රනිල් – සම්පන්දන් – මංගල -අනුර – චම්පික සහ හකීම් : ශ්‍රී ලංකා විරෝධී පෙරමුණක්?
එජාප නායක රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහ 43
සේනාංකයේ පාඨලී චම්පික රණවකට එක් පෙරමුණකට ගොනුවී ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව මුහුණදීමට මේව නවිට බලකෙරී ඇත.
ඒ, ජනාධිපති ගෝඨාභය විසින් 2015-19 අතර කාලයේ සිදුවූ දේශපාලන පළිගැනීම් ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට ඇමති මණ්ඩලය තීරණය කිරීමත් සමගය.
ඒ යටතේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ , මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, රවුෆ් හකීම්, ආර්. සම්පන්දන්, සරත් ෆොන්සේකා වැනි දේශපාලනඥයන්ටද, ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන්, ජේසී වැලිඅමුණ වැනි නීතිඥවරුන්ටද, හිටපු ඇගමැති ලේකම් සමන් ඒකනායක, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ, ශානි අබේසේකර වැනි රජයේ නිලධාරීන්ටද, ආනන්ද විජේපාල වැනි දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ හිටපු නිලධාරීන්ටද දඬුවම් දෙන්නට සූදානම් වේ.
ඒ, මේ පිරිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කර ඇති බවටත්, එහි ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවටත් එරෙහිව කටයුතු කර ඇති බවට සාක්‍ෂි දී ඇත්තේ විජේදාස රාජපක්‍ෂ මන්ත්‍රීවරයා වීමය.
ඒ ගැන විභාග කරන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් රටේ නැති බැවින්, ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ යුතු යැයිද ඇමති මණ්ඩලය තීරණය කර තිබේ.
ඊට අමතරව ඉහත කී 22ක් වන පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරවයාට හා අල්ලස් කොමිසමට අදාළ ලිපි ලේඛන යොමු කරනු ඇතැයිද වාර්තා වෙයි.
යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය අනුව, දූෂණ විරෝධී කමිටුවක් පත්කිරීමටත්, දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයක් පිහිටුවීමටත්, ඒවාට මුදල් වෙන්කිරීමටත් තීරණය කළේ, ඒ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය විසිනි.
දැන් කරන්නට යන්නේ, ඒ කොමිසමේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට, සුදුසු නිර්දේශ ලබා ගැනීමට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමයි.
උත්ප්‍රාසය වන්නේ, පළිගැනීම සඳහා පනත නිර්මාණය කළ ජේආර්ගේ එක්සත් ජාතික පක්‍ෂ වර්තමාන නායකයන් තමන්ගේම ගිලටීනයට හසුවී සිටීමත්, එදා එයින් හිස්ගැසුම් කෑ සිරිමා බණ්ඩාරනායකගෙන් පැවත එන වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ගිලටිනය ක්‍රියාත්මක කරන්නාගේ පැත්තේ සිටගෙන සිටීමත්ය.
ඉතිහාසය සරදම් කරන්නේ එසේය.
කෙසේ වෙතත් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළ යුත්තේ වර්තමානයේ සේවයේ යෙදී සිටින ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙනි. ඔවුන්ගේ නිර්දේශ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත හොත්, වගඋත්තරකරුවන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කළ හැකිය.
57 Viewers





