බෞද්ධ සංස්කෘතික කොල්ලය

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් හා ගති සිරිත්වලින් සිංහලයින් හා සමාන, සිංහලයට ඉතා මීප භාෂාවන් භාවිතා කල ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ගවේෂකයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබදව කතිකාවතක් අරඹති. මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කව්යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරෙකු වූ, කේරළයේ සෙංගුවාව්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ ‘කන්නගී’ අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ. ‘තාරා'(අම්මා) වන්දනාව ලෙස ලංකාවේ ප්‍රචලිත වූ කන්නගී පිදීම, හින්දු බමුණන් විසින් ‘පත්තිනි’ වන්දනාවට පරිවර්තනය කළ අකාරය මෙහි පැහැදිලි කෙරේ.
අතීතෙයේ පටන් රජුන් සැදූ ආගම් බෞද්ධ උරුමයන් කොල්ලකෑ අයුරු පැහැදිලි කරන කෘතියයි, යුරෝපා උගතුන් විසින් පෙරදිග මතු නොව ලෝක ඉතිහාසය පිළිබදව ද සාවද්‍ය මතවාද ‘සත්‍ය’ ඉතිහාසය නමින් ස්ථාපිත කළ අයුරු පෙන්වා දෙයි.
යුරෝපිය ආක්රමණවලින් පසු, කේරළය ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිස්තියානි ප්‍රාන්තය වුයේය. ඒ ඉන්දියාවෙන් වෙන්වූ ස්වාධීන රටක් කිරීමට යම් පිරිසකට වුවමනා වූ නමුදු ඉන්දීය මාධ්‍ය ආණ්ඩුව විසින් ඒ උපාය වලක්වන ලදී. කේරළයේ පරිදි, ආගම යොදාගනිමින් ලංකාව ක්‍රිස්තියානි රටක් බවට පත් කිරීමට උත්සහයක් තිබේ. වර්තමානයේ තමිල්නාඩුව ලංකාව ගිල ගැනීමට උත්සහ දරන්නේ චෝලයන් විසින් කොල්ල කන ලද දකුණු ඉන්දියානු බෞද්ධයන්ගේ ප්‍රධාන භාෂාවක් වූ දෙමළ භාෂාවේ ආධිපත්‍ය භාවිත කරමිනි. කේරළය හරහා ලංකාවට රිංගූ ‘විමුක්ති දේවධර්මය’ පදනම් කරගෙන බිහි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතන උත්සහයන් යට සැගව තිබුණු ආගමික දේශපාලන අරමුණු පැහැදිලි කරන මේ කෘතිය, වර්ථමාන ලංකාවේ සිදුවන බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපාරය පිළිබදව පාඨකයා දැනුවත් කරයි.
කෘතිය : බෞද්ධ සංස්කෘතික කොල්ලය
කතෘ : කොලට් සේනානායක/ නාරද කරුණාතිලක
ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
මිල : 900.00 (වට්ටම 20%)
පිටු ප්‍රමාණය : 134
අන්තර්ජාලය මගින් ඇණවුම් කිරීම සදහා පිවිසෙන්න https://sooriyabooks.lk/books/baudda-sanskruthika-kollaya-collet-senanayaka-narada-karunathilaka/
Whatsapp මගින් ඇණවුම් කිරීම සදහා 074 288 0563]
77 Viewers





