කොටි තහනම

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තාගේ අත්සනින් යුතුව එල් ටී.ටී.ඊ සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම සංවිධාන ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සහ වරින් වර මුදල් සැපයීම සිදු කර ඇති බවයි.
ඊට අමතරව, ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද මෙම අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් ය.
ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය,
දෙමළ පුනරුත්ථාපන සංවිධානය,
දෙමළ සම්බන්ධීකරණ කමිටුව,
ලෝක දෙමළ ව්‍යාපාරය,
දේශ සීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය,
ලෝක දෙමළ සහනසාධක අරමුදල,
මූලස්ථාන කණ්ඩායම,
ජාතික තව්හිද් ජමාත්,
ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්,
විලයාත් අස් සෙයිලානි,
කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය,
ද්‍රවිඩ තරුණ සංවිධානය,
දාරුල් අදර් අත්තබවියා,
ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය,
සේව් ද පර්ල්ස් යන සංවිධානවල මෙලෙස මූල්‍ය වත්කම් සහා ආර්ථික සම්පත් තහනමට ලක්කර ඇත.
58 Viewers





