පුනරුද ගේමට පාර කියන්නට..?

2015 ජානාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය බිඳ වැට්ටවීම පිණිස ගෙනගිය මෙහෙයුම තුලදී ඔහු සිංහල සමාජය තුල ද්‍රෝහියකු කිරීමට එකල එහි “යහපාලන” මහ මොළකරුවන්ට උවමනා වී තිබිණ. ඒ සඳහා ඔවුන් එක්ව ගැසූ අවමන් සහගත ප්‍රචාරයක් සඳහා සැලසුම් කළ හැටි එම ආණ්ඩු පෙරළියේ පුරොගාමියෙක් වූ අශෝක අබේගුනවර්ධන ලියූ යුග පෙරළිය ග්‍රන්ථයේ ඇති මේ පාපොච්චාරණයෙන් පැහැදිලි වේ.
උපුටා ගැනීම :
යුග පෙරළිය ග්‍රන්ථයේ අඩංගු සටහන කියවමු..
——————
“අප අත ඉතිරිව තිබූ තුරුම්පු එකින් එක ගසා බැලූ නමුත් ඒවා දිගින් දිගටම අසාර්ථක විය. අපට හිතවත්ව සිටි එකම ප්‍රධාන මාධ්‍ය ආයතනය වූ සිරස හි අයිතිකරු වූ කිලී මහරාජා මහතා නිතර අතුරලියේ රතන හිමියන් සමග දේශපාලන පෙළගැසීම් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. ඉන් එක අවස්ථාවකට මමද රතන හිමියන් සමග ඔහු හමුවීමට ගියෙමි. එහිදී මැතිවරණ ව්‍යාපාර හා සිරස ක්‍රියාකාරකම් පිලිබඳ සරල විවේදනයක් මම ඉදිරිපත් කළෙමි.
එහිදී එම සාකච්චාවට එක්වූ චන්දන සූරියබණ්ඩාර මහතා ඉදිරිපත් කළ එක් අදහසක් මගේ සිත් ගත්තේය. ඔහුගේ නිරීක්ෂණය වූයේ රාජපක්ෂ පිල සැමවිටම ඉදිරියෙන් සිටිමින් ප්‍රශ්න ඇතිකරන අතර මෛත්‍රී පිල කරන්නේ ඊට ප්‍රතිචාර දැක්වීම පමණක් බවයි. මෛත්‍රී පිලත් රාජපක්ෂ පිලට එරෙහිව අලුත් අනපේක්ෂිත තුරුම්පුවක් ගැසීම යෝග්‍ය බව ඔහුගේ අදහස ව්ය. එම යෝජනාව ඉතා වැදගත් වූ අතර අපි ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්චා කළෙමු.
අපි අලුත් සැලැස්මක් සම්පාදනය කළෙමු.”
“මහින්ද පිල හා කොටි ඩසස්පෝරාව අතර යම් අවබෝධයක් ඇතැයි අපට හැඟිනි. එම අවබෝධය කෙබඳු විය හැකිදැයි අපි ලියවිල්ලකට ගතිමු. එම ලියවිල්ල සම්පාදනය කිරීමේ විශිෂ්ඨ වැඩ කොටස කලේ ශිරාල් ලක්තිලකයන්ය.
ඊට දින දෙකකට පසු එය බැසිල් විසින් රුද්‍රා වෙත යැවූ ඊමේල් ලිපියක් ලෙස ඊ නිවුස් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් වී තිබිණි. එම ඊ නිවුස් පළ වූ ලිපිය සැබැවින්ම බැසිල් රාජපක්ෂයන්ගේ ඊ මේල් ලිපිනයකින් රුද්‍රකුමාරන් නැමති කොටි ඩයස්පෝරාවේ වර්තමාන නායකයාගේ සැබෑ ඊමේල් ලිපිනය වෙත ගොස් තිබිණ. මෙම ලිපිය පසුව රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්චාවක් පවත්වා රටට හෙළිකරනු ලැබීය. එය රටේ සිංහල ජනතාව අතර බරපතල තිගැස්සීමක් ඇතිකළ බව අපට පසුව හැඟිනි. මෙමගින් මහින්දගේ දේශප්‍රේමීභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් සිංහල සමාජය තුල ඇතිවිය”
-යුග පෙරළිය : අශෝක අබේගුණවර්ධන
2015
—————–
ඒ රූපවාහිනී වැඩසටහන ඒ ජනාධිපතිවරණ සමයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වූයේ ඒ හරහා රාජිත සේනාරත්න මහතාගේ “තාක්ෂණ දැනුම” හොඳින් නිරාවරණය වූ බැවිනි.
අද ඒ කොටස නැවත නරඹද්දී ඔවුන් කොතරම් සැලසුම් සහගතව පූර්ව සූදානමක් සහිතව එය ‘රඟපානවා’ දැයි හොඳින් නිරීක්ෂණය කළ හැකිය.. කිසිත් පෙර නොදන්නවුන් සේ රඟමින් එකිනෙකා එක එක චරිත තෝරාගෙන රඟපාන අයුරු තාත්විකයි..
යුග පෙරළිය කෘතියේ කතුවරයාම පෙන්වා දෙන පරිදි මහින්දගේ දේශප්‍රේමය පිළිබඳ මහා සමාජයේ බරපතල ප්‍රශ්නාර්ථයක්, තිරය යට ක්‍රියාත්මක කළ මේ අලජ්ජී මෙහෙයුම නිසා හට ගැණින. මෙයට මූලික වූවන් අතර අද පණ්ඩිතමානී වේශයෙන් රූපවාහිනී මාධ්‍ය හරහා ‘සටන්’ කරන ජඩ වේශය සඟවාගත් ඊනියා ජනමාධ්‍ය මහත්වරුන්ද සිටීමේන් ඔවුන් නිතර දෙසන සාධාරණ , ස්වාධීන මාධ්‍ය භාවිතයේ තරම ගැන හිතා ගත හැක. (ඔහු කලක් මහනුවර එක්සත් ජාතික පක්ෂ සංවිධායකයෙක් ලෙස ද ක්‍රියා කළේය.)
සාමාන්යයෙන් රාජපක්ෂලා අරඹයා යුක්තිය සාධාරණත්වය යන්න එතරම් වලංගු සාධකයක් නොවන නිසාදෝ පොතක් ලියා හෙලිදරව් කළත් ඒ අයුක්ති සහගත භාවිතයට පොදු සමාජයෙන් වැඩි ප්‍රතිවිරෝධයක්/විවේනයක් එල්ල නොවීය…
(මේ මාධ්ය යටිකූට්ටු කරුවන් කොතරම් සූක්ෂමද යත්,ඒ අසාර්ථක යහපාලන ආණ්ඩුව පරාජය කර ඉන් වසර 5කට පමණ පසු නිර්මාණය කල ආණ්ණුවේ මාධ්ය වගකීමකට ද එහි ප්රධානියෙක් පත් කරගැනීමෙන් පෙනේ. එවකට ඒ ආණ්ඩුව නිර්මාණය කළ බොහෝ පාර්ශව එයට විරුද්ධව අදහස් පළ කලත් ඉන් පලක් නොවිණි)
අද නැවතත් ඒ මාධ්‍ය ගේම්කරුවන් ජනාධිපති මන්දිරයට වරප්රසාද දී කැඳවා ඇත්තේ පුනරුදයත් එලෙස යටිකූට්ටු ගේමක් ගසා,ජනතා ඇසට වැලි ගසා ගොඩ දාගත හැකි ඉලක්කයක් යැයි සිතා ද?
මේ පිළිබඳ වසර 10 කට පෙර ලියූ සටහනක් 😕
http://www.yuthukama.com/2015/08/PivithuruHetakNiruwathin.html
– යටියන ප්‍රදීප් කුමාර
2025-2-25
23 Viewers





