• Home »
  • Sinhala News »
  • භික්ෂූන් හත් නමකගේ මහා පාවාදීම හෙවත් ‘හිමාලයා ප්‍රකාශනය’ ගැන කරුණු පැහැදිලි කරමින් ජාතික විද්වද් භික්ෂු සංසදය, මහනායක හිමිවරුන්ට ලිපියක් භාරදෙති

භික්ෂූන් හත් නමකගේ මහා පාවාදීම හෙවත් ‘හිමාලයා ප්‍රකාශනය’ ගැන කරුණු පැහැදිලි කරමින් ජාතික විද්වද් භික්ෂු සංසදය, මහනායක හිමිවරුන්ට ලිපියක් භාරදෙති

දෙමළ ඩයස්පෝරාව සමග එක්ව ශ්‍රී ලාංකික හිමිවරුන් හත් නමක් විසින් අත්සන් කර නිකුත් කළ ‘හිමාලයා ප්‍රකාශනය’ තුළ රට බෙදා වෙන් කිරීමේ බෙදුම්වාදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙමින් ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් මහනායක හිමිවරුන්ට අද(29) දිනයේ ලිපියක් භාරදීම සිදු විය.

එම අවස්ථාවට ජාතික විද්වද් භික්ෂු සංසදය නියෝජනය කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි හා ශාස්ත්‍රපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි එක්ව සිටියහ.

1987 දී අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව මහා නායක ස්වාමීන්වහන්සේලා ක්‍රියාත්මක වෙද්දී, මෙම හිමාලයා ප්‍රකාශනයට අත්සන් කළ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකු එදා ඉන්දු – ලංකා ගිවිසුමට පක්ෂව ක්‍රියාකළ අය බවද මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහළින්…




231 Viewers