එංගලන්තෙ කළු සුද්දෝ

ඔහු පසුගිය එල්ටීටී ත්‍රස්තවාදී යුද්ධය තිබෙන කාලය පුරාම ශ්‍රී ලංකාව වෙනුවෙන් අභීතව එංගලන්තයේදී නැගී හිටපු පුද්ගලයෙක්…

ඔහුට එකල එල්ල වූ තර්ජන නිසා ස්කොට්ලන්ඩ් පොලිසිය කාලයක් ඔහුට ආරක්ෂාවක් සැලසුවා…

මේ අවදානම් මොහොතෙත් හුගේ හිතේ ඔහුගේ ගතිය තියෙන දේශප්‍රේමී බව නිසාම ඒ වෙනුවෙන් ඔවුන්ගේ කුඩා කණ්ඩායම එංගලන්තය තුළදීම හෝ ඊට එරෙහිව නැඟී සිටිනවා දැක්කහම ඔබ කෙරෙහි අපට ඇතිවෙන්නේ ලොකු ගෞරවයක්…

එංගලන්තයේ ඉන්න රටට ආදරය කරන පිරිසක් ඉන්නවනම් ඔවුන් මේ අවස්ථාවේ ජනකලට සහාය දෙනවනම් ඒක හරිම වටිනවා…

පහුගිය කාලෙ ලංකාවේ ආණ්ඩු පෙරලන්නම ගුවන් යානා බුකරගෙන එනවා කියල
( හැබැයි ආවද නැද්ද දන්නෙ නෑ) සෑහෙන්න සෙල්ලම් කරපු අය එංගලන්තෙත් හිටියා..

දැන් ඉතින් ඔබේ රජයක් පත්වෙලා තිබෙනවානේ..
ඒ හින්දා ඔබ හිතන්නෙපා ලංකාව පාලනය කරන්නේ පක්ෂයක් කියලා…

ලංකාවේ රජයක් විසින් පාලනය කරනු ලබන රාජ්‍යයක්.. ඒ රාජ්‍යයට එරෙහිව විදෙස් රටක් ගන්න තීරණයකදී රාජ්‍යය එයට එරෙහිවන්න ඕන කියන එක බොහොම සරල සත්‍යයක්..

ඒ නිසා විදෙස් රටකට වෙලා මේ රටේ පාලනය වෙනස් කරන්න සහය දුන්නනම් ඔබට මේ අවස්ථාවේ යුතුකම් දෙකක් තිබෙනවා..

එකක් ඒ රට තුළ ඉඳගෙන විරුද්ධව පාලනයට බලපෑම් කරන්න..
එල්ටීටීඊ හිතවාදීන් ඔවුන්ගේ ඡන්ද බලය පෙන්නල ඒ දේ කරනවා නම් ඔබටත් ඒ දේ කරන්න පුළුවන්…

ඒ වගේම ඔබේ සහයෙන් බලයට පත්වුණු පාලනයක් අපේ රටේ තිබෙනවා නම් ඒ පාලනයටත් මේ අසාධාරණයට එරෙහිව පෙනී සිටින්න කියලා ඔබට බලපෑම් කරන්න පුළුවන්…

ලාල් ද අල්විස්



12 Viewers