමට වත්මන් රජය ද මෙතෙක් කි‍්‍රයා කර නැත. කොටි තහනම් ලැයිස්තුවෙන් නම් රැුසක් යහපාලන රජය සමයේ අහෝසි වෙද්දී හිටපු ජනපති ඒ ගැන අවධානය යොමු කළේද?

මෙවන් වාතාවරණයක් මැද බි‍්‍රතාන්‍ය ස්වදේශික ලේකම් කාර්යාලය කොටි තහනම තවදුරටත් කි‍්‍රයාත්මක කරන්නේ ද නැත්නම් අහෝසි කරන්නේ ද යන්න ගැන මේ දක්වා තීරණයක් ගෙන නැත. පසුගියදා මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් හල්ටන් නමැත්තිය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හමු වී කොටි තහනම අහෝසි කළ යුතු යැයි එරට අභියාචනා කොමිසම දුන් තීන්දුව ගැන බි‍්‍රතාන්‍ය රජයේ ප‍්‍රතිචාරය ගැන උතුරේ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වවලට ආරක්ෂක හමුදාවෙන් එල්ල වන තර්ජන ගැන විමසා තිබේ.

උතුරේ එදා සිට කි‍්‍රයාත්මක වන බෙදුම්වාදී මාධ්‍ය පාර්ශ්ව ද මේ බි‍්‍රතාන්‍යයේ අයි. බී. සී. නමැති කොටි හිතවාදී රූපවාහානිය සිය ඒජන්තවරු ජනපතිගේ සිට රජයේ මාධ්‍ය සාකච්ඡාවලට ඇතුළත් කර තිබේ. ඒ කුමක් සඳහාද?

මේ නිසා කොටි පුල්ලි වෙනස් නොවන බව රජය තේරුම් ගත යුතු සමය එළැඹී තිබේ. මේ අතර ප‍්‍රංශයේ නීස් නගරයට සහ ඔස්ටි‍්‍රයාවේ වියානා නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන අවධානය යොමු වන අවස්ථාවේ කොටි තහනම ඉවත් කළ යුතු ද යන්න බි‍්‍රතාන්‍ය රජය හමුවේ ඇති බරපතළ ප‍්‍රශ්නයකි.

කීර්ති වර්ණකුලසූරිය



80 Viewers