• Home »
  • Sinhala News »
  • පුරවිද්‍යා බිමක හින්දු දේව ප්‍රතිමා තැන්පත් කිරීමට ගිය අමාත්‍යවරුන් පොලීසිය හරවා යවයි.

පුරවිද්‍යා බිමක හින්දු දේව ප්‍රතිමා තැන්පත් කිරීමට ගිය අමාත්‍යවරුන් පොලීසිය හරවා යවයි.

null

වව්නියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පිහිටි වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල පුරාවිද්‍යා භූමියේ දේව ප්‍රතිමා කිහිපයක් තැන්පත් කිරීමට ජීවන් තොන්ඩමාන් සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන් ගත් උත්සහය පොලිසිය මැදිහත් වී වලකා ඇති බව වාර්තාවේ.

මෙම පරිශ්‍රය හිදු පුදබිමක් ලෙස ප්‍රදේශවාසි හින්දු බැතිමතුන් සලකන අතර පුරාවිද්‍යා නිළධාරීන් මෙය වඩුන්නාගල නම් බෞද්ධ සිද්ධස්ථානය බව පවසයි. හින්දු බැතිමතුන් එහි දේව ප්‍රතිමා තැන්පත් කර වන්දනාමාන කරනා අතර මෑතකදී කිසියම් පිරිසක් විසින් එම දේව ප්‍රතිමා කඩා අසළ වන රොදකට දමා තිබුනි.

මේ පිළිබඳ සොයා බැලිමට අද මාත්‍යවරුන් දෙදෙනා ඇතුළු පිරිසක් එහි ගිය අතර, එහිදි වඩුන්නාගල පුරාවිද්‍යා භූමියේ තාවකාලිකව ඉදිකොට තිබූ හින්දු කෝවිල් පූජකයින් සමග සාකච්ඡාවක නිරත විය.

මෙම පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් මේ වන විට වව්නියාව අධිකරණයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නඩුවක් ගොනුකොට ඇත. එම නඩු කටයුත්ත නිමාවන තෙක් එහි කිසිදු කළ නොහැකි බවට අධිකරණයමගින් වාරණ නියෝගයක්ද පනවා ඇති බව පොලිස් නිලධාරීන් අමාත්‍යවරුනට පහදා දී ඇත.



57 Viewers