ව්‍යයවස්ථා සංශෝධන ගැන හිතන්නවත් එපා- නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මධ්‍යය මණ්ඩල සභික දේශප්‍රේමී ජාතික පෙරමුණ

දෙශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටින්නේ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිට විය යුතු බවත් එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල දායකත්වය ලබා දිය යුතු බවත්ය.
නිශ්චිත කාල වකවානු සහ නිශ්චිත වැඩසටහනක් පාර්ලීමේන්තුව විසින් සකස් කර ජනතාව ඉදිරියේ තැබිය යුතු බව පවසන ඒ මහතා ජනාධිපතිධූරය අහෝසි කරන හෝ වෙනත් ව්‍යවස්ථා සංශෝධනයක් කිසිසේත්ම නොකළ යුතු බව අවධාරණය කළේය.
“ගෝඨා ගෝ හෝම්” යන විරොධතාවය පිටුපස සියලු දුෂ්ඨ බලවේග ඒකාරාශී වී සිටින බව පවසන ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා එලවා දැමීමෙන් රට මුහුන දෙන බරපතල ප්‍රශ්නය විසඳ ගත හැකිනම් තම පක්ෂයද ඊට එකතු වන බව පැවසුවේය.
67 Viewers





