දෙමළ මන්ත්‍රී මුලතිව් කුරුඳුමලේ පුරා ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීම
දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු විශාල පිරිසක් මුලතිව් කුරුඳුමලේ පුරා විද්‍යා කැණීම් සිදු කෙරන ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීමට පෙරේදා (28 දා) උත්සාහ කළ අවස්ථාවේදී එම කැණීම් සිදු කෙරෙන ප්‍රදේශයේ ආරක්ෂාව භාරව සිටින යුද හමුදා නිලධාරීන් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැත.
පසුව එම පිරිස විදුර වික්‍රමනායක මහතාට හා පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට දුරකතන ඇමතුම් ලබා දී අවසර ඉල්ලා ඇතත් යුද හමුදාවෙන් අවසර ලැබී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හා අනෙකුත් දේශපාලනඥයන්ට හා වැදගත් පුද්ගලයන්ට පමණකි.
පුරා විද්‍යා නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය හා ඔවුන්ගේ නියාමනය යටතේ මේ පිරිස කැණීම් සිදුවන ස්ථානයට ගොස් කපුරු දල්වා ආගමික වතාවත්වල නිරත වී ආපසු පැමිණ තිබේ.
පසුව පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ හින්දු ජනතාවට අයත් ස්ථානයක් බලහත්කාරයෙන් බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හඳුන්වා පුරා විද්‍යා නිලධාරීන්ගේ හා යුද හමුදාවේ සහය මත මුලතිව් පළාතේ සිංහල බෞද්ධ බලය පෙන්වීමට රජය උත්සාහ කරන බවයි.
15 Viewers





