• Home »
  • Articles »
  • සුදු මහත්තුරුන්ගේ ජාතිකවාදී රැල්ල

සුදු මහත්තුරුන්ගේ ජාතිකවාදී රැල්ල

අද එංගලන්තය පුරාවටම විශාල කැම්පේන් එකක් යනවා ඒ තමා ජාතික කොඩි රැල්ල..

ඒක හරියට එදා අපේ රටේ අපි කරපු සිංහලේ රැල්ල වගේ රට ජාතිය ආගම මූලික උන කැම්පේන් එකක් !

ඇයි මේ ?

ඔවුන් තේරුන් ගත්තා ජාතිකත්වය බිල්ලට දීලා කරගත්තු අනවශ්‍ය සහජීවනය සංහිදියාව නාමයෙන්ම ඔවුන් කරගත්තේ තම අතින් තම ගෙල සිඳ ගැනීම කියලා ..

තමන්ගෙ දරුවගෙ බිම් කඩ වෙන එකෙක් තමන්ගෙ රටේම නීතියට අනුව නීත්‍යානුකූලව ඩැහැගනිද්දි තම රටේ තමාගෙ සුදු දරුවගේ අනන්‍යතාව අලුයම ලූ කෙල පිඬක් වගේ ඇස් පනාපිට අතුරුදන් වෙනව දැක දැකම

සුද්දා හරියට මස් කඩේට දක්කපු හරකා වගේ උනා ගැලවෙන්න ඕන උනත් ගැලවීමක් නෑ රැකගන්න ඕන උනත් රැකගන්ඩ බෑ ශක්තියක් නෑ ..

අනවසර සංක්‍රමණිකයන් නාමයෙන්ම ආවෙ එංගලන්තයට කොඩි විනයක් !

අද එංගලන්තය ඇතුලෙ මහ රැජිනගෙ පවුලට වඩා ඉඩ කඩම් / වෙළද සාප්පු කර්මාන්ත අයිති  කටාරයට ඉන්දියාවට පකිස්තානයට

පවුම් පිච්චියට පකිස්තාන්කාරයෝ රටේ පුරවැසිකම් ආධාර කාඩ් හැදුනුම්පත් ගහල අනවසර සංක්‍රමණිකයොන්ව නීත්‍යානුකූල කලේ මැස්සො වගේ ඉස්ම යන්ඩ එදා මහා බ්‍රිතාන්‍ය අද වෙනම මොකක්ද කුණු හරුපයක් උනා ..

මානව හිමිකම් අයිතිවාසිකම් සම අයිතීන් වගේ වඳුරු කුණුහබ්බ අපේ රටවලටත් බෝ කරල නීත්‍යානුකූලව රජයන් විදියට ත්‍රස්තවාදන් මර්ධනය කරනකොට ඒවටත් අත පොවල මානව හිමිකම් නාමයෙන් ඒකීය රටවල නිදහසට බාධ කරපු එංගලන්තෙ දැක්කෙ නෑ තමන්ගෙ රෙද්ද අස්සෙම දාගෙන කිරි පොවාගෙන හිටපු සර්පයන්ව .

එක අතකට මේක කර්මය !

අද සුද්ද එක අතකින් ජාතික කොඩියත් එක අතකින් කුරුසියත් අරන් පාරට බැහැල තමන්ගෙම රටේ තමන්ගෙම අයිතීන් වෙනුවෙන් සටන් කරන්ඩ උන මහා බ්‍රිතාන්‍ය්යයේ මහා ජාතියට උන මේ දේ නම් දෛවෝපගත සිදුවීමක් !

එදා සුද්දගෙ බයිනෙත්තු බලයෙන් මහ පොලවෙ වැළලුන  ඇමරිකාවේ ආදිවාසියෝ ඔස්ට්‍රේලියාවෙ ආදී වාසියෝ ඉන්දියාවේ ජාතිකවාදී වීරයෝ ලංකාවේ ස්වදේශික ජාතිකවාදී සිංහල නායකයො මහ පොලව බදාගෙන එංගලන්තය දිහා බලාගෙන සමහර විට කණගාටු වෙනව ඇති ..එංගලන්තයට වැදුනේ රටවල් විනාස කරපු සාපය ! බලහත්කාරයෙන් ආගම් සුන්නද්දූලි කරල තමන්ගෙ ආගම් මිනිස්සුන්ට බයිනෙත්තු බලෙන් බෝ කරපු සාපෙ !

අදටත් අපේ පුරාවස්තු වටිනා පුස්කොල පොත් හෙල වෙදකම / හෙල වැව් තාක්ෂණය / හෙලයින්ගේ එදා තිබිච්ච සියලුම සංස්කෘතික වටිනාකම් ඇති පුස්කොල අද තියන්නෙ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ උන් ඒව අදටත් විස්ලේෂනය කරනවා !
සුද්දො නැව් පිටින් එදා මංකොල්ල කාලා බ්‍රිතාන්‍යට පටවපු රන් රිදී මුතු මැණික් ,අද තියන්නෙ එහේ ධන කුවේරයො ලග නැතිනම් කෞතුකාගාර වල !

මේ නෙවේද සාපය ?

ඇමරිකාවෙ ආදිවාසීන් සමූළ  ඝාතනය කරන්න ඒ අහිංසකයින්ට සීත කාලෙදි උදව් කරන මුවාවෙන් සීත පොරෝනා රෙදි තෑගි කරපු සුද්දෝ ඒ රෙදි දෙන්න කලින් ඒවට වසූරිය ලෙඩේ රෝගකාරක එකතුකරලයි ඒ මිනිස්සුන්ට ඒ රෙදි දුන්නේ .බුරුතු පිටින් අහිංසක දරුවො මිනිස්සු ඉඩම් ඩැහැගන්ඩ සමූල ඝාතනය කලේ එහෙම !

එහෙම කරපු සුද්දන්ට අද තමන්ගෙ රටේ ඉඩම් ටික රැකගන්ඩ කොඩි අරන් පාරට බහින්ඩ සිදුවීමම කොතරම් දෛවෝපගතද ?

එදා සුද්දො රටවල් අල්ලගත්තම ඒ රටවල ඉන්න අහිංසක නොදියුනු මිනිස්සු කූඩු වල දාල සත්තු විදියට ඒව තමන්ගේ ජාතියේ ධන කුවේරයන්ට රදලයින්ට පෙන්නුල සතුටක් ලැබුවා !

කාටවත් හානියක් නැති ගස්ගල් අස්සෙ ස්වභාවදහම එක්ක  ජීවත් වුන  අප්‍රිකානු මිනිස්සුන්ව නිරුවතින් දම්වැල් දාල එක පෙලට අරන් ගිහින් තමන්ගෙ හිතවතුන්ට වහල්ලු විදියට තෑගි කලේ මේ කියන සුද්දො .. භාශාවක් දන් නැති කන්ඩ බඩගින්නට කෑම ටික ඉල්ලන්ඩ බැරි අනේ ඒ අසරණ කල්ලො කී දාහක් හාමත් වෙලා මැරිල යන්ඩ ඇත්ද ?
මේ නෙවේද සාපය ?
ලංකාවෙ අවුරුදු 500-600 පරණ මහා රූස්ස ගස් රූස්ස වැසි වනාන්තර එක යායට විනාස කරල තේ දාපු සුද්දට ඒ විනාස කරපු ස්වභාවදහම සතාසීපාවගේ ජීවිත ගැන එක පයිසෙක වටිනාකමක් තිබුනද  ? නෑ ඒක උගෙ රට නෙවේ ඒක උගේ යැපෙන්ඩ හදාගත්තු තාවකාලික කොළණිය ! අදටත් අපේ රටේ උන් කියනව අනේ සුද්ද අපේ රට තාම අල්ලන් හිටියනම් අපිටත් බ්‍රිටිශ් පාස්පෝට් නේද කියල ? හම්බෙයි උඹලට ලබ්බක් එහෙනම් අදටත් කලු හම තියන  උබල සුද්දගෙ වහල්ලු .උබලව බ්ටිශ් ගෙනියන්ඩ තරම් උන්ට මොළේ අමාරුවක් නෑ .බ්‍රිටිශ් ගෙනිච්චත් අද උඹලත් ඉන්නෙ ඒ සුද්ද අද වැටිල ඉන්න වලේමයි !

මට එංගලන්තේ ගැන එක අබමළ් රේණුවක දුකක් කැක්කුමක් නෑ !
උන් නිසා නැති උන මගේ මුතුන් මිත්තෝ මගේ රටේ වස්තුව උන් උරා බීපු මගේ රටේ සාරය ගැන මට තියන්නෙ දුකක් කැක්කුමක් !

සියවස් ගාණක් තිස්සේ  උන් වවපු දේ උන් අද ලබා ගත්තා !

තල වපුරා මුං අස්වැන්න බලාපොරොත්තු නොවෙන්න. තල වපුරන්නාට තලද මුං වපුරන්නාට මුං ද අස්වැන්න ලෙස ලැබෙනු ඇත.!

මේ කතාව කෙතරම් සමානද ?

කෙසේ නමුත් සුද්දගේ රැල්ලෙන් අපිට දෙන පණිවිඩයක් තියනවා ,

ඒක ජාතිවාදය නෙවේ ඒක ආගම්වාදය නොවේ..

බොරු සහජීවන සංහිදියා විකෘති ඔලුව උඩ තියාගෙන තමන්ගෙ කම තමන්ට අනන්‍ය ජාතිකත්වය විනාස කරගන්නා තැනත්තාට අවසානයේ ඉතිරිවන්නේ ඇඳිවත පමනයි..තමන්ගෙ රට තමන්ගෙ සංස්කෘතිය තමන්ගෙ ආගම සියල්ල සුන්නද්දූලි වී අවසානයේ සිදුවන්නේ  බල්ලගෙන් හැලුන මැක්කෙක් මෙන් තැනින් තැනට යන අහිගුණ්තක ජීවිතයක් පමණයි !

සිංහලයා සිංහල කම සිංහල බස තමාට උපතින් උරුම උනු උතුම් බුදු දහම පාවා නොදිය යුතුයි !

සුද්දාට උන් බෝකල උන්ගේ උදව්වෙන් හෝ ගොඩ ආ හැක !

නමුත් අපට ගොඩ එන්නට අප සුද්දන් මෙන් වෙනත් රටවල් තුල අපේ ජාතිය බෝකලේ නැත !

අවාසනාවක මහත අපට අප රට තුල ඉන්නේත් එදා සුද්දා බෝකර ගිය නමට සිංහල උනත් එදා ජාතිය ආගම ගෙඩිය පිටින් පාවාදී  බෝ කර ගිය කලු සුද්දන්ය !

අද බ්‍රිරිතාන්‍ය වෙනුවෙන් පාරට බහින්නට ජාතිකවාදී සුද්දන් සිටියාට හෙට ලංකාව රැකීමට පාරට බැසීමට එක ජාතිකවාදී සිංහලයෙකු නැත.

සිංහලයන් 80% පරයන් වී අවසන් බව පෙනෙන අතර ජාතිකත්වය ගැන කතා කරන තමන්ගේ කම අනන්‍යතාවයට ගරු කරන එය නිතර රැකගැනීමට උත්සහ කරන සැබෑ කැක්කුමක් ඇති ස්වදේශිකයින්වත් මෙකී කලු සුද්දන් විසින් විහිලුවටත් ගැරහීමටත් ලක් කරන අතර ඔවුන්ව ජාති වාදීන් ලෙස එක එල්ලයේම හංවඩුගසන්නේ ඔවුන් ඒ හරහා නිහඬ කරවීමටයි



6 Viewers