• Home »
  • Sinhala Articles »
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් දේශීය චින්තනය සහ උගත්කම අපලවාම උපහාසයට ලක්කළ මහදැනමුත්තා කතාපුවත

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් දේශීය චින්තනය සහ උගත්කම අපලවාම උපහාසයට ලක්කළ මහදැනමුත්තා කතාපුවත

කි ව 1796 පටන් 1948 දක්වා අප හෙළදිව සවකීය යටත්විජිත යක් ලෙස පාලනය කළ බ්‍රිතාන්‍ය රජය දේශපාලන ආර්ථික සහ සාමාජික යන සෑම අංශය කින්ම මෙරටතුළ මහත්වූ විපර්යාසයක් සිදුකෙළේය . මේ සෑම දෙයක්ම ඔවුන්ගේ ධන සම්පත් වැඩිකරගැනීමේ පරමාර්ථය සදහාමවිය.

එකල හෙළදිව ගැමි ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි පාරම්පරිකව පැවතෙන අධ්‍යාපන රටාවකට හුරුව සිටිබව පෙනේ ඒතුළින් ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් මෙන්ම දැහැමි සමාජ ක්‍රමයක් ද ගමතුළ ගොඩ නැගුණි.

දැනුමැති රාළගේ ගුරුගෙදර සහ භික්ෂූන් වහන්සේලා වැඩසිටි පන්සල කේන්ද්‍රස්ථානය කරගෙන දේශීය අධ්‍යාපන ක්‍රමය සකස්වී තිබුණි. එමගින් ජනතාවගේ ජාතිකාභිමානය වැඩුණි , බ්‍යෙද්ධ අධ්‍යාපන ක්‍රමය තුළින් උගතුන් රැසක් බිහිවිය .

දේශීය අධ්‍යාපන ක්‍රමයේ දැනුමැති රාලට සහායවූ තවත් ගුරුවරුන් කීපදෙනෙකු විය. ඔවුන් ගමේ ප්‍රධාන රාළලා විය . වෙදරාළ, ගොවිරාළ , ගමරාළ , නැකැත් රාළ සහ වඩුරාළ එම සාමාජික පිරිසට අයත්විය

ඕලන්ද පාලන සමයේ ගිරුවාපත්තුවේ තිබුණු මහගමරාළ නම් තනතුරක් ගැනද සදහන්වේ. ඔහු වීබදු මුහන්දිරම් යන නමින්ද හදුන්වා ඇත.

වර්ෂ 1847දී එවක අගවිනිසුරු ඇන්තනී ඔලිfපන්ට් විසින් ගැසට් නිවේදනයක් මගින් දැනුමැති රාළගේ සහ භික්ෂූන් ගේ අධ්‍යාපන ය ලබාදීමේ ක්‍රියාවලිය නීතිියෙන් තහනම් කරනලදී බ්‍යෙද්ධ අධ්‍යාපන ය පමනක් සාමනේර භික්ෂූන් ට ලබාදීමට අවසරය තිබුණි .

දැනුමැති රාළ සහ ගමේ උගතුන් පස්දෙනා උපහාසයට ලක්කළ මහදැනමුත්තා කතාපෙළ මිෂනාරීන් විසින් සම්පාදනය කර පාසැල්වල උගන්වන ලද අතර පුවත්පත් සගරා මගින්ද ප්‍රචාරය කරවනලදී.
ගුරුගෙදර නමින් හදුන්වනලද දැනුමැති රාළගේ නිවසද වැසීයාමට කටයුතු යෙදුණි එතැන් සිට අලුතින් ගුරුගෙදර බවට පත්වූයේ පල්ලියේ කතිසේරුතැනගේ නිවසයි. කතිසේරුතැන මිෂනාරී පාසැලේ ප්‍රධානියාවිය කතිසේරුතැන ට ගුරුන්නාන්සේ යනුවෙන් ඇමතීමටද මිෂනාරීහු පුරුදු කළහ.

දැනුම ලබාදීම පාසැල්වල පන්තිකාමරවලට පමනක් සීමාව්ය රජය විසින් නිර්දේශිත පොත්පෙළක් විෂය මාලාව විය. ගිරවුන් මෙන් පොත් පාඩම්කර විභාගය සමත්වූවන් උසස් අධ්‍යාපනය ට හෝ රැනියාවක් ලැබීම සදහා සුදුස්සෙකු බවට පත්විය.

මෙම අධ්‍යාපන රටාව තුළින් අච්චු උගතුන් ( Mold People )බිහිවූ අතර ඔවුන් නිර්මාණ ශක්තියෙන් පරිකල්පන ශක්තියෙන් සහ විද්‍යා ත්මක චින්තනයෙන් හීනවූ පිරිසක් විය.
දේශීය සහ දැනුම් උල්පත් මෙලෙස වසාදැමුනු අතර මහදැනමුත්තා සහ ගෝලපිරිස නැමැති රසවත් විහිලුවක් පමනක් සමාජයට එක්විය දැනුමේ උල්පත් මෙසේ වසාදැමුනු නිසා දේශීය චින්තනය සහ දේශීය විෂය දනුම් සම්භාරය පරපු⁣රෙන් පරපුරට වියැකී ගියේය.

හෙළදිව (ලංකාව ) වෙනස්කිරීමේ ක්‍රියාවලියේදී බ්‍රිතාන්‍ය යන් විසින් මෙරට නව ශිෂ්ඨාචාරය ක් සහ නව බුද්ධාගම ක් ඇතිකළබවට සර් අයිවර් ජෙනින්ග්ස් මහත්වූ උද්දාමයකින් ප්‍රකාශ කරසිටියි. බ්‍රිතාන්‍ය යුගයේදී ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ප්‍රතම උපකුලපතිවරයා ව සිටියේය.
ඔහු විසින් රචනාකොට වර්ෂ 1954 දී එංගලන්තයේ දී මුදුණයකරවන ලද අලුතින් ස්වාධීනත්වය ලැබූ රටවල ජාතිකත්වය (Nationalism in Newly Independent States )නැමැති කෘතියෙන් ඒබව පැහැදිලිව සදහන් කරතිබේ .

බ්‍රිතාන්‍ය යන් විසින් මෙරට ඇතිකළ නව ශිෂ්ඨාචාරය ට අයිවර් ජෙනින්ග්ස් විසින් නමක්ද යෝජනා කර තිබේ.

එම නම මෙයයි

ගාලුපාරේ ශිෂ්ඨාචාරය සහ ගාලුපාරේ බුද්ධාගම යන නමයි.

(Galle Road Civilization and Galle Road Buddhism )

ආගමික හර පද්ධතිය ප්‍රතික්ෂේප නරමින් භක්තිවාදයට මුල්තැන දෙමින් වර්තමාන යේ බ්‍යෙද්ධ යින් විසින් අගයනු ලබන බුද්ධාගම දෙස බලනවිට අයිවර් ජෙනින්ග්ස් ගේ කියමන සත්‍ය බව පෙ⁣නීයයි.



112 Viewers