භුකර් ප්‍රයිස් ගන්නා හැටි (පියවරෙන් පියවර)

පළමුව ඔබට පුද්ගලිකව හෙන ලොකු පොරක් වීමේ නොතිත් කාම ආසාවක් තිබිය යුතුය. දෙවනුව ඔබට ලංකාවේ සංස්කෘතිය ගැන බද්ධ වෛරයක් තිබිය යුතුය. තෙවනුව ඔබට ඉංග්‍රීසියෙන් ලිවිය හැකි විය යුතුය. මේ කාරණා තුන සම්පූර්ණ කිරීම භුකර් පමණක් නොව ඕනෑම වර්ගයක අන්තර්ජාතික සම්මානයක් ගැනීමට අනිවාර්ය වේ.
ඔබ කොළඹ ප්‍රභූ සමාජයේ සුරතලෙකු විය යුතුය. ඒ සඳහා කළ යුත්තේ ඉතාම සරල දෙයකි. සන්ධ්‍යා කොක්ටේල් පාටිවලට රිංගාගෙන හමුවෙන හැම එකාත් සමගම සිංහල ජාතියට පරිභව කිරීමත් බෞද්ධ ආගමට අපහාස කිරීමත්ය. ඒ දෙක අතරට රාජපක්ෂලාට අවලාද නැගීම ඔබේ කාර්යය වඩාත් පහසු කරනු ඇත.
යුද්ධය යනු ඉතාම හොඳට විකිණිය හැකි ප්‍රස්තුතයකි. දේශපාලකයා විසින් එය විකුණා බලය ලබාගන්නේ යම්සේද ඔබටත් ඒ ගැන පොතක් ලියා සම්මාන ගත හැකිය. මෙය පොත්වලට පමණක් නොව චිත්‍රපට හෝ චිත්‍ර ආදී ඕනෑම අපකලාවකට අදාළ බව කිව යුතුය. නමුත් දැන් යුද්ධය පට්ට ගසා ඇති නිසා වෙනත් මානව ව්‍යසනයක් තෝරාගැනීම හොඳ උපායකි.
ඔබේ කතාවේ තිබිය යුත්තේ සමාජයේ සිදුවන අන්තිම නරක සිදුවීම් පමණී. ඕනෑම සමාජයක හොඳ සහ නරක තිබේ. නමුත් ලංකාවේ හොඳ ගැන ලිවීමෙන් හෝ මධ්‍යස්තව ලිවීමෙන් හෝ ඔබට සම්මාන ගත නොහැකිය. ඒ නිසා ඔබ ලිවිය යුත්තේ නරකමය. ඒ නරක සිය ගුණයකින් වැඩි කර අතිශයෝක්තියෙන් ලිවීමට මතක තබා ගන්න.
භුකර් ප්‍රයිස් එක තීරණය කරන විනිශ්චය මණ්ඩලය පොත් දහස් ගණනක් කියවයි. ඒ අතරින් ඔබේ පොත විශේෂිත විය යුතුය. ඒ ධ්වජභග්න කියවන්නාගේ ප්‍රාථමික කාමුක ආසාවන් උද්දීපනය වෙන අයුරින් ඔබේ කතාව රසකර ලිවිය යුතුය. වෙනත් වචනයෙන් කිවහොත් එය හැකිතරම් පෝර් නෝ ග්‍රැෆික් විය යුතුය. ඔබේ කතා නායකයාට හෝ නායිකාවට වධ දෙන ආකාරය ඔබේ වනචර මනසින් මවාගෙන හැකි තරම් විස්තරාත්මකව ලිවිය යුතුය. ඔබ දැන් භුකර් සම්මානය අසලටම පැමිණ තිබේ.
දැන් ඔබ ඔබව මාර්කට් කරගත යුතුය. සම්මානය දෙන්නේ පොතට නොවේ. විදග්ධ කුණුහරුප ලියන ඔබටය. ඒ සඳහා අන්තර්ජාතික වේදිකා සොයාගෙන ගොස් කතා පැවැත්විය යුතුය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තිබෙන්නේ ඔබ වෙනුවෙන්මය. සුද්දන් ඉදිරියේ උන්ගේ පැරණි කොලනියක් වන ලංකාව ද්වේශසහගතව පහත් කර කතා කිරීම ඒ සුද්දන්ට මහත් ප්‍රීතියක් ගෙනදේ. එය පැරණි වහල් සමාජයේ ඇතැම් වහලුන් සුද්දන්ට කත් ඇද පඬුරු දිනා ගත් උපක්‍රමයම බව ඔබ දනී.
ඔබ කියන කරුණු සත්‍යය විය යුතු නැත. ඔබ කළ යුත්තේ ඔබත් වින්දිතයෙක් බව විනිශ්චය මණ්ඩලයට පෙන්වීමයි. ගතින් නිව්යෝර්කයේ ජීවත් වුණත් ඔබ පෙන්විය යුත්තේ ඔබ ලංකාවේ ආණ්ඩුවෙන් බැට කමින් ජීවත්වෙන අසරණ ප්‍රාණියෙකු බවයි. වෙනත් ඕනෑම රටක මෙන් ලංකාවේද පවතින ගැටලු විසඳීමට ඔබ මහන්සි විය යුතු නැත. ඔබ කළ යුත්තේ ඒ ගැටලු ඔබේ පුද්ගලික දියුණුව සඳහා භාවිතා කිරීමයි.
ඊනියා අරගලය වැනි එකක් පැමිණියහොත් ඔබට කල්ල මරේ වේ. ඔබ හැකි ඉක්මණින් අරගල භූමියට සැපත් වී එහි සිට සෙල්ෆි ගසා ට්වීට් කළ යුතුය. එයින් ඔබට ලැබෙන මාර්කටින් පාර ඩොලර් කීදාහක් ගෙවාවත් ගත නොහැකිය. ඔබ සටන් කරන්නේ භුකර් ප්‍රයිස් එකට බව ඔබ නිතරම සිහි තබාගත යුතුය. රට බංකොලොත් වී ගෙවල් ගි නි ගන්නා තරමට ඔබ ඔබේ භුකරයට සමීප වේ.
මේ ටික හරියට කළොත් ඔබට භුකර් ප්‍රයිස් එකටත් වඩා ලොකු සප්‍රයිස් ලැබෙනු ඇත. කොළඹ කුලීන පැලැන්තියේ සාමාජිකයෙකු වීමට වෙර දරන වෙන්ට ප්‍රභූ පැටවුන්ගේ වීරයා වෙන්නේ ඔබය. ඔබේ පොත කියවා නැති වුවත් ලංකාවේ දේශපාලකයන් ඔබව පසසනු ඇත. ලංකාවේ ජඩමාධ්‍ය ඔබට හුරේ දමනු ඇත. දැන් ඔබට කරන්නට ඉතිරිව තිබෙන්නේ ඔබ විසින් ප්‍රසිද්ධියේ දූ ෂණය කළ ඔබේ රටේ මිනිසුන්ගේම කර මත හිටගෙන ජයපැන් බොමින් “මුන් තරම් මෝඩයන් තවත් නැහැ” යැයි යටි සිතින් කියමින් උන්ගේ ඔළුවලට සුළුදිය පහකිරීම පමණී. ධර්මය අපට මග වේවා!
එරන්ද ගිනිගේ
2022 ඔක්තෝබර් 20
https://www.facebook.com/watch/?v=792119338757125
94 Viewers





