එස්. මහින්ද හිමි 73 වන අනුස්මරණ ගද්‍ය පද්‍ය රචනා තරඟාවලිය
එස්. මහින්ද හිමියන් අප මව්බිමේ නිදහස් වෙනුවෙන් හඬ නැගු ජාතික වීරවරයෙකි. උන්වහන්සේ පරාධීන මනසින් යුතුව පරදෙශිකයන්ගේ දෙපා මුල දනින් වැටි සිටි සිංහලයාගේ යටපත්ව තිබූ ජාතිකත්වය මතු කර ගැනීම් උදෙසා තම කවිත්වය, ග්‍රන්ථ කරණය යොදා ගත්තේය. දැයේ දරුවන් හට දේශාභිමානය ඇතිකරලීම සඳහා ඔවුනට තේරෙන භාෂා ශෛලියකින් කවි රචනා එලි දැක්විය. ලබන වසරේ මාර්තු මස 16 වන දිනට 73 වන ගුණානුස්මරණ දිනය දී තිබේ. මැදපෙරදිග හෙළබිම සංවිධානයේ මුල්‍ය අනුග්‍රහයෙන් 9 වන වරටත් පවත්වන එස් මහින්ද හිමි ගුණානුස්මරණ රචනා තරඟාවලියේ මුලික සාකච්ජාවක් උන්වහන්සේ අවසන් වරට වැඩ සිටි මහබෙල්ලන අළුබෝමුල්ල ශ්‍රී සුධර්මාරාම විහාරයේදී අති පුජනිය බෙන්ගමුවේ නාලක හිමිපාණන්, විහාරාධිපති අබකොලවැව ධම්මදස්සි හිමියන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කිර්ති සිරිබද්දන මහතා, දහම් පාසල් කොමසාරිස් වසන්ත ලියනගේ මහතා ඇතුළු විහාරස්ත දායක සභාවේ සභාපති විජේවර්ධන මහතා, භාණ්ඩාගාරික මහින්ද මහතා, සංජන බුද්ධික මහතා, දහම් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මාලනී පෙරේරා මහත්මිය සමග හෙළබිම සංවිධානය නියෝජනය කරමින් සුනිල් චන්ද්‍රකුමාර, අසෝක සිල්වා, ප්‍රියන්ත ජයතිලක ඇතුළු පිරිසක් සහභාගී විය.
දීප ව්‍යාප්ත දහම් පාසල් දරුවන් අතර තරඟයක් ලෙසින් පවත්වන බැවින් රචනා තරඟය පිළිබඳ සියලු විස්තර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් දහම් පාසල් වෙත යවනු ඇත.
කනිෂ්ට සහ ජෙෂ්ඨ ලෙසින් ගද්‍ය සහ පදය අංශ දෙකෙන්ම තරඟය පැවැත්වේ..
ජෙෂ්ඨ තරඟයේ අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය ලබා ගත් ජයග්‍රාහකයන් හට ලැප්ටොප් පරිඝනකය බැගින්ද, දෙවන හා තුන්වන ස්ථාන සඳහා රු. 40,000, රු. 30,000 වශයෙන් සහ 4 සිට 10 දක්වා වන දරුවන් හට රු 10,000 මුදල් පරිත්‍යාගයන්/ තෑගි වවුචර ලබා දේ.
කනිෂ්ට තරඟයේ අංශ දෙකෙහිම ප්‍රථම ස්ථාන ලබා ගත් ජයග්‍රාහකයන් හට ටැබ් පරිඝනකය බැගින්ද සහ දෙවන, තුන්වන ස්ථාන සදහා රු. 20,000, රු. 10,000 වශයෙන් මුදල් පරිත්‍යාගයන් /තෑගී වවුචර සහ 4 සිට 10 දක්වා වූ දරුවන් හට රු 3000 මුදල් පරිත්‍යාගයන් /තෑගි වවුචර ලබා දේ.
ගද්‍ය සහ පද්‍ය රචනා සඳහා මාතෘකාව වනුයේ: “ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන්ගේ හෙළ ජාතික මෙහෙවර”
ගද්‍ය රචනා – උපරිම A4 පිටු 3කට සීමා විය යුතු අතර පද්‍ය රචනා – කවි 10 කට නොවැඩි විය යුතුය.
දරුවන් විසින් රචිත නිර්මාණ දහම් පාසලේ දී ප්‍රධානාචාර්ය ස්වාමින්වහන්සේගේ/තුමාගේ/තුමියගේ ප්‍රධානත්වයෙන් ඇගයීමකට ලක් කර එක් එක් කාණ්ඩයෙන් හොඳම රචනා 3 ක් පමණක් තෝරා පහත සඳහන් ලිපිනයට 2024 ජනවාරි 15 දිනට හෝ එම දිනයට පෙර එවිය යුතුය. මාතෘකාවට අදාළ නොවන රචනා ප්‍රතික්ෂේප කරනු ඇත
රචනා එවිය යුතු තැපැල් ලිපිනය:
“ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි 73 වැනි ගුණසමරු රචනා තරඟය”, ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනය, ගැමුණු මාවත, දුම්රිය පල පාර, කැලණිය
දරුවාගේ පියා හෝ මවගේ සහ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමින්වහන්සේගේ/තුමාගේ/තුමියගේ ජංගම දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ සාමාන්‍ය තැපැල් ලිපිනය රචනාව අවසානයේ සඳහන් කල යුතුය.
එදාටත් වඩා වර්තමානයට එස් මහින්ද හිමි නැගූ කාහල නාදය අදාළ වන බව විජාතික මනසකින් යුතුවූ විවිධ කණ්ඩායම් වලට බෙදී සිටින ජනතාවගේ ක්‍රියාකලාපයන් දෙස බලන විට පැහැදිලි කරුණකි. බලලෝභී දේශපාලකයන් විසින් බේදබින්න කල ජාතියක් නගා සිටුවා මව්බිමේ ඒකීය බව සුරකිමෙහි ලා දරුපරපුර ජාති වත්ෂල්‍යයෙන් ඔදවත් කිරීමෙහි ලා හෙළබිම සංවිධානය විසින් දරන මෙම උත්සාහය සඳහා ඔබටත් දායක විය හැක. ඒ සඳහා විමසීම් sec.helabimaorg@gmail.com මගින් සිදු කල හැක.
440 Viewers





