අනුර උතුරේ ජනතාව රවට්ටන්න එපා. එය භයානකයි…
මේ දවස්වල අනුර යාපනෙ ගොස් දෙමළ ජනතාවට කප්පරක් පොරොන්දු දෙනවා ඇසේ..
උතුරේ තරුණයන් ත්‍රස්තවාදී යුද්ධයකට පෙළඹුණේ දකුණේ සිංහලයන් නිසා හෝ සිංහල දේශපාලඥයන් නිසාද..?
උත්තරය… පැහැදිලිවම නෑ…
ඔවුන් 1975 දි යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනය කරමින් ත්‍රස්තවාදී කටයුතු වලට මුල් පියවර තැබුවේ උතුරේ ද්‍රවිඩ දේශපාලඥයන්ගෙ දේශපාලන බල අරගලය නිසාය.
ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා යනු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකි. එවකට යාපනය නගරාධිපති වූයේ දකුණේ සිංහල පක්ෂයක සාමාජිකයෙකි.
උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකයන් තමන්ගෙ දේශපාලන බල ව්‍යාපෘතිය වෙනුවෙන් උතුරු නැගෙනහිර තරුණයන් අවියක් කර ගත්හ.
ආණ්ඩුව සහ හමුදාව මෙයට මැදිහත් වන්නෙ ඉන් පසුවය..
එවිට ද්‍රවිඩ දේශපාලඥයන් තමන්ගෙ දේශපාලන පැවැත්ම උදෙසා දකූණ රාක්ෂයෙක් කරා ද්‍රවිඩ ජනතාවට පෙන්නූහ..
දකුණේ ජවිපෙ ත්‍රස්තවාදය සහ උතුරේ ත්‍රස්තවාදය ඇති වූ අනික් ප්‍රධානතම කාරණය කුල පීඩනයයි.
උතුරේ පොරොන්දු දේශපාලනයෙන් හෙම්බත් වූ ද්‍රවිඩ තරුණයින් අවසානයේදී ඔවුන්ව බිහි කර පෝෂණය කල උත්තරීතර නායක අමිර්තලිංගම්ව පවා ඝාතනය කළහ.
උතුරේ ද්‍රවිඩ ජනතාව යනු ධෛර්යමත්, ශක්තිමත් ජන කොටසකි. ඔවුන් දේශපාලඥයන්ට වඩා අවංකය. එහෙත් ඔවුන්ව රැවටීමෙ ප්‍රතිඵල භයානකය. අප එහි කුරිරු අත්දැකීම් විඳ ඇති රටකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනෙ ගොස් පවත්වන හැම කතාවකම කියන්නෙ යලි ජාතිවාදයක් ඇති නොවීමට ඉඩ නොදෙන බවයි..
මේ රටේ වත්මන් පරපුරටවත්, අනාගත පරපුරටවත් එවැනි අවශ්‍යතාවයක සේයාක්වත් නැත… දකුණේ වෙන නායකයෙක් ආවොත් ජාතිවාදී යුද්දයක් ඇති විය හැකි යැයි අනුර තමන්ගෙ දේශපාලන පැවැත්ම උදෙසා බොරු බිල්ලෙක් මවමින් ඇත.
රටේ ද්‍රවිඩ ජනගහනය 15% ක් පමණ වේ. ආසන්න වශයෙන් මිලියන 03 ක් පමණ වේ. ඔවුන් උතුරූ නැගෙනහිර මෙන්ම මධ්‍යම, සඹරගමුව, බස්නාහිර යන පළාත් වල ව්‍යාප්තව ඇත.
රටේ Blue Chip Companies බොහෝමයකම අයිතිකරුවන් සහ ඉහළ කළමනාකාරිත්වය ද්‍රවිඩය..
කොටුවෙ තොග වෙළඳාමෙහි සිට හඳුන්කූරු, අටපිරිකර දක්වා රටේ ඉහළම ව්‍යාපාරිකයන් බහුතරයක් අන්‍ය ජාතිකයන්ය.
ලංකාව පුරාම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට වෙන් වූ පාසල් ඇත.
කොළඹ, මහනුවර , ගාල්ල, මාතර, කළුතර යන දිස්ත්‍රික්ක වල මහනගර සභා බල ප්‍රදේශ ගත්තත් Majority එක ද්‍රවිඩ සහ මුස්ලිම්ය.
ද්‍රවිඩ, මුස්ලිම් ජාතිකයෙකුට මේ රටේ ඕනෑම තැනක ඉඩමක් මිලදී ගෙන පදිංචි විය හැකිය. එහෙත් තේසවලාමේ නීතිය අනුව සිංහලයාට යාපනෙන් ඉඩමක් මිළ දී ගත නොහැකිය.
මේ සියලු කාරණා සම්පිණ්ඩනය කර ගත් විට ද්‍රවිඩයෙකු හෝ මුස්ලිම් ජාතිකයෙකු වූ පමණින් ජාතිය නිසා ඔවුන්ට සිදු වී ඇති අසාධාරණය කුමක්ද..?
අතීතයෙ යම් යම් සුවිශේෂී අවස්ථාවන් කිහිපයකදි හැර අනිකුත් සෑම අවස්ථාවකදීම මේ සියලු ජාතින් සමගියෙන් සහජීවනයෙන් කටයුතු කර ඇත.
ජනාධිපතිවරයා යාපනෙ ගොස් යාපනය විශේෂිකරණය කොට හැඳින්වීම තුළම ඇත්තෙ බෙදීමකි. එසේ විය යුතු නැත. උතුරේ වේවා දකුණේ වේවා පොදුවෙ ඇති ගැටළුව ආර්ථික අසමානතාවය විනා වෙන ජාතිවාදී කෙංගෙඩියක් නොවේය.
මේ ඉතා සරල කාරණා කිහිපයක් පමණි. යම් පරිපාලන කටයුතු වලදි සහ ලිපි ලේඛණ කටයුතු වලදී භාෂාව ප්‍රශ්ණයක් වන අවස්ථා ඇත. එවැනි අවස්ථාවක එම කටයුතු ඒ ඒ භාෂාවන්ටත් තැනක් ලැබෙනවාට කවුරුවත් විරුද්ධ නොවනු ඇත.
එහෙත් වර්ග කිලෝමීටර් 65,610 ක කුඩා භූමි ප්‍රදේශයක ජාතිය, ආගම සහ භාෂාව අනුව භූමිය වෙන් කර දක්වා විශේෂිකරණය කළ යුතු නැත.
යාපනයද අපේය, මඩකලපුවද අපේය, අනුරාධපුරයද අපේය. එහි කිසිදු තර්කයක් නැත.
එහෙත් ජනාධිපතිවරයා උතුරෙ ගොස් කරණ කතා තුළින් උඹලා මේ රටේ වෙසෙන වෙනත් ජාතියක් යන හැඟීම ඔවුන්ගෙ හිත් තුළට කා වද්දමින් ඇත.
ඔබ බේරා ගැනීමට පැමිණි සිංහල දෙවියා මමය. අනිකුත් සිංහල දේශපාලඥයන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔවුන් ඔබගේ හතුරාය. ජනාධිපති නොකියා කියන පණිවිඩය එයයි.
සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩුණු ජනතාව රවටනවාට වඩා උතුරේ ජනතාව රැවටීම භයානකය. ඔවුන් ජීවත් වන්නෙ තමිල්නාඩු චිත්‍රපට පසුබිමකය. ඒ නිසා ප්‍රශ්ණ විසඳීමේදි ඔවුන්ගෙ ක්‍රමය මැදුම් පිළිවෙතක නැත..
අනුර… අප දේශපාලන බල ලෝභීත්වය නිසා වසර තිහක ශාප ලත් යුද්ධයක අමිහිරි අත්දැකීම් ලැබූවො වෙමු. නැවතත් ඒ පාප කර්මය කරන්න එපා.
අප සිංහල වූ පමණින් අපට ද්‍රවිඩ, මුස්ලිම් අය සමග ජාතිකත්ව ගැටළුවක් අදත් නැත. තිබිලාත් නැත. අපට තිබ්බෙ සිංහල සහ ද්‍රවිඩ ත්රස්තවාදීන් සමග ගැටළුවක් පමණි..
ඔබේ දේශපාලනය ඔබ කරන්න. එහෙත් ජාතිය, ආගම සුවිශේෂී කොට ඔබේ දේශපාලනය වේස කමේ යොදවන්න එපා.. මේ රටේ කවදාවත් ජාතිවාදී, ආගම්වාදී යුද්ධයක් තිබ්බෙ නැත.
නැවතත් කියමි. ඔබ අවුරුදු පහකින් ඔය පුටුවෙන් බැස යාවි. එහෙත් ඔබ ඔය හිත් තුළට ඇති කරන බෙදීමෙ විෂබීජය නැති කිරීමට දශක ගණනාවක් යනු ඇත. ඒ නිසා දැන්වත් ඔය සක්කිලි දේශපාලනය නවත්තන්න. වාචාල කමට කටට එන බොරු පොරොන්දු දී ඒ අහිංසක ජනතාව අන්දන්න එපා.
ඔබ මේ තෘප්තිමත් කරන්නට, චූන් කරන්නට උත්සාහ කරන්නෙ මේ රටේවත් නැති ද්‍රවිඩ ඩයස්පෝරාවේ සාමාජිකයන්ව නේද..?
අද ඔය ඔබ යාපනේ ගොස් රඟන්නෙ දශක ගණනාවක් පුරා මේ රටේ දේශපාලඥයන්, ත්‍රිවිධ හමුදාව සහ සමස්ත ජනතාව විශාල කැපකිරීමක් කොට නිදහස් කර ගත් භූමියකය. අඩුම ගානෙ ඒ කලගුණවත් ඉතුරු කර එන්න.
නිලන්ත සත්සර ගමගේ
3 Viewers





