අහෝ බංග්ලාදේශය…

බංගලියන්ගේත් අපෙත් වැඩි වෙනසක් නැති බව පෙනේ…

පාකිස්තානය විසින් පාලනය කළ  බංග්ලාදේශයට එසේ නොමැති නම් නැගෙනහිර පාකිස්ථානයට නිදහස ලබාදීමේ පුරෝගාමියා මෙන්ම නායකයාද ෂෙයික් මුජිබර් රහ්මාන් ‍ය..

නොඑසේ නම් අදටත් බංගලාදේශය යනු පාකිස්ථානයේ යටත් කොටසක් පමණි….

ඔහු සමස්ත ඉන්දියා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රබල සාමාජිකයෙක් වශයෙන් බ්‍රිතාන්‍යයෙන් නිදහසට ලබාගැනීමේ ව්‍යාපාරයේ පෙරමුණේ සිටි නායකයෙකු වූ අතර,
1950  තරම් ඈත අතීතයකදී අවාමි ලීගය හරහා ඔහු දේශපාලනයට පිවිසියේය.

එදා ඔහු පකිස්තාන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර නිදහස් බංගලි දේශයක් වශයෙන් පාකිස්තානයේ යටතේ පාලනය වූ ඉන්දියාවේ අනික් පැත්තේ පිහිටා තිබූ නැගෙනහිර පකිස්ථානය පත් කර ගැනීමට කල  කැපවීම නිසා වසර දහතුනක් පමණ සිරගත වී සිටීමට සිදුවිය..

1960  දශකයේ නැවත ප්‍රබල ලෙස අවාමි ලීගය හරහා ඔහු එකල නැගෙනහිර පාකිස්ථානයේ දේශපාලනය තුළ  සක්‍රීය විය.

1970 මැතිවරණයෙන් නැගෙනහිර පකිස්ථානය තුළ ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තත් පකිස්ථානු හමුදා නායකයා වූ අයුබ් ඛාන් ඔහුට බලය පැවරීමට සූදානම් වූයේ නැත…

ඉන් අනතුරුව ඇරඹුණු සන්නද්ධ අරගලය ඉන්දියාවේ සහයද ඇතිව ජයගත් ෂෙයික් මුජිබර් රහුමන් නිදහස් බංග්ලා දේශය බිහි කළේය….
නිර්මාණය කළේය…

ඔහු දීර්ඝ කාලයක් ජීවත් වූ නිවස  ඔහුගේ දියණිය කින් හෂීනා විසින් අනතුරුව සිය කාර්යාලය සඳහා භාවිතා කළාය..

දැනට වසරකට පෙර බංග්ලාදේශය තුළ ඇතිවූ  අරගලය තුළින් ශික් හසීනා රටින් පිටව ගිය අතර  එම මන්දිරය අරලගල කරුවන් සතුවිය..

එම මන්දිරය තුළ පවතින්නේ නිදහස් බංග්ලාදේශය නිර්මාණය වීමේ ප්‍රෞඪ ඉතිහාසයයි…

අද දිනයේ එය කෞතුකාගාරයක් බවට පත් කෙරේ..
ඒ බංගලාදේශය බිහිකළ නායකයා වෙනුවෙන් නොවේ..

ඔහුගේ ,
නිදහස් බංලාදේශයේ නිමැවුම්කරුවාගේ නිවස බලහත්කාරයෙන් අල්ලා ගත් අරගලකරුවන්ගේ අරගලයේ ජයග්‍රහණයේ සමරු සටහන් සහිත කෞතුකාගාරයක් වශයෙනි..

එම කෞතුකාගාරය තුළ ඔවුන්ට මෙම පෙරළූ යා නිදහස් බංදේශයේ නිර්මාතෘවරයාගේ පිළිරුවේ කැබලි,
එම රූපයට මුත්‍රා කරන බංගලිදේශ අරගලකරුවන්ගේ ඡායාරූප ආදිය ප්‍රදර්ශනය කළ හැකිය..

අපත් එකය…. උනුත් එකය..



14 Viewers