• Home »
  • Sinhala News »
  • මානව හිමිකම් කොමසාරිස්ගේ නිර්දේශවලට රජය, රුසියාව, චීනය හා කියුබාව දැඩි ප‍්‍රතිචාර

මානව හිමිකම් කොමසාරිස්ගේ නිර්දේශවලට රජය, රුසියාව, චීනය හා කියුබාව දැඩි ප‍්‍රතිචාර

මෙරට හමුදා නිලධාරීන් 59 කගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කර ඇති නිර්දේශවලට දැඩි ප‍්‍රතිචාරයක් දක්වමින් ශ‍්‍රී ලංකා රජය අද (27දා) ඇය වෙත වාර්තාවක් යැවීමට තීරණය කර ඇත.

මෙම වාර්තාවේ රජය දක්වා ඇත්තේ ඇගේ සහය මත බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහ ගෙනඒමට යෝජිත නව ජිනීවා යෝජනාවට කිසිසේත් එක`ග නොවන බවයි.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ මෙම නිර්දේශ මුළුමනින්ම කොටි ඩයස්පෝරාවේ නිර්දේශ බවද රජය චෝදනා කරයි.

පිටු 17 කින් යුත් ඇයගේ නිර්දේශ මාර්තු 18 දා ප‍්‍රකාශයට පත් වීමට නියමිතව තිබුණි. එය පසුගිය සෙනසුරාදා (23දා) කොටි ඩයස්පෝරාවට ලැබී ඇත.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආරක්‍ෂාව වැඩි කිරීම මුස්ලිම් මෘතදේහ වළ දැමීමට ඉඩ නොදීම යන චෝදනාද මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ‍්‍රී ලංකාවට එල්ල කර තිබේ.

ඇය තවදුරටත් දක්වා ඇත්තේ යුද හමුදාවට සහ පොලිසියට විදේශ පුහුණුවීම් ලබානොදිය යුතු බවයි.

මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාවේ තවදුරටත් දන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හමුදාව ජාත්‍යන්තර අධිකරණයට සහ සර්ව ලෝක අධිකරණයට යොමු කළ යුතු බවයි.

ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට කර ඇති නිර්දේශවලට රුසියාව, චීනය, කියුබාව යන රටවල් එරෙහි වී ඇත. මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ මෙම සම්බාධක පැනවීමට නිර්දේශ කර තිබේ.

එම සම්බාධක පැනවීම සඳහා මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමක්ද පැවැත්වේ.

මේ අතර මානවහිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසූවේ කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවට යොමු කර ඇති නිර්දේශ ඉටු කිරීමට ශ‍්‍රී ලංකාවට බැඳී නැති බවයි.

එසේම ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත යොමු කළහොත් ඊට එරෙහිව නිශේධ බලය යෙදවීමටද රුසියාව හා චීනය එක`ග වී ඇත.

 



49 Viewers