• Home »
  • Articles »
  • බ්‍රිතාන්‍ය සම්බාධක ගිරයට හසු වූ අනුරගෙ ආණ්ඩුව…

බ්‍රිතාන්‍ය සම්බාධක ගිරයට හසු වූ අනුරගෙ ආණ්ඩුව…

බ්‍රිතාන්‍ය විසින් අපේ හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය,හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සහ කරුණා අම්මාන්ට විරුද්ධව පසුගියදා සම්බාධක පැනවීමට කටයුතු කර තිබිණි.

මෙහිදී අන්ත අසරණ වූයේ කවුරුවත් නොව අනුරගෙ ආණ්ඩුවයි.

ඒ මීට සතියකට පෙර දකුණේ ත්‍රස්තවාදින්ට එරෙහිව සටන් කල ආරක්ෂක හමුදාවන්ට විරුද්ධව අනුරගෙ ආණ්ඩුව බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවෙ සභාගත කල නිසාය.

අද ඒ කටින්ම උතුරේ ත්‍රස්තවාදින්ට විරුද්ධව ආරක්ෂක හමුදා යුධ අපරාධ නොකලේ යැයි කියන්නට ආණ්ඩුවට සිදුවීම දෛවයෙ සරදමකි.

එය හරියට ” ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී” වැනි තත්වයකි.

බ්‍රිතාන්‍ය සිදුකළ මෙම සිදුවීමේ දි ආණ්ඩුවට කට වහගෙන සිටීමට නොහැකිය. එහෙම උනොත් ආණ්ඩුව පච වෙන්නෙ ජාතිකවාදී මිනිසුන් බහුතරයක් තවමත් මේ රටේ සිටින බැවිනි.

ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම සිදුවීමේදී නිකුත් කළ මාධ්‍ය නිවේදනය ආණ්ඩුවෙ මුඛ පූට්ටු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙ නිවේදනයෙ සාරාංශය පහත දැක් වේ..

” යුද්ධ කිරීමට තීරණය කළේ මමයි – ඔවුන් ක්‍රියාත්මක කළේ මගේ තීරණයි ”

යුධ කරන්න තීන්දුව ගත්තේ මම හමුදාපති වරු නිලධාරීන් පත් කලේ මම… ඔවුන් ක්‍රියාත්මක කළේ මගේ නියෝග… අපේ රටේ වීරයින්ට චෝදනා කරන්න එපා… අපි ආරක්ෂා කලේ අපේ රට දෙමල මිනිස්සුන්ගේ ජිවිත බේරපු එක සිංහල මුස්ලිම් මිනිස්සු මරණයෙන් ගලවපු එක වරදක් නම් ඒ වරද කරන්න උපදෙස් දුන්නේ මම… මායිම් ගම්මනවල වල දුක් විදපු මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න උපදෙස් දුන්නේ මම යුධ හමුදාපතිවරුන්ට උපදෙස් දුන්නේ මම ඒ මිනිස්සු සම්බාධක දාන්න එපා… සම්බාධක මට දාන්න එය මම දරාගන්න සුදානම්…

මේ නිවේදනයට සාපේක්ෂව විදේශ අමාත්‍යංශය නිකුත් කල නිවේදනය නිවට, නියාලු, බියගුළු, නෝංජල් පතෝල නිවේදනයකි. එය හරියට ඉස්සර පත්තරෙ ගිය පොඩි එකාගෙ ලියුම වැනිය.

” බ්‍රිතාන්‍යයේ ඒකපාර්ශ්වික තීරණය….බ්ලා..බ්ලා..බ්ලා…” යැයි මොකක්දො කාටත් නොතේරෙන වඳුරු කුණුහරුපයකි.

තමන්ගෙ පුරවැසියන් වෙනුවෙන් රාජ්‍ය නායකයා පෙනී සිටිය යුතුය යන මූලික රාජ්‍ය පාලන සිද්ධාන්තයෙන් පවා අණුරගෙ මේ ආණ්ඩුව බැහැර වෙලාය. එය ඉතාමත් කණගාටුවට කරුණකි.

මෙවැනි බරපතල කාරණයකදි අඩුම තරමෙ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා ගෙනවිත් ප්‍රශ්ණ කල යුතුය. මෙය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක අභිමානය පිලිබඳ ප්‍රශ්ණයකි. අප තවදුරටත් බ්‍රිතාන්‍ය රැජීනගෙ යටත් විජිතයක් නොවේ.

මහින්ද රාජපක්ෂගෙ අභීත කාහල නාදය ඉදිරියෙහි ආණ්ඩුවෙ එම මාධ්‍ය නිවේදනය මී බෙට්ටක් තරම් වත් වටින්නෙ නැත.

තිස් වසරක ශාප ලත් යුද්ධයක්, ලොව දරුණුතම ත්‍රස්තවාදින් පැරද වූ යුද්ධයක් නිමා කල යුධ විරුවන්ට ආණ්ඩුව සලකන ආකාරය ආණ්ඩුවෙ ලිපියෙන් මනාව විද්‍යාමාන වේ.

පසුගිය මැතිවරණයේදී අනුර ප්‍රමුඛ ආණ්ඩූවට චන්දය දුන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට මේ ආණ්ඩුව තමන්ට සලකන හැටි කියා දෙන්නට මෙය දෙවියන් එවූ පණිවිඩයක් වැනිය.

” හමුදාවෙන් අස්වෙනු නැත්නම් පවුලේ අයට මරණය” යැයි පෝස්ටර් ගැසූ අනුරලාගෙන් ආරක්ෂක හමුදාවන්ට සාධාරණයක් ඉටු වේයැයි යමෙක් විශ්වාස කරන්නේනම් ඔහු ඔළුව පරීක්ෂා කර ගත යුතුය.

හමුදා සෙබළුන්ගේ පවුල් වල අය මරා දමමින්, යුද්ධයෙ අවසන් කාලයෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙ කකුලෙන් ඇද්ද අනුර ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට හමුදාව සමග කොහොමත් ඇරියර්ස් එකක් ඇත.

හමුදා බලය අඩු කරන බවත්, රටේ හමුදාව රාජ්‍යයට නොව පුද්ගලයන්ට පක්ෂපාති බවත් අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදි පැවසුවෙ එම නිසාය.

සමාජ මාධ්‍යයේ සහ ජනතාවගෙන් එල්ල වූ පීඩනය නිසා මිසක අනුරගේ ආණ්ඩුව මෙම සිදුවීමේදි අනුගමනය කලේ උදාසින, නිද්‍රාශීලී වැඩපිළිවෙළකි.

යුද්දයට බයෙන් පැන විත් කොළඹ සැඟවුණු වත්මන් රාජ්‍ය ආරක්ෂක ඇමති හෙවත් බංකු බංකු එහෙමත් නැත්නම් What is national security ටියුෂන් ඇමතිවරයාගෙන් මේ සම්බන්ධව මාධ්‍යකරුවන් විමසූ විට ඔහු පැවසුවේ මේ පිලිබඳව තමන්ටද ආරංචි බවයි. තවත් මොන කතාද…?

තමන්ගෙ සටන් සගයන්ව පාවා දෙන්නට හිස දෙපසට හෙල වූ පාවාදෙන්නාන්ගෙන්, ගෝනි බිල්ලන්ගෙන් අප මීට වඩා වෙන කුමක් බලාපොරොත්තු වෙම්ද…?

මෙම සිදුවීම ජාතියෙ සැබෑ වීරයන් සහ ද්‍රෝහියන් හඳුනා ගැනීමේ ලිට්මස් පරීක්ෂණයකි.

නිලන්ත සත්සර ගමගේ ✍️



15 Viewers