ආගමික ත්‍රස්තවාදය සහ පල්ලිය

අලිමංකඩ සටනේදී දිවි පුද කෙරුවේ හමුදා සොල්දාදුවන්. මැරෙන්න තියෙන බව දැන දැනම අපි සම්බන්ධ වුන හෝ තෝරා ගත්ත උත්තරීතර හා අභිමානවත් රැකියාව. පාස්කු ප්‍රහාරය මිනීමරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් වූවා සේම , අරන්තලාව භික්ෂු  ඝාතනය, රැවන්වැලි සෑය අසලදී බොදු බැතිමතුන් හට එල්ලවූ ප්‍රහාරය, ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ ප්‍රහාරය, කැබිතිගොල්ලෑව බස් රථයට එල්ල වූ පැති බෝම්බ ප්‍රහාරය, මහ බැංකු ප්‍රහාරය, පිටකොටුව බෝ ගහ අසලදී බෝම්බ පූපුරුවා අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම, ඔබ්රෝයි හෝටලය  බෝම්බ පිපිරීම, කටුනායක ගුවන් තොටුපොල ප්‍රහාරය, දෙහිවල දුම්රිය බෝම්බය, පිළියන්දල බස් බෝම්බය, ඇතුලු ශ්‍රී ලාංකික නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයන් සියල්ලක්ම ම්ලේච්ඡ හා කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන්ය. එම ප්‍රහාරයන් මෙරට සිදු වෙද්දී ඒවා ගැන කථා නොකල ආගමික නායකයන්, ජිනීවා නොගිය ආගමික නායකයන්, පාස්කු ප්‍රහාරයට පමනක් සාධාරණයක් ඉල්ලීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද. අන් ජාතීන්, අන් ආගමිකයන් ත්‍රස්තවාදී ප්‍රහාරයන් වලින් ඝාතනය වූවත් මගේ අයවලුන් ආරක්ෂිතව සිටිය යුතු බවද…?

එසේම මින් පෙර සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් අනුමත කරන බවද…? එය එසේ නම් අදෘශ්‍යමාන බලවේගයක් නිසා චීවරධාරී ඕමල්පේ සෝභිතට ජාත්‍යන්තර පරීක්ෂණයක් සදහා යෑමට එවකට පැවති රජයට යෝජනා කරන්න අමතක වෙන්න ඇති. උතුරේ පැවති බෙදුම්වාදී අරගලයේ දී සම හරක් ප්‍රසිද්ධ කතෝලික පියතුමන්ලා මෙන්ම බිෂොප් වරුන් එම ත්‍රස්තවාදී සංවිධාන වලට උදව් උපකාර කළ නිසා මැල්කම් රංජිත් කාදිනලුත් එම අමානුෂික ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයන් නොදැක්කා සේ ඉන්න ඇති. 98 වතාවක් පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබුනු වෙලේ එකම වතාවක්වත් රජය හෝ වෙනත් ආරක්ෂක අංශයකින් හෝ කාදිනල් වරයාට හිතවත් ආරක්ෂක අංශ නිලධාරියෙකු හෝ ඒ පිලිබඳව කාදිනල් දැනුවත් කෙරුවේ නැද්ද. එවන් එකම තොරතුරක් 98 වතාවක් ලැබෙද්දී දිවයිනේ ප්‍රධාන කතෝලික දේවස්ථාන වල පාස්කු දේව මෙහෙය වල් අවලංගු කර රෑපවාහිනි මාධ්‍ය හරහා පාස්කු දේව මෙහෙය විකාශය කිරීමට කටයුතු යෙදුවා නම් අදත් මේ මිනිසුන් ජීවත් වෙනවා නේද…?

අන්තවාදී ක්‍රියා  මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාද විවේචනය කිරීමට ඕනෑම ආගමික නායකයෙකු හට පිට කොන්දක් තිබිය යුතුය. ඉස්ලාම් භක්තික සහරාන් ගේ ත්‍රස්තවාදය මෙන්ම කතෝලික භක්තික ප්‍රභාකරන් ගේ ත්‍රස්තවාදී ක්‍රියාද විවේචනය කිරීමට හැකියාවක් ඔය සියළු ආගමික නායකයන් හට තිබිය යුතුය….



102 Viewers