ජනාධිපතිගෙ ජර්මන් සංචාරය අභිරහසක්ද…?
ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා අද ජර්මනිය බලා පිටත්වෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය කියන්නෙ ජනාධිපතිවරයා ජර්මනිය බලා ගියෙ ජර්මන් චාන්සලර්ගෙ ආරාධනයකට කියලා. හරි අපි ඒක සත්‍යයයි කියන තැන ඉදන් මේ කතාව ගොඩ නගමු.
මීට සතියකට විතර කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදි විශේෂ හෙලිදරව්වක් කරනවා තායිලන්තයෙ සිට පැමිණි ආයුධ කන්ටේනර් ගැන. ඒත් එක්කම ඔහු පැවසු කරුණු කිහිපයක් කන්ටේනර් කතාව නිසා වැහිලා ගියා…
ඉන් ප්‍රධාන කරණු දෙකක් නම්
◾ ප්‍රහාකරන්ගෙ පිලිමයක් යාපනෙ හදලා දෙනවා කියලා ජනාධිපතිවරයා චන්දයට කලින් දෙමළ ඩයස්පෝරාවට පොරොන්දු උනා..
◾ ප්‍රහාකරන්ගෙ මවගෙ නමින් යාපනෙ වරායක් හදලා දෙනවා කියලා ජනාධිපතිවරයා ඩයස්පෝරාවට පොරොන්දු උනා…
මේ කාරණා දෙකේදීම අර්චුනා අතින් කියවෙනවා මේ කාරණා ඔහුට කිව්වෙ ” ජර්මනියෙ” ඔහුගෙ ඩයස්පෝරා මිතුරෙක්. ඒත් එක්කම ඔහු කියනවා ජනාධිපතිවරයා මේ පොරොන්දුව දුන්නෙ ” ජර්මනියෙ ඩයස්පෝරාවට ” කියලා.
මේ නිසා ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරයෙ විශේෂත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා.
ජනාධිපතිවරයා මීට මාස කිහිපයකට පෙර රුසියාවෙ කසාන් නුවර පැවැති 16 වෙනි BRICS සම්මේලනයට ඔහුට ආරධනා ලැබිලත් සහභාගී උනේ නෑ. ඔහුට ඒ පිළිබඳව නිල වශයෙන් ආරධනා කරා කියලා රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් ප්‍රසිද්ධ මාධ්‍යයෙ ප්‍රකාශ කරනවා.
රුසියාව කියන්නෙ එදා ඉඳන්ම ශ්‍රී ලංකාවේ මිතුරෙක්. අපේ ප්‍රධාන තේ අපනයනකරුවෙක්. ඒ විතරක් නෙවෙයි ත්‍රස්තවාදය අවසන් කරපු නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටට විරුද්ධව යෝජනා ගෙන එනකොට ඊට විරුද්ධව අපේ රට සමග කෙලින් හිටගත්ත රටක්.
ඒ විතරක් නෙවෙයි රුසියාව කියන්නෙ අනුර කුමාර දිසානායකලගෙ ( දැන් නැතත්) දේශපාලන න්‍යාය වන සමාජවාදී ක්‍රමය ක්‍රියාත්මක වෙච්ච රටක්…
අනිත් එක BRICS කියන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රම පිළිබඳව සොයා බැලීමටත්, නැගී එන ආර්ථිකයන් සඳහා “වඩා වැඩි හඬක් සහ නියෝජනයක්” ඇති කිරීමටත් ගොඩනැගූ සංවිධානයක්.
බ්‍රික්ස් මුලින්ම පිහිටුවා ගනු ලැබුවේ ආයෝජන අවස්ථා ඉස්මතු කරන්න. ඇමරිකාව වගේ රටවල් අන්තගාමී ලෙස බදු පනවනකොට BRICS වැනි සමූහයකට එකතු වෙලා සිටියා නම් ඒක අපේ වගේ රටකට වාසියක්. අප නව ආයෝජන කලාප හොයමින් යන ගමනකදි මෙම සමුළුවට ජනාධිපතිවරයා සහභාගි නොවීම ඉතිහාසයේ ලියවෙන ලොකු වැරැද්දක්.
රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු වර්තමානයේ ආර්ථික ශක්තිවන්තයො දස දෙනෙක් බ්‍රිස්ක් සමුළුවෙ සාමාජිකයන් වෙනවා.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන්නෙ එවැනි සමුළුවක් ආරාධනාවක්. විදේශ ඇමති විජිත් හේරත් එදා කිව්වෙ ” රටේ ආරක්ෂාව ගැන හිතලා ජනාධිපතිවරයා ඒ ගමන ගියෙ නෑ ” කියලා.
රුසියානු තානාපතිවරයා කිව්වෙ චන්දෙ නිසා ජනාධිපතිවරයා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා කියලා.
එහෙම වැදගත් ආරාධනාවක් වෙනුවෙන් නොගිය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කඩිමුඩියේ ජර්මනියට ගියේ රටටම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.
➡️ 2019 දත්ත වාර්තාවලට අනුව ජර්මනියෙ ඉන්නෙ ශ්‍රී ලාංකිකයන් 25,900 යි. ( ගූගල් වාර්තා) ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියො හම්බ වෙන්න ගියා නම් විදෙස්ගක ශ්‍රී ලාංකිකයො ඉන්න පලවෙනි රටවල් 10 වත් ජර්මනිය නෑ.
➡️ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මිලියන 03 ක් පමණ සිටිනවා. එයින් 26000 ක් පමණ සිටින රටකට ජනාධිපතිවරයා ප්‍රමුඛතාවය දීම පිළිබඳව සාධාරණ ගැටළුවක් මතු වෙනවා.
➡️ ජර්මනිය කියන්නෙ ලෝකයෙ 03 වෙනියට දෙමළ ඩයස්පෝරාව ජනගහනයක් සිටින රට. ජර්මනියෙ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් 70000 ක් විතර ඉන්නවා. කැනඩාව සහ එක්සත් රාජධානිය මෙහි පලවෙනි සහ දෙවෙනි තැන ගන්නවා.
➡️ ජර්මනිය මේ රටේ විශාල ආයෝජන කරලා තියෙනවාද..? ඒත් නෑ.. ඒ විදේශ ආයෝජක ලැයිස්තුවෙත් ජර්මනිය ඉදිරියෙන් නෑ
මේ සියලු කාරණා සලකා බැලීමේදී ජනාධිපතිවරයාගෙ ජර්මානු සංචාරය දෙමළ ඩයස්පෝරාවේ නායකයන් හමුවීමට ද කියා සාධාරණ සැකයක් මතු වෙනවා. විශේෂයෙන්ම රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා කළ හෙළිදරව්ව නිසා.
ඒ වගේම ටැමිල් ඩයස්පෝරාවේ නායකයාත් ජනාධිපතිවරයාගෙ ජර්මානු සංචාරයට සමගාමීව ජර්මනියෙ සංචාරය කරනවා කියලා සමාජ මාධ්‍යය පුවත් සංසරණය වෙනවා. මේවා නම් නිල නොලත් පුවත්.
මේ සියල්ල නිරීක්ෂණ විතරයි. හැබැයි නිගමන වලට පාදක වන්නෙ නිරීක්ෂණ තමයි.
නිලන්ත සත්සර ගමගේ ✍️
20 Viewers





