සොල්දාදුවෙකුගෙන් අරගලයට

අරගලය වෙත ආදරයෙන් ලියන්න හිතුනා…

මේ‍ දවස්වල හමුදාවන් වලට සහ, පොලීසියට පලු යන්න බනිනවා .. ඒ මෙලෝ රහක් නැති මොනවා හරි අකුරු ටිකක් ගලපගන්න පුලුවන් උන් ටිකක් තම තමන්ගේ හිතට එන දේ ලියන පිස්සො ටිකක් කියලා ලීවට තරහ වෙන්න එපා.

උබලාම ගෙයින් ගෙට ගිහින් ගිරි පුප්පගෙන කෑගලා පෙළපාලි ගිහින් මොකෙක් හරි හොරෙක් ව ගෙනාවෙ තොපි . ගෙනල්ලා එපා උනාම අපහු අර වගේ ම කෑගලා පෙළපාලි යනවා . උබලගේ තකතීරු කමට හොයලා බලන්නැතිව එක එක උන්ව ව ගෙනල්ලා දැන් උබලා මහපාරේ.

මතක තියා ගනිල්ලා උබලා වගේ විනයක් නැතිව වැඩ කරන්නේනෑ අපි.  අපි හමුදාවට බැදෙන කොට දිවිරිලක් දෙනවා උබලා ගිරිය පුප්ප ගෙන අරක්කු ටිකටයි බත්පැකට්‍ එකටයි කතිර ගහලා පත්කරන එකාවයි  ඌගේ එහෙයියෝ ටිකයි දිවි හිමියෙන් අරක්ෂා කරනවා කියලා. ඒ පත්කරන එකා නන්දසේනද , සජිත්ද , අනුරයාද, විමලයාද jvp කැඩිලා ගිය පෙරෙට්‍ටන්ගේ ගුනරත්නම්‍ ද කියලා අපි අදාලම නැත. ඒ මොන එකා ආවත් ඌට සැලුට්‍ එකක් ගහලා ඌව ආරක්ෂාකරනවා.

එදාට ඌ ඒදවස් වල පෙළපාලි යනකොට හමුදාවේ‍ කොල්ලන්ගෙන් ගුටි කන්න ඇති එකත් අදාලත් නෑ අපිට.

උබලාම පත්කරපු ඌව අපි ආරක්ෂා කරනවා.

මතක තියා ගනිල්ලා අපිත් තැපැල් චනදයත් දෙනවා. හැබැයි මම දුන්නේ අරුට ඒ හින්දා මම අන්න එකාව විතරක් මම බලා ගන්නවා කියන පහත් මානසික තත්වයක
අපි නෑ.

උබලා උබලාගේ හදවතින් ම අහපන් ලොකුවට කෑගහන ප්‍රජාතන්‍රවාදය , සමානත්වය කරගහගෙන  university වලින් ජිවිතය ආරම්භ ‍ කරලා Directors ලා, secretaryලා, Drලා ,Eng ලා නෙමේ‍ද ඔය කොමිස් ගහන් නේ, office එකේ තියන photo copy bundle එකත් ගෙදර අරගෙන යන, Board meetings වලදි , ටෙන්ඩර් වලදි පුටු රත්කරලා වචනයක්වත් කතා නොකර ඒ කට ඉදගත්තට විතරක් දෙන මහජන මුදල් check එක කිසිම හිරිකිතක් නැතිව සක්කුවල දාගෙන යන්නෙ හමුදා කාරයෝද උබලාගේ මහලොකු university වලින් out උන් නෙමේ‍ද කියලා.

උබලා අහන්න ඇති දකින්න ඇති “ කොප් කමිටු වල “ එලියට එන දේවල්. සමහර උන් දනනේනෑ මොකක්ද උන්ගේ job එකවත් කියලා. ඒත් අර උබලා කියන university වල ඉගෙන ගත්තයි කියන අපතයෝ නේද? එවා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තෙ මහජනතාවගේ සල්ලි නේද?  මම මේ‍ ලියන එක හැමෝටම ආදාල නැත, හැබැයි බහුතරයක් නැත්නම්‍ මේ‍රටට මෙහම වෙයිද සහෝදරයා.

අපි කල බොහෝ දේවල් උබලාට හිතලු විතරයි සහොදරයා. යුද්ද කාලේ රට බේ‍රගන්න කවුද ආවේ‍ ? උබලා campus දාලා හමුදාවට බැදුන එකෙක්ගෙ නම කියපං . නෑ සහෝදරයා උබලා කලේ උපාදිය අරගෙන් රට පැන්නා. එහෙම උන්,  උබලා අපිට සක්කිළි කියලා බැන්නා. උබලද සක්කිළි අපිද කියලා හදවතින් අහපන්.

අපිට දුන්න හැම වැඩේ‍ම අපි හරියට කලා . හරියට කරලා නැත්නම්‍ ඒ උබලා කකුලෙන් ඇදල ඇති එතන. මොකද අපි හිටියාම හොරකම්‍ කරන්න බෑනෙ.

මම දැක්කා දවසක් Parliament එක ලගදිත් GGG  දිත් කවුද නපුංසකයෙක් කිවුවා අපේ යට ඇදුම්‍ විතරයිලු අපේ. අනෙක් සේරම බදු මුදල් වලින් දෙන දේවල් කයලා. මහත්තයෝ තිස්ස රජ්ජුරැවන් ගේ කාලේ ඉදලා එහෙමයි තමයි ගොඩනැගිලා අවේ‍ රාජ පුරුෂයෝ , සොල්දාදුවෝ maintain කරන විදිහ .මේ‍ක ලංකාව විතරක් කරන දෙයක් නෙවී සහෝදරයනි මුලු ලෝකෙම රට වල් වල මෙහෙම තමයි  තම හමුදාවන් නඩත්තු කරන්නේ දන්නැත්නම්‍ අදවත් දැන ගනින් මහත්තයෝ.

උබලා වගේ පඩි මදි උනාම  companyයකින් තව කොම්‍පැනියකට පනින . අකුරට වැඩ හරි පිකටින් එකක් හරි , අරගලයක් හරි කරලා ඉල්ලීම්‍ දිනා ගත්තා. මේ‍ මහතවරු දැකලා තියනවාද අපි එහෙම කරලා තියනවා. අතන නාය ගියාම මුලින්ම යන්න , ගං වතුර ආවහම ඇගිලි කුනුවෙවි ඒ වැඩ කරන්න සුළි සුලගට  වැටුන ගස් අස් කරන්න, සුනාමි ආවහම යන්න අපි පඩි වැඩිකරලා ඉලිලුවේ‍ නෑ. උබලනම්‍ අනිවා පඩි වැඩි කරලා OT ඉල්ලනවා.

මම මේ‍ ලගදි දැක්කා නගර සහාවේ‍ TO යනචා දුශනය  නතර කරනු කියලා බොඩ්‍ ලෑල්ලක් අර ගෙන ඉන්නවා. ඌ මගෙන්ම සල්ලි ගත්තා වැඩක් කරලා. එක ඌගේ රාජකාරිය පගා අරගෙන වැඩකරන්න උබලා පුරුදු වේ‍ලා අද.

ඔය එක පෙරටුගාමියෙක් වත් නෑ නාය ගියාම, සුනාමි ආවම , ගංවතුරට ,කෑලෑ ගිනි නිවන්න එතකොට උන් පසුගාමින් .

කොහෙමත් සොල්දාදුවා නීච නෑ හෙල්මට්‍ පොලේ ගයලා uniform විසි කරලා අරගල යට එකතු වෙන්න. හැබැයි උබලා හොදට මතක තියා ගනිල්ලා හදවතින්ම අපි උබලා ආදරේ හින්දයි  එදා කොකා ගැස්සුවේ‍ නැත්තේ, නැතුව මේ‍වා වැඩ කරන්නේ නැති එවා නෙමේ‍යි කියලත් හොදට හිතට ගනිල්ලා.

71 , 88,89 ,LTTE ත්‍රස්ත්‍රවාදි වකවානුව උබලට අමතක නැකිව ඇති තාම.

උබලා ඉරිසියා කාරයෝ සයිටම්‍ දාන්න දුන්නෙනෑ .එහෙම කලානම්‍ අද පිට රටට ගිය සල්ලි ඉතිරියි. උබලා හරි තුහකයි හොද දේවල් වලටයි නරක දේවල් වලටයි දෙකටම විරුද්යි .ඉතින් කෙහොමද අපි උබලාගෙන් රටක් හදනවා කියලා බලා පොරෝත්තු තියාගන්නෙ.

තව දෙයක් තියනවා නොලියම බැරි උබලා මේ‍ අරගගයෙන් අපිට පාඩමක් ඉගැන්නුවා ඒ රට කෙලසන දෙෂපාලකයාගේ පැත්තට තුවක්කුව දික් කරල කොකා ගස්සන්නෙනැත්තේ ඇයි කියන එක ,එක අපි ඉදිරියෙදි කරනවා උබලා හරි පාරේ ගියේ නැත්නම්‍ මේ‍ අරගලයේදි අපෙන් ඉල්ලපු දේ අපි ඊලගට පත්වෙන දේස පාලුවන්ගෙන් පටන් ගන්නවා . ප්‍රවේ‍සමෙන් සහෝදරයා.

අනෙක උබලා අඩු කරපන් හමුදාව එතකොට උබලාගේ බදු මුදල් ඉතිරයි , හැබැයි අපදාවක් උනාම එතනට ඉක්මනට කඩිනමින් යන්න අරගල කරුවෝ නම්‍ කරලා තියපන්.හැබැයි කැට තියලා කියනවා සහෝදරයා උබලට එදාට වෙන්නේ ලාහට ගෙම්‍බෝ එකතු කරනවා වගේ එකතු කරන්න.
සහෝදරයා එදාට මතක් කරන්න මේ‍ ලියුම්‍කරුවත් පොඩ්‍ඩක්.

බලපන් ජනාදිපති මන්දිරයටත්, ලේකම් ‍කාරයාලයෙත් ඇතුලටත් රනිල්ගේ පුස්තකාලයටත් කරලා තියන දේ. එව නැවන හදන්නෙත් උබේ‍ මගේ සල්ලිවලින් රනිල් ගේ හැරෙන්න. උබලා එකෙක්ටවත් කොන්දක් තිබුනද එහෙම විනාස කරන්න එපා කියන්න. ඒ කියන්නේ උබලාගේ කෙරුවාවලලුත් ඔහොම තමයි.

අරගලයෙන් පස්සේ press release තියපු Group එක අපි නම්‍ ඇහැටවත් දැක්කෙනෑ අරගලයේ ඉදිරියෙන් ඉන්නවා . කොහෙද හිටියේ ? ගුටි කාපු උන් තුවාල උන උන් බලන්නවත් ගියාද උබලා  hospital එකටවත්. මතක තියා ගනිල්ලා අපි යුද්දෙදි තුවාල උනාම  අපේ නිලධාරින් යුද්දේ හින්දා නිලධාරින් ඒ අඩුව මකන්න නිලධාරින්ගේ බිරින්දැවරු hospital එකට ආවා අපිට ශක්තියක් වෙන්න. බොරුනමි අහලා බලපල්ලා . ඔන්න ඔකයි අපි දෙගොල්ලොන්ගෙ වෙනස.

උබලා එදා අපිට සක්කිලි කියලා බැන්නට හැමෝටම දැන් හිතාගන්න පුළුවන්නේ කවුද දැන් සක්කිලි කියලා. උබලාගේ නායකයෝ වගේ නේවේ අපේ නිලධාරින් අපිත් එන්ක ඉස්සරහින්ම හිටියා. කෝ උබලාගේ නායකයෝ?

ආසියාවෙම 98% ෂාක්ෂර තාවයක් තියනවා කියලා කෑගහන අපි මොනවද රට රට වල් වලට පෙන්නුවේ‍. සබන් ගාලා ඒ පිටින්ම pool එකට බැහැලා නාපු හැටි . කවදාවත් mattress දැකලානැති විදිහට දගලපු හැටි, kitchen දැකලා නෑ වගේ දගලපු හැටි,  liquor trolley වල උඩ වයස 35 – 40 අරගල කරුවෝ දමලා  තල්ලුකරන එවා, sofa cushions වල උඩ නැගේන mobile message බලන එවා. සහෝදරයනි උබලා තලේබාන් කරයන්ටත් යටයි හැසිරිනු විදිහ. උබලා films වලවත් දැකලා තිබුනද සුඩාන් මුහුදු මංකොල්ල කාරයෝවත් නැවක් කොල්ලකෑවට පස්සේ එහෙම හැසිරෙනවා . ලෑජ්ජයි සහෝදරයා සහෝදරි උබලා දිනුවේ‍ නෑ .

රටම කුජීත කලා එච්‍චරයි.



49 Viewers