• Home »
  • Articles »
  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා නම් මේ ආණ්ඩුවට හෙණ ගහන්න ඕන..

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා නම් මේ ආණ්ඩුවට හෙණ ගහන්න ඕන..

මෙහෙම කියන්නෙ මම නෙවෙයි මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මේ ආණ්ඩුව ගේන්න දර දිය ඇද්ද පෙරමුණේ රාළ කෙනෙක් වන මාලිමාවෙ න්‍යායචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

මම ඒක එතනිනුත් තව ටිකක් ඉදිරියට අරගෙන ගිහින් කියන්නෙ එය එසේ වනවා නම් ප්‍රසාදිනී ප්‍රමුඛ ආණ්ඩුවට පමණක් නොව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට චන්දය දුන් සැමටම හෙණ ගැසිය යුතු බවය.

හරිනි අමරසූරියගෙ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් අනිවාර්ය විෂය කොටසෙන් අයින් කර ඇත.

තරඟකාරී, අතිධාවනකාරී නව ආර්ථික ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපනය යාවත්කාලීන විය යුතුය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් බිහිවන මිනිසා සහකම්පනයෙන්, සංවේදිතාවයකින් තොර රොබෝ වරයෙකු නොවිය යුතුය.

ලෝකය සහ විශේෂයෙන්ම ලංකාව ගැන කතා කරද්දී 2000 න් පසුව බිහි වූ දරුවන් ගැන සීමා ඉර මායිම් ඇඳ කතා කරනවා. එසේ කතාකරන්නෙ ඔය මම ඉහත කියපු සහකම්පනයෙන් සහ සංවේදිතාවයෙන් තොර දරුවන් බිහි වී ඇති නිසාය.

අප එවැනි දරුවන් තව තවත් සමාජගත වීම වැලැක්වීම වෙනුවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් එම තත්ත්වය වර්ධනය කරනවා නම් එම ප්‍රතිසංස්කරණය එතනම ෆේල්ය.

ඉතිහාසය සහ සෞන්දර්ය පරිපූර්ණ මිනිසෙකු බිහි කරන්නෙ කෙසේද..? යන්න වෙනම පුළුල්ව සංවාදයට ලක් කළ යුතු මාතෘකාවකි.

හරිනි අමරසූරිය වැනි අය අගමැති ධූරයට, අධ්‍යාපන ඇමති ධූරයට පත් කිරීම පිටුපස තිබූ සැඟවුණු න්‍යායපත්‍රයද එයයි.

ජාතිකවාදී, ප්‍රගතිශීලී කඳවුරේ අප ඒ අනතුර කලින් හඳුනාගත් නමුදු දැයේ පවට බිහි වූ බහුතරයක් තම කර මතින් ඔවුන්ව රැගෙන ගොස් සිහසුනේ හිඳුවා ඔටුණු පැලන්දූවෝය.

ඔවුන් බලයට පැමිණ මාස 10 ක් යාමටත් පෙර අප අද එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් ඇත. අප ගොජ ගොජ ගා පැසෙන ගිනි කන්දක් උඩ වාඩි වී පට්ට රහයි කියමින් අයිස්ක්‍රීම් කන ගොබ්බ අවිචාරවත් ජාතියක් බවට පත්ව ඇත.

මෙච්චර කල් ඉතිහාසය සහ සෞන්දර්ය විෂය ඉගෙන ගෙන රටට, මිනිස්සුන්ට වූ සෙතේ මොකක්ද..? කෙනෙකුට එසේ තර්ක කළ හැකිය. තර්කය සාධාරණය. ඉතිහාසය හා සෞන්දර්ය ඉගෙන ගෙනත් මෙවැනි ජාතියක් බිහි වූවා නම් එසේ ඉගෙන නොගත්තා නම් බිහි වෙන අර්ධ පරිණාමික මිනිසුන් ගැන ඔබට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත.

ඉතිහාසය හා සෞන්දර්ය යනු රටක, ජාතියක සංස්කෘතිකයක ඉරණම තීරණය කරන ප්‍රබල සාධකය.

කොඳු නාරටියක් ඇති මිනිසුන් බිහි කරන ඉතිහාසයත්, සොඳුරු පරිකල්පනීය මිනිසුන් බිහි කරන සෞන්දර්යත් විෂය නිර්දේශයෙන් ඉවත් කරන උන්ට විරුද්ධව උද්ඝෝෂණය පමණක් කර ප්‍රමාණවත් නැත. එවැනි නායකයෙකුට සහ ආණ්ඩුවකට එරෙහිව ජනතාව පෝලිමෙ ගොස් පලි ගැසිය යුතුය. හෙන ඉල්ලිය යුතුය.

මොවුන්ට ඉතිහාසය අරහං වී ඇත්තේ ශ්‍රේෂ්ඨ සිංහල ජාතියක් සහ ඒ ජාතිය ගොඩනැගුණු බෞද්ධ පසුබිම නිසාය.

එබැවින් ජාතියක් ජන්මයක් නැ ති කල්ලතෝනි ස ක්කිලින්ට මේ ඉතිහාසය වහකඳුරුය.

අප හැමෝම වර්තමානයේ ජීවත් වන අතර අනාගතය සඳහා සැලසුම් සකස් කරන්නෙමු – නමුත් අපි යන්නේ කොතැනටද ..? එහි ප්‍රගතිය කෙබඳුද..? යන්න අපි තේරුම් ගන්නේ කෙසේද?

ඔබ යන්නේ කොතැනටද..? යන්න හරියටම දැන ගැනීමට නම් ඔබ මුලින්ම ඔබ පැමිණියේ කොහෙන්ද..? යන්න දැන ගත යුතුය. ඒ සඳහ ඉතිහාසය පිළිබඳ දැනගැනීම අත්‍යවශ්‍යය.

ඉතිහාසය යනු මිනිසා ඉගෙන ගන්නා වඩාත්ම ගෞරවනීය හා වටිනාම අධ්‍යයන විෂයයන්ගෙන් එකක් වන අතර, ඔවුන් ඉතිහාසය තම ජීවිතය පුරාම ඉගෙන ගත යුතුය.

ගිනි තියපියව්, කොටපියව්, මරපියව් කියු අතීතයක් තියෙන, ඇති හැකි මිනිසාට ඉරිසියා කරන, පවුල් සංස්ථාව කියන සංස්කෘතියක අක් මුල් ගැන හැඟීමක් නැති, තමන්ගෙ පුංචාම්මා සමග රමණයෙ යෙදෙන නායකයෙක් සිටින, තම විකෘති ආශාවන් සන්තර්පනය කර ගැනීම සඳහා තවුවෙන් තවුව අතුල්ලන දෙවෙනියක් සිටින රටක සංස්කෘතියක් ගැන කතා කර පලක් නැත.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා නොගන්නේ නම් එය මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි අනුර කුමාර දිසානායක ආණ්ඩුවෙ හෙට දවස සහ ආයුෂ තීරණය කරනු ඇත.

මුහුණ පොතෙන් උපුටා ගැනීමකි.



13 Viewers