මඩකලපු සිංහල අපි කල්ලතෝනිද?

යුද්ධය නිසා මඩකලපුවේ සිංහල ජනතාව පුදුම දුකක් වින්දේ. එදා මඩකලපුව සිංහල ජනතාව යුද්ධයෙන් පණ බේරගන්න සබ්බ සකලමනාවම අත්හැරලා දාලා පණ බේරගෙන පුළුපුළුවන් තැන්වලට ගියා.

සමහරෙක් යුද්දෙන් බැට කමින් මඩකලපුවේ නතර වෙලා හිටියා. යුද්ධය ඉවර වුණාට පස්සේ මඩකලපුව සිංහල මිනිස්සුන්ගේ සිත් තුළ සිනහ මල් පිපුදුනා. දෙයියනේ කියලා නිදහසේ ජීවත්වෙන්න හැකිවෙයි කියලා හිතුවා. ඒත් ඒ දේවල් අද සිහිනයක්ම වෙලා. සින්න වත්තෙ, සිප්පි මඩුව, කෙවිලියාමඩුව ආදී මඩකලපුවේ සිංහල ගම්මාන කිහිපයේ ජනතාව පුදුමාකාර දුකකුයි විඳින්නේ. ඒ ගැන කෙවිලියාමඩුව ජනතාව මෙහෙමයි අදහස් දැක්වූවේ.

අපිට රජයේ නිලධාරීන්ගෙන් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. රජයෙන් ලැබෙන දේවල් අපිට ලැබෙන්නෙ නෑ. සමහර අයට සමෘද්ධියත් නැ. අවුරුදු ගාණක් අපි ඡුන්දයේ අයිතිය ඉල්ලා දුක් වින්දා. අපිට අපේ හැඳුනුම්පතක් හදා ගන්න බැරි වෙලා තිබ්බා. අද වෙද්දි අපිව පදිංචි ගමෙන් පවා පන්නන්න නඩු පවා දාලා තියෙනවා.

දහස් ගණන් හරක් ඇවිල්ලා අපේ වගාව නැත්තටම නැති කරලා දානවා. අපි හේන් වගාවෙන් ජීවත් වෙන්නේ. වගා විනාශ කරාම අපි කොහොමද අවුරුද්දක් ජීවත් වෙන්නෙ. ඒකට තවම විසඳුමක් ලැබුණේ නෑ. හරක් මදිවට අලි එනවා. අපි බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ රජයේ නිලධාරීන් බලන්නේ අපිව පන්නලා දාන්න. අපි හිතුවා යුද්ධය ඉවර වුණාට පස්සේ අපිට හොඳ කලක් යයි කියලා. ඒක හීනයක් විතරයි. අපිට හැමදාම පිහිටට හිටියේ මඩකලපුවේ හාමුදුරුවෝ විතරයි. හාමුදුරුවෝ නැත්තං අපි මැරිලා ගිහිල්ලා. ඒක නිසා දැන්වත් මඩකලපුවේ සිංහල අපි ගැන හොයලා බලන්න. පිහිටවන්න සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයි කෙවිලියාමඩුව ජනතාව අඬහැරයට අදහස් දක්වමින් පවසා සිටියා.

පොලිස්පතිතුමනි මංගලගම පොලිසියෙන් පවරා ඇති නඩු පිළිබඳව විමර්ශනයක් කරන්න මඩකලපුව හාමුදුරුවෝ ඉල්ලති

මඩකලපු සිංහල ජනතාව මම එදා පටන් අද දක්වාම රැකගෙන එනවා. ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිනවා. මිනිස්සුන්ට පුළුපුළුවන් ආකාරයෙන් කන්න අඳින්න දීලා ආර්ථිකය ශක්තිමත් කරන්න මට පුළුවන් දේවල් මම කරල තියනවා. දෙස් විදෙස්වල අය මට ගොඩක් උදව් කළා.

සිංහල ජනතාව කොන් කරලයි මෙහෙ තියෙන්නේ. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මට හඬ නගන්න සිද්ධ වුණා. ඇහැක් ඇරලා බලන්න නැති රාජ්‍ය නිලධාරීන්ගෙන් සිංහල ජනතාවට සේවාවන් ලබා ගන්න ගියාම ගැටලූ එනවා. ඔවුන් කිසි දෙයක් කරලා දෙන්නේ නැති වුණාම මට තදින් කතා කරන්න සිද්ධ වුණා වෙලාවල් පවා තිබ්බා.

දිගට හරහට මට නඩු වැටුණ. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ මංගලගම පොලිසියෙන් විවිධ චෝදනා නගමින් මට දිගින් දිගටම නඩු දැම්මා. පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මට පසුගිය කාලයේ මංගලගම පොලිසියෙන් පවරා තිබෙන නඩු පිළිබඳව විමර්ශනය කරන්න කියලා.

පසුගිය මාසයේ මම නඩු විසි ගානට අධිකරණයේ පෙනී හිටියා. පොඞ්ඩක් ඇත්තම් නඩු දාලා ඇඟ බේරගන්නව. සිංහල ජනතාව තව තවත් අන්ත අසරණ වෙනවා. රාජ්‍ය නිලධාරීන් සිංහල ජනතාව තලා පෙලා දානවා. ඔවුන්ගේ ඉලක්කය සිංහල ජනතාව පන්නන්න. මම මෙතෙක් කලක් දිවිහිමියෙන් කටයුතු කළේ මඩකලපුවේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අවුරුදු සිය දහස් ගණනක් තිබුණු උරුමය රැුකගන්න. ඒවා කතා කරන්න ගියාම අවසානයේ මට සිද්ධ වෙන්නෙත් අධිකරණ ගානේ රස්තියාදු වෙන්න.

මේ වෙද්දි මගේ ආරක්ෂාව පවා අයින් කරලා. එයට හේතුව අනිත් ජාතීන් අමනාප වෙයි කියලයි මට ආරංචිය. පසුගිය කාලයේ මඩකලපුව පන්සලට යුද හමුදාවෙන් පවා දානය ගෙනත් දුන්නා. නමුත් මේ වෙද්දි ඒ දානෙ වේල නතර වෙලා. හරක් මරාදැමීමක් පිළිබඳව අනාවරණය කිරීමක් නිසා තමයි හමුදාවෙන් නොලැබෙන්නේ කියලා මං හිතෙනවා. ඒ විදියට මේ ජනතාවට ගැටලූ රැුසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

දුප්පත් මිනිසුන්ගේ සහායත් අරගෙන කෙවිලියාමඩුව වගා කළ වගා බිමේ සේනා දලඹුවා විනාශ කරල දාල. ගන්න දෙයක් නෑ. මම උත්සාහ කරන්නෙත් ගම්බිම් දියුණු කරලා මේ අසරණ සිංහල ජනතාවට ආර්ථික ශක්තියක් ලබා දෙන්න. ඒ නිසා වත්මන් රජයෙන් දැන්වත් මේ සිංහල ජනයාගේ දැවෙන ගැටලූ විසඳා දෙන ලෙසත් අදාළ නිලධාරීන්ගෙන් අපට සිදුවන පීඩාව නතර කරන්න ඉල්ලා සිටිනවා.

පොඩි පොඩි දේට විවිධ චෝදනා නගමින් මඩකලපු දිස්ත‍්‍රික්කය පුරා උසාවි වල මට පවරා තිබෙන නඩු පිළිබඳවත් විමර්ශනය කරනවා නම් අපට සහනයක් ලැබෙනු ඇති බව මඩකලපුව මංගලාරාම අධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ ‘අඬහැරය’ට පවසා සිටියා.

නැගෙනහිරින් කොරෝනා වැඩිම අම්පාරෙ

මේ වෙද්දි නැගෙනහිර පළාතේ වැඩියෙන්ම කොරෝනා රෝගීන් ඉන්නේ අම්පාරේ. ආසාදිතයන් 352ක් සිටිනවා. අක්කරපත්තුව පොලිස් බල ප‍්‍රදේශයේ විතරක් ආසාදිතයින් 272ක් ඉන්නවා. තාමත් අහඹු ලෙස කරන ලද පී . සී. ආර්. පරීක්ෂණ වලින් අක්කරපත්තුවෙන් කොරෝනා ආසාදිතයන් හමු වෙනවා අම්පාර දිස්ත‍්‍රික්කයේ පොලිස් බල ප‍්‍රදේශ 17 කින් 13 කට කොරෝනා වසංගතය පැතිරිලා. අම්පාරේ තත්ත්වය එන්න එන්නම නරක අතටයි පත්ව තිබෙන්නේ.

අම්පාර කොරෝනා රෝහලේ හෙද නිලධාරියෙකුටත් කොරොනා

අම්පාර පිහිටුවා ඇති කොරෝනා රෝහලේ සේවය කර ඇති හෙද නිලධාරීවරයෙකුද කොරෝනා ආසාදිතයකු බවට පත් වුණා. ඒ සමගම අම්පාර රෝහලේ ගිලන්රථ සහායකයෙකුද කොරෝනා වසංගතයට ගොදුරු වූවා. ඔහු අම්පාර බක්මිටියාව පදිංචි අයෙක්. එම නිසා දින කිහිපයක් බක්මිටියාව පාසල වසා දමනු ලැබුවා.

මිනුවන්ගොඩින් ඇරඹුණු කෝරෝනා රැුල්ල පැතිරීම වළක්වන්න කොච්චර උත්සාහ කළත් බැරිවෙලා තියෙනවා. නිරෝධායනය කරන අය කොරෝනා වෛරසය අරන් රට පුරා යනවා. එනිසා තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන ලකුණුයි තිබෙන්නේ.

රාජ්‍ය ඇමැති විමලවීර යනු වඳවීගෙන යන පරපුරේ දුර්ලභ මනුස්සයෙක් ගම්පහ නාරද හිමියෝ පවසයි

අම්පාර නාමල්තලාව ශෛලබිම්බාරාම විහාරාධිපති ගම්පහ නාරද හිමියෝ හැමදාම අඬහැරය තීරුලිපිය කියවනවා. අනේ මහත්තයෝ පුළුවන්නම් මන් කියන දේත් අඬහැරයේ ලියන්න කීවා.

පසුගියදා අපි දිගින් දිගටම දැක්කා වනජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය ඇමැති දිසානායක මහතා පිළිබද බරපතළ චෝදනා මාධ්‍යයෙන් එල්ලවෙනවා. හැබැයි ඊට පස්සේ බොහෝ දෙනෙක් දිසානායක කියන්නේ මැර ඇමැතිවරයෙක් කියලා හිතුවා. නමුත් ඒක ඉතා වැරදි අදහසක්. ඔහු වඳවීගෙන එන පරපුරේ දුර්ලභ මනුස්සයෙක්. මා දුටු හොඳම පරිසරවේදියා ඔහුයි. මස් මාළු කනවා තබා මදුරුවෙක්වත් මරන්නේ නැති අයෙක්.

ඔහු තරම් ගහට කොළට සතා සීපාවට ආදරය කරන අයෙක් මම ජීවිතයට දැක නෑ. නමුත් පුංචි සිදුවීමක් අල්ලගෙන ඒක වැරදියට අර්ථකථනය කරමින් නිහඬව පරිසරය රකින්නට වෙර දරන අයෙකුට නින්දා අපහාස කිරීම, අවලාද නැගීම දිගාමඩුල්ලේ මහා සංඝරත්නය විදිහට අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

පොඞ්ඩක් ඇත්නම් බැනර් බෝඞ් අරං උද්ඝෝෂණය කරන එක තමයි අද අලූත් මෝස්තරේ. අන්තිමේදී වැරදි කරන අයත් උද්ඝෝෂණ කරනවා නිවැරදි අයත් උද්ඝෝෂණ කරනවා. එම නිසා සමහර නිවැරදි කරුවොත් වැරදිකරුවන් විදියටයි සමහරු දකින්නේ.

දිගාමඩුලූ මිටියාවත පුරා දිසානායක කුමන චරිතයක්ද කියා හඳුනනවා. ඔහු ජීවත් වෙන්නේ ඇළදොළ සතාසීපාවා සමග. ඔහු දන්නවා පරිසරයේ වටිනාකම පිළිබඳව. එනිසා එවන් පරිසරයට ඇළුම් කරන තම වාසිය වෙනුවෙන් කිසිදා කටයුතු නොකරන මෙම නිහඬ පරිසරවේදියාව නිකරුනේ මැර ඇමැතියෙක් විදියට සලකන්නට එපා. ඇතැම් රාජ්‍ය නිලධාරීන් සහ ඇතැම් සංවිධාන මානව හිතවාදී  වටිනා දේශපාලකයන්ගේද කොන්ද කඩන්න හදනවා යැයි ගම්පහ නාරද හිමියෝ පවසා සිටියා.



148 Viewers