අනුර සහ ටිල්වින් විජේවීර පාවාදුන් හැටි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විදිහට රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක විදිහට ශානී අබේසේකර පත්කිරීම කාදිනල්තුමාගේ ඉල්ලීම පරිදි කලා කියලා බිමල් කියපු කතාවට තවමත් කාදිනල්තුමාගේ පැත්තෙන් හරි අනුරගේ පැත්තෙන් හරි උත්තරයක් රටට දීල නෑ.ඇත්තටම කාදිනල්තුමාට එහෙම කරන්න පුළුවන් නම් ඒක කාදිනල්තුමා සහ කතෝලික සභාව ලබපු ලොකු ජයග්‍රහණයක්.
ඒ කියන්නේ කතෝලික සභාවේ දේශපාලන න්‍යාය පත්‍රය අපේ රටේ ක්‍රියාත්මකයි කියන එකයි. හැබැයි ඒක එහෙම වෙනවා නම් ඒක අපි රටක් විදිහට ලබන දැවැන්ත පරාජයක්.ලෝක බලවතුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව නැටවෙන නායකයෙක් ඉන්නවා කියන්නේ ඒ රටට දෙයියන්ගෙම පිහිට තමයි.ඇත්තටම අනුර ප්‍රමුඛ මාලිමාව කතෝලික පල්ලියට රට පාවලා දීලා.ඒ විතරක් නෙවෙයි අනුර ඇතුළු තක්කඩි කල්ලිය විසින් විජේවීර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණත් කතෝලික පල්ලියට පාවලා දීලා තියනවා.
කතෝලික පල්ලියේ දේශපාලනය ගැන නිවැරදිම කියවීම තිබුණේ ජවිපෙට.කතෝලික පල්ලි විසින් කරන දේශපාලන ආක්‍රමණ පතුලේ තියෙන්නේ බටහිර අධිරාජ්‍යවාදයයි,ඇත්තටම ඉන්නේ CIA එක.ඒක ඉතිහාසයේ ජවිපෙ විග්‍රහට අනුවත් සියට සීයක් නිවැරදියි.ජවිපෙ නායක රෝහණ විජේවීරගේ ” ජාතික ගැටළුවට අපේ විසදුම ” පොතේ කතෝලික පල්ලියේ දේශපාලනය ගැන බරපතල විදිහට කතා කරනවා.
විජේවීරගේ දේශපාලන දැක්මට අනුව කොටි සංවිධානය සහ කතොලික පල්ලිය කියන්නේ එකිනෙකට වෙනස් එහෙත් අරමුණුවලින් බොහෝ දුරට සමාන ගරිල්ලා සංවිධාන දෙකක්. මේ සංවිධාන දෙක හරහා අපේ රටට ආවේ අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය සහ බෙදුම්වාදයයි. බටහිර අධිරාජ්‍යවාදයත් එක්ක බෙදුම්වාදය බොහෝදුරට එකිනෙකට අත්වැල් බැදගෙනයි මේ දක්වා ඇවිත් තියෙන්නේ.ඒක නිසාම මේ බෙදුම්වාදී සහ කතෝලික පල්ලියේ මතවාදයෙන් ජවිපෙ ගලවාගැනීමේ අනවරත අරගලයක විජේවීර යෙදිලා හිටියා.
දැන් ඉන්න ජවිපෙ තොත්ත බබාලා ඒක දන්නේ නැතිවුනාට ටිල්වින් ඒ කතාව දන්නවා.ඒක දැන දැනම තමයි ටිල්වින් මේ දුෂ්ඨ පාවාදීම කරන්න අනුරලාට ඉඩදීලා තියෙන්නේ.ජවිපෙ අභයන්තර වශයෙන් ආක්‍රමණය කරන්න කතෝලික පල්ලිය ඉතිහාසය පුරාම උත්සහ කළා.ඒ උත්සාහයට 1982 දක්වා දිවයන ඉතිහාසයක් තියනවා. ඔයාලාට මතක ඇති ඒ කාලේ ජවිපෙ විමුක්ති ගී කණ්ඩායමේ හිටිය සුනිලා අබේසේකර සහ චිත්‍රා බෝපගේ.එයාලා පල්ලියේ ගීතිකා කියපු අය.
එයාලා ජවිපෙ ඇතුලට එව්වේ පල්ලියෙන්.ජවිපෙ ඇතුලට කතෝලික පල්ලිය රිංගන්න දරපු පලවෙනි උත්සාහය ඒක.එයාලා ඇවිල්ලා අල්ලන්නේ පක්ෂයේ විජේවීරට විතරක් දෙවෙනි උන නායකයන් දෙන්නෙක්.ඒ කෙලී සේනානායක සහ ලයනල් බෝපගේයි.1982 දී විජේවීර මේ සියලුම දෙනා පක්ෂයෙන් අයින් කරන්නේ මේ කතෝලික පල්ලියේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් පක්ෂය බේරගන්න.ලයනල් බෝපගේ 1982 වෙනකොට දැරුවේ කොටි සංවිධානය කියන්නේ විමුක්ති සංවිධානයක් කියන මතයයි.
ලයනල් බෝපගේ කිව්වේ ජවිපෙත් කොටින් එක්ක එකතුවෙලා ලාංකීය විප්ලවය කරන්න ඕනි කියලයි.ඒක බෝපගේගේ තනි මතයක් කියලා රටේ රාළ නං හීනෙන්වත් විශ්වාස කරන්නේ නෑ. රෝහණ විජේවීර හිටියේ බෙදුම්වාදීන් එක්ක එකතුවෙලා කරන්න විප්ලවයක් අපට නෑ. විප්ලවයට ඉස්සෙල්ලා දෙමල බෙදුම්වාදය මතවාදීමය වශයෙන් පරජය කරලා දෙමල ජනතාව විප්ලවයට එකතු කරගන්න ඕනි කියන මතයේ.සුනිලා අබේසේකර,කෙලී සේනානායකත් එක්ක ප්‍රේම සම්බන්ධයක් හදාගත් නිසා අයින් කලා කියලත් සමහරු කියනවා.
කතෝලික පල්ලිය එදා විප්ලවයට කියලා සුනිලිලා එවලා ජවිපෙ අභයන්තරික වෂයෙන් ආක්‍රමණය කළා.ඒ ආක්‍රමණයෙන් පක්ෂය බේරගන්න විජේවීරට දැඩි තීරණ ගන්න සිද්ධවුනා.ජාතික ගැටලූව පොතේ විජේවීර
” කතෝලික සභාව නැමති ගොරිල්ලා සංවිධානය ” කියන වචනය පාව්චිචි කිරීමෙන් කතෝලික පල්ලියේ දේශපාලනය ගැන විජේවීර මොනතරම් සැලකිලිමත් උනාද කියලා ඔයලට හිතාගන්න පුළුවන් ඇති.හැබැයි අද සුනිලලා,කෙලී සේනානායකලා නෑ.චිත්‍රා බෝපගේලා ලයනල් බෝපගේලා නං තවම ඉන්නවා.
සුනිලලා,කෙලීලා වෙනුවට දැන් ඉන්නේ ටිල්වින්ලා,අනුරලා.අද ඒ පාවාදීමට වඩා දැවැන්ත පාවාදීමක් කරලා තියනවා.එදා කරපු පාවාදීම විජේවීර නිවැරදි කළා.හැබැයි අද විජේවීර පැරදිලා ඉවරයි.ලයනල් බෝපගේලා දිනලා ඉවරයි.දැන් ටිල්වින්ලා,අනුරලා කතෝලික පල්ලියේ ආක්‍රමණයට ජනතා විමුක්ති පෙරමුණත් එක්කම අපේ මාතෘභූමියත් පාවලා දීලා ඉවරයි.ආයෙත් බෙදුම්වාදය රට ඇතුලේ වේගයෙන් හිස ඔසවනවා.කතෝලික සභාවේ විජාතික න්‍යාය පත්‍රයේ ගොදුරක් බවට රටම පත්වෙමින් තියනවා.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ඨ කිරීමේ මුවාවෙන් ජවිපෙ සහ කතෝලික පල්ලිය දැන් එකට යහන්ගත වෙලා.දැන් අපේ රටේ මහා සංස්කෘතික විනාශ කරන්නේ එදා රටේ මහා සංස්කෘතිය විනාශ කරන එකට එරෙහිව සටන් කරපු ජවිපෙ.අද අපේ රටේ බෙදුම්වාදයට නිදහසේ වර්ධනය වෙන්න ඉඩදීලා තියෙන්නේ ජවිපෙ ප්‍රමුඛත්වයෙන් තියන මාලිමාව ආණ්ඩුවෙන්.ඇත්තටම මේ යන ගමන නැවැත්තුවේ නැත්තං ජාත්‍යන්තර න්‍යාය පත්‍රය ඉදිරියේ සහ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියේ අපි පරාජය වෙනවා.
ඒ පරාජය ආයෙත් හදන්න බැරි එකක් වෙයි.ඒකේ එක ප්‍රකාශණයක් තමයි රවී සහ ශානීගේ පත්වීම් දෙක.මේක තව කොච්චර දුර ගිහින් තියනවද කියලා කියන්න බෑ.අනුර කාදිනල් සම්බන්ධවය සැහෙන දුරක් ගිහින් කියලා හිතන්න පුලුවන් හේතුවක් තියනවා.ඒ තමයි අනුරලා බලය ගන්නවත් එක්ක කාදිනල්තුමාටත් පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉෂ්ඨ කරගන්න තිබුණ මහා ලොකු උවමනාව දැන් ඇත්තේම නෑ.
ඒ වෙනුවට කාදිනල්තුමා කරන්නේ පාස්කු ප්‍රහාරය දඩම්මා කරගෙන මේ තක්කඩි ආණ්ඩුව ලවා කතෝලික පල්ලියේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගැනීමයි.
හරි එහෙනං ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
13 Viewers





