ඩග්ලස් වික්‍රමරත්න සිය මෙහෙය අවසන් කොට දිවි සැරිය නිම කරයි.
එක්සත් රාජධානියේ සිට රටට එරෙහි බලවේගයන්ට දශක ගනනාවක් තිස්සේ ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශප්‍රේමීයෙකු වූ ඩග්ලස් වික්‍රමරත්න මහතා සිය මෙහෙය අවසන් කොට දෙසැම්බර් 1 වනදා සවස් භාගයෙහිදි සිය දිවි සැරිය අවසන් කළේය.
හතළිස් වරකට අධික කාලයක් මව්බිමේ අඛණ්ඩ තාවය ගැන සටන්කළ ඩග්ලස් වික්‍රමරත්න මහතා අපේ ත්‍රිවිධ හමුදාව මව් රටෙහි කළ සටනට සමගාමිව ජාත්‍යන්තර ප්‍රජාව සමග අපේ රටේ කීර්තිනාමය රැක ගැනීමට ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශප්‍රේමියෙකු විය.
1938 අප්‍රේල් මස 9 වනදා කොළඹදී උපත ලද වික්‍රම රත්න මහතා මියයනවිට 83 වන වියෙහි පසු විය. ඔහු නිවසේ හදිසියේ ඇදවැටීමෙන් රෝගාතුරවී දැනට සතියකට පෙර උතුරු මිඩ්ල්සෙක්ස් රෝහලෙහිදී ප්‍රතිකාර ලැබූ අතර එහිදී ශල්‍ය කර්මයකටද භාජනය කර තිබුණි. ඉන් අනතුරුව ඔහු මියගොස් තිබුණේ දෙසැම්බර් 1 වනදා සවස් භාගයෙහිදිය. කුසුම් වික්‍රමරත්න මහත්මිය ඔහුගේ බිරිඳ වන අතර ඔහු දෙදරු පියෙකු වේ. වැඩිමහලු පුත් රුවන් (නවසීලන්තය ) වන අතර දියණිය මනිෂා ලන්ඩනයේ ද වාසය කරයි.
ආදී ආනන්දියෙකු වූ වික්‍රමරත්න මහතා කුඩාකළ සිටම විවිධ හපන්කම් පෑ සිසුවෙකු විය. ඔහු එහි සිංහල හා ඉංග්‍රීසි විවාද කණ්ඩායම් වල නායකත්වය ඉසුලු අතර ක්‍රිකට් කණ්ඩායමේ ද දස්කම් පා සිසුවෙකු විය. වසර ගණනාවක් සිය උපන් ගමවූ දෙහිවල ක්‍රිකට් කණ්ඩායම පමණ නියෝජනය කළ කල ඔහු එය ආරම්භකල බව සඳහන් කර තිබුණි. ඔහු වසර 10 එහි නායකයා ද විය.දෙහිවල 50-70 දශකයන්හි ඉතා ජනප්‍රිය රථවාහන සේවාවක් වූ ඒ බි සී ආයතනය ව්‍යාපාරයක් වූ ඒ බි සී ආයතනයේ අයිතිකරුවුයේ ඩග්ලස් වික්‍රමරත්න පියාය.එය දිවයිනේ එකල තිබු ඉතා ජනප්‍රිය ආයතනයක් විය.
ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා 1960 ගණන්වල මුල් භාගයේදී එක්සත් රාජධානියට පමණි අතර ඔහු ලොයිඩ් බැංකුවේ වසර 20 පමණ කාලයක් සේවයේ නිරතවූයේය. ඔහු එහි කලමණාකරුවකු ලෙසද කටයුතු කළේය. පසුව ඉතිරිකිරීමේ බැංකුවකට ද සම්බන්ධ වි තිබුණි. කළක් ඔහු ලන්ඩන් මහා කොමසාරිස් කාර්යාලයේද සේවෙච්ජා සේවයෙහිද නිරත විය.ඔහු කුඩාකළ සිටම ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකු වූ නිසා ආයතන දෙකේදීම, ඔහු ක්‍රිකට් වලට යෙදීම දිගටම කරගෙන ගිය අතර කලක් එහි නායකයා ලෙස කටයුතු කළේය. මෙය එකල මෙහි සුදු ජාතික කණ්ඩායමක ප්‍රධානියා වීමේ තරම් ඔහු දක්ෂකම් වලින් හෙබි අයෙකු විය බටහිර ඉන්දීය වොන්ඩරර්ස් සීසී කණ්ඩායමට ක්‍රීඩා කිරීම ගාෆීල්ඩ් සෝබර්ස්, කොන්රාඩ් හන්ට් සහ බටහිර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් වොන්ඩරර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරඇතිබව ඔහු විසින් වරක් ප්‍රකාශ තිබුණි.
එක්සත් රාජධානියේ සිංහල සංගමය 70 දශකයේ පිහිටුවාගෙන තිබු අතර එමගින් සිංහල ප්‍රජාවගේ සංස්කෘතික උළෙල පවත්වමින් මහත් සේවාවක් ඉටු කරමින් පැවති සංගමයක් විය.එහි කලක් සභාපති ඩග්ලස් වික්‍රමරත්න මහතා වූ අතර මේ මගින් වාර්ෂිකව සිංහල අවුරුදු උත්සවය,සිංහල සංගීත උළෙල,හා චිත්‍රපට පෙන්විම යනාදී කාර්යයන් රැසක් වාර්ෂිකව පැවැත්වීම මෙමගින් සිදු කරනු ලැබුණි. මෙම ප්‍රසංගවලට සහභාගීවුවන් අතර වූවන් අතර අමරදේව, නන්දා මාලිනී, සිසිර සහ ඉන්ද්‍රානි, එච්.ආර්.ජෝතිපාල, ලතා වල්පොල, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී.එම්.ජයරත්න, එම්.එස්. ප්‍රනාන්දු, මාලිනී බුලත්සිංහල, ක්ලැරන්ස් විජේවර්ධන සහ මරියසෙල්, ඇන්ජලින් ගුණතිලක, එස්. සහ ස්ටැන්ලි පීරිස්, විජේරත්න රණතුංග, රෝහණ වීරසිංහ වැනි සංගීතඥයන්වේ. 1983 ඇතිවූ කළු ජුලියත් සමග ඇරඹුණු අර්බුදයත් සමග මේ සංගමයට මෙහිදී ඒ සඳහා මැදිහත්වී කටයුතු කරන්නටද, ඒවා මෙහයවිම ද,සිංහල සංගමයට පැවරුණි.
ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනගිය මඩ ප්‍රචාර හා රජය විසින් මානව හිමිකම් කඩ කළේය යන චෝදනා වලට පිළිතුරු සපයමින් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ මහඟු සේවාවක් ඉටු කළ ඔහු සිය ධනය ශ්‍රමය වැය කරමින් මෙරට පාර්ලිමේන්තුවේ ද මුළු ලන්ඩනයේ ද හැම නගරයකම පාහේ පැවති වාද විවාද සංගම් වලට සහභාගී වුවේය. යුරෝපයේ ප්‍රංශය ,ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, බෙල්ජියම, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල එල්ටීටීඊ ක්‍රියාකාරීන් සමඟ වාද විවාදවලට ද සහභාගි වුයේය.. ඉන් නොනැවතී ටොරොන්ටෝ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකිකයන්ගේ ආරාධනයෙන්කළ සංචාර විශාල ගණනකට ද සහභාගී වුවේය.
අවසානයේ ඔහුගේ මැදිහත්වීම නිසා ශ්‍රී ලංකා සංගම්වල එකතුවකින් ලෝක සම්මේලනය පිහිටුවා ගත්තේය. මේ සංගම්වල සහභාගිත්වයෙන් 1985 දී, එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය යන රටවල නියෝජිතයින් සහභාගී වූ සම්මේලනයේ දෙවන සම්මේලනය ලන්ඩන් හිල්ටන් හිදී පවත්වන්නට ද ඔහු මුල් වුයේය. ඒ සඳහා අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, අනුර බණ්ඩාරනායක තවත් ශ්‍රී ලංකාවට පක්ෂ විවිධ ජාතීන්ගේ නියෝජිතයන් ද සහභාගී කර ගන්නට වික්‍රමරත්න මහතා කටයුතු කර තිබුණි.
ඩග්ලස් වික්‍රමරත්නයන් ගේ නම බීබීසී ,සී .එන්. එන් ,අල්ජශිරා ,ඇතුළු රුපවාහිනී නාළිකාවල මෙන්ම ,ලොව විශේෂයන් බටහිර රටවල ගුවන් විදුලි නාළිකාවල විවාදවල මෙන්ම පුවත් සාකච්ජා වලදී මෙරට සහභාගී කරගත් ප්‍රධානතම තැනත්තා බවට ඔහු පසුගිය වසර 40 පමණ කාලයක කටයුතු කර බව විශේෂයෙන් සඳහන් කල යුතු කරුණකි. ඔහුගේ ඉංග්‍රීසි බස හැසිරුවේ මෙහි උපන් සුද්දෙකුට නොදෙවෙනි අයුරිනි.ඔහුගේ බස ඉතා පැහැදිලි එකක් විය. කරුණු එකකින් එක ගෙන හැර දැක්වුයේ ඔහුට විරුද්ධවාදීන්ගේ තර්ක එකින් එක බිඳ හළමින් සත්‍ය කරුණු මුළු මහත් ලොවටම ගෙනහැර දක්නා අයුරින් වීම එහි තිබු විශේෂත්වයක් විය. අසරණ වූ ඇතැම් ප්‍රතිවාදීන් වරෙක ඔහු ගෙන් එසේ නොකරන ලෙසද ඉල්ලා තිබු බව ඔහු විසින් මා සමග පවසා ඇත.
ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය දිනාගැනීම සඳහා කොටි සංවිධානය විසින් ප්‍රචාරය කරන ලද අමූලික අසත්‍ය ප්‍රචාර හෙළිකිරීම නිසා තර්ජනයකට ලක්ව ස්කොට්ලන්ඩ්යාඩ්හි ආරක්ෂාව ලබා දීමට සිදු වූ කාලයක් ඔහුට තිබුණි. එවකට සිටි ප්‍රබල එල්ටීටීඊ හිතවාදීනට සිටි ප්‍රබල විරුද්ධවාදියාවුයේ ඔහුය. ඔවුන්ගේ විරෝධතා නොතකා, ඔහු , ත්රස්තවාදීන්ගේ කුරිරුකම් හෙළිදරව් කිරීමටත්, සිදුකළ කුරිරු ත්‍රස්තවාදී ව්‍යාපාරය ලොවට හෙළි කිරීමටත්හැමවිටම උත්සුකවිය. මේ තත්වය පසුකාලීන චැනල 4 මගින් ගෙනගිය වාර්තා චිත්රපටිවලදී මහත්සේ ඉස්මතුවී පෙනුනි. කොටි විසින්. රජයට එරෙහිව එල්ල වූ දෙමළ ඩයස්පෝරාවේ කල යුධ අපරාධ හමුවේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයට සහභාගී වීමට ඔහු ජිනීවා බලා ගිය අවස්ථා රැසක් විය. ලන්ඩනයේ සිට මෙහි සින්හල සංගමයේ හා දේශප්‍රේමී සියලු කොටස් ඒකරාශී කර ගනිමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ගොස් සිංහලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට සහ සටන් කිරීම වික්‍රමරත්න අත්හැර දැමුවේ ඔහු අසනීප වූ බැවිනි. ඔහු ගේ මේ සේවාව සදා අනුස්මරණීය එකක් බව කිව යුතුය.
වසර ගණනාවක් පුරා, රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව අභිතව සිය හඬ නගමින් ලන්ඩනයෙන් සිය වියදමින් එහි ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම ඇමතූ දේශප්‍රේමියා මගේ හැඟීමේ හැටියට ඔහුය. . ලන්ඩනයේ සහ ජිනීවාහි එල්ටීටීඊ ආධාරකරුවන් විසින් තම ජීවිතයට තර්ජන එල්ල වූ කාලය සිහිපත් කළ වික්‍රමරත්න, ස්කොට්ලන්ඩ්යාඩ් තමාගේ ආරක්ෂාව තහවුරු කළ බව පැවසීය. ජිනීවාහිදී ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වීම ගැන වරක් ඉන්ටර්පෝල් ආයතනයට අනතුරු අඟවා තිබුණි. එල්ටීටීඊ ආධාරකරුවන සමග සමඟ 1984 දී සුප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් සංගමයේ විවාදවරක් සහභාගී විතිබුණි ., එහිදී ඔහු සහ බ්‍රැඩ්මන් වීරකෝන් මහාචාර්ය ඒ.ජේ.විල්සන්, එස්. සිවසිතම්පරම් සහ ආචාර්ය නීලන් තිරුචෙල්වම්ද එයට සහභාගී වී තිබුණි. මේ අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය, ලන්ඩන් ආර්ථික විද්‍යා පාසල, බාත් විශ්ව විද්‍යාලය ඇතුළු බොහෝ දේශන හා සම්මන්ත්‍රණවලට සහභාගී වී තිබුණි .
පසු ගිය වසරේ දිනෙක ඔහු මා හමුවන්නට ඔහුගේ බිරිඳ සමග අප නිවසට පැමිණියේ යම් නීතී කටයුත්තක් ඉටුකර ගැනීමටය. ඔහුගේ ඇරයුම අනුව මා මගේ බිරිඳ සමග ඔහුගේ නිවසට ගොඩවැදුණු අතර අප එදින බොහෝ දෑ පිලිබඳ දොඩමලු වූ අයුරු මට අදමෙන් සිහිපත්වේ. ඔහුගේ දයාබර බිරිඳ කුසුම් සෙවනැල්ලක් මෙන් ඔහු බලාකියාගත් අයුරු මට අදමෙන් මැවී පෙනේ. අති දක්ෂ කලාකාරිනියකවූ ඇයගේ තෙළිතුඩෙන් හැඩවූ සිතුවම් ගේ පුරා එල්ලා තිබුණි.ඒවා අපට පෙන්නා ඔහු සතුටුවූ අයුරු මට අදමෙන් මතකය.අද ඔහු ඇය හැර ගොසිනි. ඔහුගේ අඩුව කිසිදිනෙක මෙරටදී පියවනු ඇතැයි සිතීම උගහටය.ඔහුගේ ඒ හඬ තවමත් යු ටියුබ් නාලිකාවේ සටහන්ව ඇත. කරුණාකර ඒවාට සවන්දෙන ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
ඩග්ලස් වික්‍රමරත්න යන නම එක්සත් රාජධානියට පමණක් නොව අප රටට පසුගිය දසක ගණනාවකම බොහෝ දෙනෙකුට හුරු පුරුදු ය. ඔහුගේ සේවාව අමිල එකකි.තම ජීවිතය ගැන නොසිතා සිය පවුල ගැනද නොසිතා සිය මව් රටට තමන්ගෙන් වියයුතු සේවය ඉටු කිරීමට අප කැපවූ යුග පුරුෂයෙකි. ඔහගේ නාමය මව් බිමේ අඛණ්ඩ තාවය රැක ගැනීමේ ජාත්‍යන්තර සටනේ පොරෝ ගාමියෙකි. ඔහු අපෙන් වියෝවුනද අපි සදා ඔහුගේ ඒ අමිල සේවය මෙරට වෙසෙන මෙන්ම්ලොව පුරා අපේ රටේ ජාතිමාමක දේශ ප්‍රේමී ජනතාව සදා සමරනු ඇත. ඩග්ලස් වික්‍රමරත්න මහතාණෙනි ,ඔබට අපේ ආචාරය. ඔබට අමා මහා නිවන් සුව ලැබේවා.!!!
අවමඟුල් උත්සවය පසුව දැනුම් දී මට නියමිතය.
නීතිඥ ශාන්ත සේනාධීර –
කතෘ ලංකා නිවුස් යු කේ.
89 Viewers





