• Home »
  • Sinhala News »
  • යාපනයේ ‍ තිස්ස විහාරය බේරා ගැනීමට පොලීසියට පැමිණිල්ලක්

යාපනයේ ‍ තිස්ස විහාරය බේරා ගැනීමට පොලීසියට පැමිණිල්ලක්

නීතීඥ ප්‍රියන්ත වීරසුරිය,
පොලිස්පතිතුමා,
ශ්‍රි ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ 02.

යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදි තර්ජන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම.

ගරු පොලිස්පතිතුමනි,
යාපනය දිස්ත්‍රික්කයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථනයක් වන තිස්ස විහාරයට සහ එහි ආගමික කටයුතු වල නිරත බෞද්ධ බැතිමතුන්ට එම ප්‍රදේශයේ සිටින දෙමළ අන්තවාදි දේශපාලඥයන්ගේ සහ වර්ගවාදි අන්තවාදීන්ගේ තර්ජන එල්ල වන බව ඔබතුමා දැනටමත් දැනුවත්ව ඇත.
පසුගිය මාස ගණනාවක් පුරා, මෙම විහාරස්ථානයේ පැවත්වෙන මාසික ශිල සමාදාන වැඩසටහනට බාධා පමුණුවමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර පොන්නම්බලම් ඇතුළු දේශපාලඥයන් සහ ඔවුන්ගේ උසිගැන්වීම මත අන්තවාදින් විසින් කරනු ලබන ඊනීයා විරෝධතාවයන් නිසා එහි ආගමික කටයුතු වල නිරත බෞද්ධ පිරිස් බලවත් පීඩාවට ලක්ව ඇත.
මේ සමග අමුණා ඇති පසුගිය දිනවල සමාජමාධ්‍යයෙහි දෙමළ සහ සිංහල බසින් සංසරණය වු දැන්වීමක් ඔබතුමාගේ අවධානයට යොමු කරමු. එහි කතෘත්වය පිළිබඳව නිශ්චිත සාක්ෂියක් නොමැති වුවත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පරිභාහිරව තිස්ස විහාරය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ සමග සැලකීමේදි මෙවැනි අනතුරක් අත්‍යන්ත වශයෙන් තිබෙන බව අපගේ විශ්වාසයයි.
මේ සමග ඔබගේ අවධානයට යොමු කරනු ලබන අද “ද අයිලන්ඩ්” පුවත් පතේ පලවු දෙමළ ජාතික සන්ධානයේ නායක එස්. ශ්‍රිදරන්ගේ ප්‍රකාශයට අනුව ඔවුන් රජයේ අවසරය ඇතිව ඉදිකරනු ලැබු යාපනයේ තිස්ස විහාරය ඉවත් කිරිමට ජනතාව උසි ගන්වමින් සිටියි.
එල්ටීටීඊ ත්‍රස්තවාදින් එලවා දමන ලද යාපනයේ ජීවත් වු සිංහල ජනතාවට නැවත එහි පදිංචි වීමටත් රටේ සෑම පුරවැසියකුටම මෙන්ම ගෞරවනීය ජීවතයක් ගත කිරිමටත් අයිතිය තිබිය යුතුය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ගේ මෙම අන්තවාදි ක්‍රියාකලාපය හේතුවෙන් සෑම පුරවැසියකුටම රටේ ඕනෑම තැනක ජීවත් වීමට, කැමති ආගමක් ඇදහීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දි ඇති අයිතිය උල්ලංඝණය වනවා පමණක් නොව ව්‍යවස්ථාවේ 09 වගන්තියෙන් බුදු දහමට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය සහ රාජ්‍යයෙන් ලැබිය යුතු ආරක්ෂාවද අභියෝගයට ලක් කර ඇත. එසේම මෙම ක්‍රියාකලාපය දණ්ඩ නීතී සංග්‍රහයේ සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පණතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරන අපරාධමය කටයුත්තක් ද වන බව අපේ හැඟීමයි.
දකුණේ වැල්ලවත්ත, දෙහිවල ආදි ඕනෑම ප්‍රදේශයක දෙමළ හින්දු බැතිමතුන්ට ඔවුන්ගේ ආගමික කටයුතුවල සාමකාමිව නිරතවීමට ඇති අයිතිය සහ අවකාශය ඒ ආකාරයෙන්ම යාපනයේදි බෞද්ධයන්ටද ඇති බව නීතීය මගින් තහවුරු කර ඇති බව සනාථ කිරිම සංහිදියාව සඳහා අත්‍යාවශ්‍ය වේ.
එම නිසා උද්ගතව ඇති මෙම හදිසි අනතුරුදායක තත්වය ගැන අවධානය යොමු කර , තිස්ස විහාරයේ සහ එහි ආගමික කටයුතු වල යෙදෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමටත් ආගමික සංහිදියාව උල්ලංඝණය කරමින් රටේ නීතිය අභියෝගයට ලක්කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිමය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි,

……………………………………..
මධ්‍ය මණ්ඩලය, දේශප්‍රේමී ජාතික බලවේගය.



21 Viewers