ලංකාව ණය මුදලාලිලාට සින්න කරනවා ද?
පිටරට ඇති පාසල් ආදි ශිෂ්‍ය ශිෂ්‍යා සංගම්වලට හැකි නම් පාසල් සඳහා එවන ආධාර සංවිධානය කරන්න පුළුවන්.
එමෙන් ම සිංහල සංවිධානවලට ද මෙහි දී යම් කාර්යයක් කරන්න පුළුවන්.
අද ඊනියා ඩයස්පෝරාවේ මුදල් යොදා ඊළමක් පිහිටුවීමට ඇතැමුන් කටයුතු කරනවා. ඒ අතර භික්ෂූන් වහන්සේට ප්‍රශ්න ඇති කරන අය ඉන්නවා. හෙි අවසානය සිද්ධාර්ථ ගෝ වෙන්න බොහෝ ඉඩ තියෙනව. ඒ සම්බන්ධයෙන් මා ලියූ ලිපිය සකර්බර්ග් තහනම් කළා. එය www1.kalaya.org වෙබ් අඩවියේ කියවන්න පුළුවන්.
අපි මේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ කවුදැයි තේරුම් ගන්න ඕන. ඒ ඊයේ “බිග් මැච් ෆන්” ලැබූ තරුණ තරුණියන්වත් අනුරවත් සජිත්වත් නො වෙයි. මේ සියල්ල නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවා මෙරට සංස්කෘතිය හර පද්ධතිය නැති කර අප තව තවත් ණයට කන ජාතියක් බවට පත්කර දිනයන් බවට පත්කිරීමටයි.
මේ ලංකා වසන්තයයි. අපි එය පරාජය කරමු. නන්දිකඩාල් ජයග්‍රහණය සිදු නොවී නම් අප සිටිය හැක්කේ කොතනක දැයි කල්පනා කරමු. ඩොලර් අර්බුදය අවුරුදු හැත්තෑවක් ණයට කෑමේ ප්‍රතිඵලයක්.
70 Viewers





